Office ගෙනියන්න low-carb snacks තුනක් 

Carb එහෙමත් නැතිනම් කාබොහයිඩ්‍රේට් කියන්නෙ නිරෝගී හැඩැති සිරුරක් වෙනුවෙන් සිහින දකින ඔබ ඉතාම සැළකිල්ලෙන් ආහාර වේලට එක් කරගත යුතු පෝෂණ සංඝටකයක්.

ඔබේ ආහාර වේලට හැකි තරම් අඩුවෙන් කාබෝහයිඩ්‍රේට් එකතු කර ගැනීමෙන් ඉතා වැදගත් ප්‍රතිඵල රාශියක් ලබාගන්න ඔබට පුළුවන්. 

ශරීරයේ අනවශ්‍ය බර අඩුකිරීම, PCOS වැනි තත්වයන් පාලනය කිරීම, කුරුළෑ ඇතිවීම අවම කරමින් සමට දීප්තිමත් පෙනුමක් ලබාදීම වගේම රුධිර පීඩනය නිවැරදි ලෙස පාලනය කිරීමත් ඒ අතරින් ප්‍රධානයි. 

ප්‍රධාන ආහාර වේල් අතරට අපි ආහාරයට ගන්න snacks (කෙටි ආහාර) වලින් අපි නොදැනුවත්වම හානිදායක කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණයක් අපේ ශරීරයට එකතු වෙනව. 

ඒ සඳහා විසඳුමක් විදිහට කාර්යබහුල ඔබට පහසුවෙන් පිළියෙල කරගන්න පුළුවන් low-carb snacks (කාබෝහඩ්‍රේට් අඩුවෙන් අඩංගු කෙටි ආහාර) තුනක් ගැන ඔබව දැනුවත් කරන්නයි අපේ මේ සූදානම. 

Toasted coconut chips – ටොස්ට් කරන ලද පොල් කැබලි

කැලරි ප්‍රතිශතය – 63%

අවශ්‍ය ද්‍රව්‍ය

සිහින්ව පෙති කපාහත් අමු පොල් කැබලි අවශ්‍ය ප්‍රමාණයට

ලුණු ස්වල්පයක්

කුරුඳු කුඩු මේස හැඳි ½ – 1 පමණ (අත්‍යාවශ්‍යම නොවේ) 

සදාගන්නා අකාරය 

සාස්පානක් ලිප තබා එය මඳ ගින්නේ හොඳින් රත් කරගන්න.

රත් වූ සාස්පානට සිහින්ව කපාගත් පොල් කැබලි එකතු කරන්න.

වරින් වර පැත්තෙන් පැත්ත පෙරලමින් පොල් කැබලි ළා දුඹුරු පාට වන තුරු රෝස් කර ගන්න.

පොල් කැබලි ලිපෙන් ඉවතට ගෙන වෙනත් භාජනයකට දමා කුරුඳු කුඩු හා ලුණු රස අනුව එකතු කරමින් කලවම් කරගන්න. 

නිවුනු පසු ආහාරයට ගත හැක. 

හුළං නොවැඳෙන සේ භාජනයක අසුරා පසුව ආහාරයට ගැනීමටද හැක. 

Banana muffins – කෙසෙල් මෆීන් 

කැලරි ප්‍රතිශතය – 79%

අවශ්‍ය ද්‍රව්‍ය

ඉදුණු කෙසෙල් ගෙඩි 03 ක් 

බිත්තර 02 ක්

ඕට්ස් (oats) කෝප්ප 02 ක්

බේකින් පවුඩර් මේස හැඳි භාගයක් පමණ

මේපල් සිරප් (maple syrup) හෝ පැණි (මී පැණි නම් වඩා හොඳයි) කෝප්ප 1/4

බටර්

සදාගන්නා ආකාරය

350 ෆැරන්හයිට් / 175 සෙල්සියස් උෂ්ණත්වයට ඔබේ අවන් එක රත්වීමට තබන්න.

කප් කේක් තැටියක් ගෙන එහි බටර් ආලේප කර සූදානම් කර තබාගන්න.

කෙසෙල්, බිත්තර, ඕට්ස්, බේකින් පවුඩර් හා මේපල් සිරප් හෝ පැණී සියල්ල එකම භාජනයකට දමා කැබලි නොසිටින සේ හොඳින් මිශ්‍ර කරගන්න.

(බ්ලෙන්ඩර් කිරීමටද හැකිය) 

එක් කොටසකට මිශ්‍රණයෙන් ¾ ක ප්‍රමාණයක් පිරවෙන සේ එම මිශ්‍රණය සූදානම් කරගත් තැටියේ කොටස් වලට දමාගන්න.

කලින් රත් කරගත් අවන් එකේ විනාඩි 15 ක් බේක් කරගන්න.

නිමෙන්නට තබා අහාරයට ගත හැක. 

හුළං නොවැදෙන භාජනයක දමා හෝ ශීතකරණයේ උඩ කොටසේ තබා පසුව රත්කර දින දෙකක් හෝ තුනක් පමණ ඇතුලත් ආහාරයට ගත හැක. 

Beet chips – බීට්රූට් බයිට් 

කැලරි ප්‍රතිශතය – 45%

අවශ්‍ය ද්‍රව්‍ය 

සිහින්ව පෙති කපන ලද බීට් රූට් ගෙඩි 02 ක් පමණ

ඔබ කැමති තෙල් වර්ගයක් ( ඔලිව් ඔයිල් නම් වඩා හොඳයි)

ලුණු මේස හැඳි ½ – 1 ක්

සාදාගන්නා අකාරය

ෆැරන්හයිට් 300 / සෙල්සියස් 148 උෂ්ණත්වයට ඔබේ අවන් එක රත් වීමට තබන්න. 

බේකින් තැටියක් ගෙන එයට තෙල් කඩදාසියක් දමා සූදානම් කර තබන්න.

භාජනයක් ගෙන එයට බීට්රූට් පෙති, ලුණු හා තෙල් ස්වල්පයක් දමා හොඳින් කලවම් කරන්න. 

එක උඩ එක නොසිටින සේ කලින් සූදානම් කරගත් තැටියේ බීට්රූට් පෙති අසුරා ගන්න.

විනාඩි 45 ක් පැයක් පමණ බේක් කරගන්න. 

(විනාඩි 45 කින් පසු බීට්රූට් පෙති ක්‍රිස්පි ගතියට තිබේ දැයි බලා අවශ්‍ය නම් තවත් ටික වේලාවක් බේක් කරගන්න)

නිමෙන්නට තබා ආහාරයට ගන්න.

හුළං නොවැදෙන සේ අසුරා තබා පසුව ආහාරයට ගැනීමටද හැක. 

ඉතිං මේ low-carb snacks (කාබෝහඩ්‍රේට් අඩුවෙන් අඩංගු කෙටි ආහාර) වර්ග තුන ඔබේ කාර්යබහුල ජීවිතයේ පෝෂණ අවශ්‍යතා පහසුවෙන් සපයා ගැනීමට ඔබට උදව්වක් වෙයි කියලයි අපේ විශ්වාසය.

මෙවැනිම රසවත් ගුණවත් ලිපියකින් අපි නැවත හමුවෙමු.

සටහන – දුලානි නවෝද්‍යා 

Related Articles

Don't Miss


Latest Articles