French Toast රස කිහිපයකින් හදාගන්නේ මෙහෙමයි

උදෑසනට ලේසියෙන් පහසුවෙන් හදාගන්න පුළුවන් කෑමක් තමයි ෆ්‍රෙන්ච් ටෝස්ට් කියන්නේ. ඉතිං අද අපි කියලා දෙන්නේ රස කිහිපයකින් ෆ්‍රෙන්ච් ටෝස්ට් හදන ක්‍රම කිහිපයක් ගැනයි .වැඩි වියදමක් වගේම වැඩි කාලයක් යන්නේ නැති නිසාම උදෑසනට මෙය ඉතාම සුදුසුයි.

Classic French Toast

අවශ්‍ය ද්‍රව්‍ය

  • පාන්පෙති කිහිපයක්
  • බිත්තර 5
  • කිරි කෝප්ප 2
  • සීනි කෝප්ප 1/2
  • වැනිලා ටිකක්
  • ලුණු ටිකක්

සාදා ගන්නා ආකාරය

  • මුලින්ම පාන්පෙති ටික කුඩා කැබලිවලට කපාගන්න.
  • බිත්තර, කිරි, වැනිලා හා සීනි භාජනයකට දමා හොඳින් බීට් කරගන්න.
  • එම මිශ්‍රණයට පාන් කැබලි එක් කර පොඩි නොවන ලෙස හොඳින් කලවම් කරගන්න.
  • අවශ්‍ය ප්‍රමාණයට ලුණු ස්වල්පයක් එක කර ගන්න.
  • පසුව මෆින් ට්‍රේ එකකට බටර් ටිකක් ගාලා මේ මිශ්‍රණය දාලා සෙල්සියස් 180°ට විනාඩි15ක් බේක් කරගන්න.

French Toast Sausage Roll Ups

අවශ්‍ය ද්‍රව්‍ය

  • සොසේජස් කිහිපයක්
  • පාන් පෙති කිහිපයක්
  • බිත්තර 5ක්
  • ලුණු ස්වල්පයක්

සාදා ගන්නා ආකාරය

  • පාන්පෙත්තක් ගෙන එහි කෙළවරට සොසේජස් එකක් තබා රෝල් කරන්න.
  • බිත්තරවලට ලුණු ටිකක් දාලා බීට් කරගෙන මිශ්‍රණයක් සකසා ගන්න.
  • හදාගත්ත රෝල්ස් බිත්තර මිශ්‍රණයේ දවටන්න.
  • පෑන් එකක බටර්ද දමා රෝල් එක සෙට් වෙන්න බැදගන්න.
  • පසුව වටේටම රෝල් කරමින් හොඳින් බැදගන්න.

Milk French Toast

අවශ්‍ය ද්‍රව්‍ය

  • ෆ්‍රෙෂ් මිල්ක් මේස හැඳි 4ක්
  • බිත්තර 3ක්
  • වතුර මේස හැඳි 3ක්
  • වැනිලා එසන්ස් තේ හැඳි ½ ක්
  • පාන් පෙති 8ක් පමණ

සාදා ගන්නා ආකාරය

  • මුලින්ම බිත්තර සෙමින් ගසාගන්න. පසුව එයට ෆ්‍රෙෂ් මිල්ක් සහ වතුර එකතුකර හොඳින් ගසාගන්න.
  • ඉන්පසු එම මිශ්‍රණයට වැනිලා ස්වල්පයක් එකතු කරන්න.
  • පාන් පෙතිවල වාටිය කොටස් ඉවත් කර දෙකට වෙන් වන සේ කපා ගන්න.
  • ඉන්පසු කපාගත් පාන් කොටස් කළින් සාදාගත් බිත්තර මිශ්‍රණයේ පොඟවාගන්න.
  • රත් කරගත් පෑන් එක මත පාන් පෙති තබා, මද රස්නයෙන්, රන්වන් පැහැ වනතෙක්, විනාඩි 4ක් පමණ ෆ්රයි කරගන්න.
  • ඒ ආකාරයටම බටර් හෝ මාගරින් සමග සියලුම පාන් පෙති ෆ්රයි කරගන්න.

පාන් නිකන්ම ආහාරයට එක්කර ගන්නවාට වඩා මෙවැනි ආකාරයෙන් ආහාරයට එක් කර ගැනීම රසවත් මෙන්ම ගුණදායි වනවා. ඒ නිසාම ඔබත් ඔබගේ උදෑසන ආහාරවේලට රසවත් ෆ්‍රෙන්ච් ටෝස්ට් අදම එකතු කර ගන්න

Related Articles

Don't Miss


Latest Articles