දරුවන්ගේ ආහාර සැකසීමට Microgreens ගුණදායක බව ඔබ දැන සිටියා ද?

මයික්‍රොග්‍රීන් ලෙස හඳුන්වන්නේ ආහාරයට ගන්න පුලුවන් එළවළු හා පැළෑටිවල බීජ පැලයි. මෙය අසූව දශකයේ පටන් ජනප්‍රිය වූ අතර, ආහාරයේ වර්ණය සහ රසය වැඩිදියුණු කිරීම සඳහා යොදාගත්තා. වෙනත් රටවල ආර්ථික වගාවක් වශයෙන් මෙය සිදු කරනවා. ලංකාවේ බොහොමයක් බීජ වර්ග වගා කරන්න පුළුවන්.

මයික්‍රෝග්‍රීන් වල පෝෂ්‍ය ගුණය සාමාන්‍ය එළවළු පළතුරු වලට වඩා හතලිස් ගුණයකින් ඉහළ බව කියවෙනවා. ඒ නිසා දරුවන්ගේ ආහාර වලට ඉතාම ගුණදායකයි.

මයික්‍රොග්‍රීන් වල ප්‍රයෝජන මොනවාද?

  • රෝග පාලනය කිරීම.
  • සිරුරේ බර පාලනය කිරීම.
  • කායික මානසික සෞඛ්‍ය යහපත්ව පවත්වා ගැනීමට උදව් වීම.

මයික්‍රොග්‍රීන්  ලෙස ලංකාවේ වැවීමට හැකි බෝග වර්ග මොනවාද?

  • උළුහාල්, අබ, ගෝවා, රාබු, කැරට්, අතු ගෝවා, බීට්, සලාදකොල සහ තම්පලා වර්ග ඉතා පහසුවෙන් වගා කරන්න පුළුවන්.
  • මුං ඇට, කවුපි, කඩල
  • සුරියකාන්ත,කොත්තමල්ලි, අසමෝදගම්, නිවිති, වට්ටක්කා
  • ඇත්තටම ඔබ කැමති ඕනෑම දෙයක් අත්හදා බලන්න පුළුවන්.

කොහොමද මේවා වවන්නේ?

  • සාමාන්‍ය පස, කොහුබත්, කොම්පෝස්ට් මිශ්‍ර මාධ්‍යයක් වඩා යෝග්‍යයි.
  • දැන් මිශ්‍රණය අඟල් 2 ක් පමණ උසට යොදාගන්න.(පස් මිශ්‍රණය ඉතා තුනී වුණත් ගැටලුවක් නැහැ)
  • ජලය යොදන්න.
  • දැන් ඇට වර්ග ලඟින් විසුරැවා ගන්න. (ලොකු ඇට වර්ග පොඟවා ගන්න)
  • එය මත පස් ඉතා ස්වල්පයක් යොදන්න (අනිවාර්ය නැහැ)
  • එය උණුසුම් නොවන හෝ ඉතා සීතල නොවන ස්ථානයක තබන්න (ජනේලයක් ආසන්නයේ හෝ නිවස තුල, බැල්කනිය තුල)
  • දිනකට දෙවරක් ජලය ස්ප්‍රේ කරන්න (උණුසුම් කාලගුණය තිබේ නම්, නැත්නම් එක වරක් ඇති).
  • පස් නොමැතිව වුණත් කඩදාසි මත, ගෝනි මත වගා කරන්නට පුලුවන්. ඉතාම සරලයි.

මේ වගාව සාර්ථක වීමට ඔබේ වගා දැනුම වගේම උත්සාහය සහ ආශාව හරිම වැදගත්. ඉතින් ස්මාර්ට් ගෘහණියක් ලෙස ඔබේ ගෙවත්තෙත් මයික්‍රොග්‍රීන් වවලා බලන්න.

-ඉරේෂා-

Related Articles

Don't Miss


Latest Articles