බබා එක්ක සාප්පු සවාරියේ යනවානම්…

පොඩිත්තන්ට එක තැනක ඉන්නට හිතක් නම් ඇත්තේම නැහැ. එනිසාම සාප්පු සවාරි, ගමන්බිමන්වලට  එක්කරන්නෙ ඒ නිසා නිවසින් එළියට බහින්නට පෙර ඔබ දෙන අවවාද අනුශාසනා බොහොම ඉක්මනින් ඔවුන්ගේ ජීමතකයෙන් ගිලිහේ. ‘අම්මා හෝ තාත්තා ළඟම ඉන්න හොඳද’ ලෙසින් ඔබ පැවසුවද වයස අවු 2-8 වයස් කාණ්ඩවල පසුවන දරුවෙකුට එලෙස සිටීම අසීරුයි.

යමක් දුටු සැණින් තෘප්තිමත් වන මානසිකත්ව බහුතරයකටම නැති නිසා දරුවා ඔබේ උපදෙස් නොපිළිපදින්නට බෙහෙවින් ඉඩ තිබේ.  බොහෝ විලාසිතාගාර ආරක්ෂක නිලධාරීන්ගේ සහාය ලබාගන්නා නිසා දරුවා ඔබට පෙනෙන මානයේ ඇවිද සිටීම අස්වැසිල්ලක් ලෙසින් සිත සනසා ගන්නට ඔබ කිසිවිටෙක උත්සාහ නොගත යුතුය. ඇසිපිය සලන මොහොතද ඔබේ දරුවාට අනතුරක් වන්නට අවස්ථාවක් සැලසෙන බැවින් කල්පනාකාරීවීම අත්‍යාවශ්‍යයි.

නව සාප්පු සංකීර්ණවල පාරිභෝගික පහසුව සඳහා විදුලි පඩිපෙළ හෝ විදුලි සෝපාන සහාය ලබාදී ඇත. මෙවැනි අවස්ථා ප්‍රයෝජනයට ගැනීමේදී දරුවා පිළිබඳව අවධානයෙන් සිටීම වැදගත්. බඩුමලු දෙකතුනක් අතැතිව ගමන්කරන ඔබ, දරුවාගේ අත මොහොතකට හෝ නිදහස් නොකළ යුතුයි. ඔවුන්ට මෙය විනෝදාකාරී සෙල්ලමක් ලෙස හැඟුණද එය එලෙසින් භුක්ති විඳීමට යෑම අනතුරු බව පවසා දරුවා සමඟ එතැනින් පිටත්වීමට වගබලා ගැනීම අවශ්‍ය වෙයි. සුපිරි නිමාවකින් යුතු මෙවන් විලාසිතාගාරවල පොළොවෙහි ලිස්සන සුලු ස්වභාවය ඇතැම් දරුවෙකුට විනෝදකාරී සෙල්ලමක් විය හැකි නමුත් එය එසේ නොවන හෙයින් අනිවාර්යයෙන්ම අවධානයෙන් සිටින්න. එසේම තට්ටු කිහිපයකින් සමන්විත ඇතැම් සාප්පු සංකීර්ණ ඉහළ මහලේ සිට පහත මහල හොඳින් පෙනෙන ලෙස නිර්මාණය කර ඇත. සමහර විට ඔබේ දරුවා එහි ඇති සඳලුතල, විනිවිද පෙනෙන වැටෙන් පහත මහල දෙස එබී බලන්නට උනන්දු විය හැකිය. මෙවැනි දේවල්වලින් සිදුවන අනතුරු ලොව නන් දෙසින් නිරතුරු වාර්තාවේ.

පොඩිත්තා එක තැනක තබාගන්නට හොඳම විසඳුම පැණි රස ගොන්නක් බව බොහෝ වැඩිහිටියන්ගේ විශ්වාසයයි. යම්දුරකට එය සාර්ථක ලෙස හැඟුණද ඒ නිසාද විවිධ කරදරයන්ට මුහුණදීමට සිදුවිය හැකිය. අධික පැණි රස ගොන්නක රස බැලීමට ගොස් නිදිමත ස්වභාවයක් මතුවීමට, අජීර්ණ තත්ත්වයක් ඇතිවීම හෝ ටොෆී වැනිදෑ නාසයේ/ උගුරේ සිරවීමක් පවා සිදුවිය හැකිය.

දරුවන් සමග ෂොපිං යෑම එතරම් ලෙහෙසි නොවන්නා සේම එය අවදානම් කටයුත්තකි. නමුත් මෙවන් අවස්ථාවකද ඇතැම් ස්වාමිවරුන්ගෙන්ද ඔබ බලාපොරොත්තු වන සහයෝගයක් නොලැබෙන්නේ නම් දරුවන් පිළිබඳව මනා සිහියක් තිබිය යුතුය. නැති නම් සහායට වෙනත් වැඩිහිටියෙකු ඔබේ සහායට කැඳවාගෙන යා හැක. එසේම එකම දිනයක සියලු අවශ්‍යතා සපුරා ගැනීමට නොගොස් එය දින කිහිපයකට බෙදා අවශ්‍යතා මිලදී ගැනීම සිදුකළ යුතුය. යා යුතු ස්ථාන පිළිවෙළට ලැයිස්තු ගත කරමින් සහ දරුවන් සමග ගමන් කිරීමට පහසු ඇඳුමකින්ද, ගමන්මලු කිහිපයක් දැමිය හැකි මල්ලක් රැගෙන යෑමෙන්ද යම්තාක් දුරකට මෙකී ගැටලු මගහරවා ගැනීමට හැකියාව ඇත. මේ ආකාරයෙන් කටයුතු කලොත් පරිස්සමින් පොඩිත්තන් සමඟ සාප්පු සවාරියේ යෙදෙන්නට හැකිවේවි.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles