Black Pork Curry හරියට හදාගන්නේ මෙන්න මෙහෙමයි.

ඌරු මස් එහෙම නැත්නම් පෝක් කියන්නෙ ගොඩක් දෙනෙක් කන්න කැමති කෑමක්. පෝක් හදන රසම විදියක් තමයි කලුව උයන එක, ඒ කියන්නෙ Black Pork curry එක. මේ එක්ක පාන් වගේ ම බත්, නූඩ්ල්ස්, ඉඳිආප්ප වගේ ඕනෙම දෙයක් කන්න පුලුවන්. කැකුළු බතුයි, රතු පාට පොල් සම්බෝලෙකුයි Black pork curry එකයි කියන්නෙ ඉතින් දිව්‍ය ලෝක රස කියලා තමයි තතු දත්තෝ කියන්නෙ.

අපි බලමු මේ බ්ලැක් පෝක් කරි එක හරියට ම හදාගන්නෙ කොහොමද කියලා.

අවශ්‍ය ද්‍රව්‍ය

  • ඌරුමස් 1kg
  • මිරිස් කුඩු මේස හැඳි හතරක්
  • ගම්මිරිස් කුඩු මේස හැඳි දෙකක්
  • බැදපු තුනපහ කුඩු මේස හැඳි තුනක්
  • සුදුළූණු 50g
  • ඉඟුරු 50g
  • සේර කෑල්ලක්
  • කරපිංචා සහ රම්පෙ
  • රතුලූණු 50gක්
  • ලුණු
  • විනාකිරි 25ml
  • එනසාල් ඇට 5ක්
  • කරාඹුනැටි 5ක්
  • කුඩා කුරුඳු පොත්තක්
  • තෙල් මේස හැන්දක්
  • වතුර

හදන්නේ මෙහෙමයි

මස්ටික ඉතා කුඩා කැබලිවලට කපා ගන්න.
දැන් දෙහි ගෙඩියක යුෂ දමා හොඳින් සෝදාගන්න. එවිට මස්වල ඇති අප්‍රසන්න සුවඳක් ඇත්නම් ඉවත් වෙනවා. ඉන්පසු තාච්චියක් ලිප තබා මිරිස් ටික තද පැහැ වන තුරු බැදගන්න. කලු වුණොත් තිත්ත රසයි. ඒ නිසා මදක් දුඹුරු වන විට තාච්චිය ලිපෙන් ඉවතට ගෙන එහි රස්නෙන් බැදෙන්නට දෙන්න. කබලේ බැදගත් තද දුඹුරු පැහැ මිරිස් කුඩු තමයි මේ සඳහා සුදුසු වන්නේ.

දැන් මැටි හට්ටියකට මස් ටික දමා, ඇති තරමට ලුණු සහ විනාකිරි එක් කරගන්න.
එයට ම මිරිස් ටිකත් එක් කරන්න. දැන් හොඳින් අනාගන්න. මෙය පැයක් පමණ තබන්න.

මැටි හට්ටියක් ලිප තබා ලූණු, තලාගත් ඉඟුරු සුදුලූණු, රම්පෙ, කරපිංචා සහ සේර තෙල්වලින් හොඳින් බැදගන්න. එයට තුනපහ සහ ගම්මිරිස් එක් කර තද පැහැ වන තුරු බදින්න. දැන් සීසන් කරගත් මස් ටික එක් කරගන්න. අවශ්‍ය පමණ වතුර දමා පැයක් පමණ අඩු ගින්නේ පිස ගන්න.

Related Articles

Don't Miss


Latest Articles