ඩොලර් මිලියනයක වත්කමක් හිමි මහමග පුංචි වයලීන වාදන ශිල්පිණිය කැරොලිනා

මේ වන විට ලොව පුරා ඉමහත් ජනප්‍රියත්වයට පත් යොහානි ද සිල්වා ගායනා කරන  ‘මැණිකේ මගේ හිතේ’ ගීතය, අමෙරිකාවේ ජනාකීර්ණ වීදියක පුංචි දැරියක් ඉතා මිහිරිව  වාදනය කරන අයුරු මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ නිතර දක්නට ලැබෙනවා.

එම වාදනය ඉදිරිපත් කරන්නේ තවමත්  දොළොස් හැවිරිදි වියේ පසු වන පුංචි දැරියක්.ඇය නමින්  කැරොලිනා ප්‍රොට්සෙන්කෝ.2008 ඔක්තෝබර් 3 වැනි දින යුක්රේනයේ සංගීත පවුලක ඇය  උපත ලබා තිබෙනවා. ඇගේ දෙමාපියන් ගිටාරය සහ පියානෝව වාදන ශිල්පින්.

කැරොලිනා ගැන ලංකාවේ අවදානය යොමු වුණේ  මැණිකේ මගේ හිතේ ගීතය වීදි  වාදනය තුළින් වුවත් ඇය  දැනටමත් රසික පිරිස මිලියන 50ක් ඉක්මවූ you tube නාලිකාවක හිමි කාරියක්.ඒ අනුව දොළොස් හැවිරිදි වුණත් දැනටමත් ඇය තම දක්ෂතාවයෙන්  බිලියනපතිනියක්  වී හමාරයි.ඒ ලොව පුරා ඉමහත් ප්‍රේක්ෂක ආදරයක් සමග වීමත් විශේෂත්වයක්.මේ ඇය පිළිබඳ ඔබ නොදත් කතාවයි .

 යුක්‍රේනයේ එවකට පැවති දරුණු ආර්ථික කඩා වැටීම්  තත්ත්වය නිසා   පුංචි  කැරොලිනාට වයස අවුරුදු 6 දී සිය පවුල සමග ඇමරිකාවට  සංක්‍රමණය වුණා. මෙම සිද්ධිය ඇයගේ ජිවිතයේ නව මාවතක් විවර කරා.  එම වසරේම වයලීනය වාදනයේ අධ්‍යනය ආරම්භ කළ කැරොලිනා  සම්භාව්‍ය ශිල්පිනයක් ලෙසින් පෙරට ඒමට අවශ්‍ය පුහුණුවද නිසි ආකාරයෙන් ලබා ගෙන තිබෙනවා.

පුංචි කැරොලිනා පවසන පරිදි ඇයට මුලින්ම වයලීනය වාදනය කරන්න උගන්නන්නේ ඇගේ මව.ඇය කුඩා කාලයේ ඇගේ  මව අහලා තියෙනවා වැඩියෙන්ම කැමති ෆ්ලුට් එකටද වයලිනයටද කියලා.ඒ වන විට වයලීනයක් සැබවින් දැකලා නැති වුණත් කැරොලිනා කියලා තියෙන්නේ තමන් වයලීන වාදනයට කැමති බවයි.එහෙම තමයි ඇය මේ වයලීන වාදනයට යොමු වන්නේ.

කැරොලිනා 2017 වසරේ සිය යුටිබ් නාලිකාව මගින් සමාජ මාධ්‍ය වෙත පිවිසෙමින්  ලෝකය පුරා රසිකයන් පිනවිම ආරම්භ කළා. මේ වන විට ඇය සතුව you tube චැනල් 3ක් පවතින අතර ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් ගිණුමක්ද පවතිනවා.

වසර 2 කටත් අඩු කාලයකදී ඇගේ රසික පිරිස මිලියන 50ක් දක්වා වර්ධනය වී ඇති අතර එහි ව්‍යාප්තිය රටවල් 50 කටත් වැඩි ගණක්. යූ ටියුබ් සහ අනෙකුත් මාධ්‍ය වෙබ් අඩවිවලින් ඇගේ වීඩියෝ මිලියන 500 කට වඩා වැඩි වාර ගණනක් නරඹා තිබෙනවා.

youtube  ඔස්සේ ඇය ජනප්‍රිය වනවාත් සමගම ඇයව හොයාගෙන මාධ්‍ය වාර්තාකරුවන් බොහොමයක් එන්න පටන් ගෙන තිබෙනවා.කැරොලිනා  පිළිබඳව විවිධ රූපවාහිනී වැඩසටහන් මෙන්ම සඟරා පුවත්පත් තුළද විශාල වශයෙන් කතා බහ වනවා.ඒ අනුව ඇය මීට වසර දෙකකට ඉහතදී  එක්  වූ ලෝකප්‍රකටTv වැඩසටහනක් වන The Elen Show වෙත එක්  වෙමින් පැවසුවේ තමන්ගේ පවුලේ අයට ඉන්න නිවසක් හදා ගන්න තමන් හීන  දකින බවයි.  අද වෙද්දී ඇය එම හීනය හැබෑ කර ගෙන අවසන් මෙන්ම මේ වන විට ඇගේ  වත්කම ඩොලර් මිලියනයක් පමණ වනවා.

කැරොලිනා උපයන මුදල්වලින් සමාජ සුබ සාධන කටයුතු උදෙසාද මුදල් වෙන් කර තිබෙනවා. ඒ අනුව ඇය දුප්පත් දරුවන්ගේ සුබ සාධන කටයුතු වෙනුවෙන් සෘජුව මැදිහත්වන අයෙක් බවටයි වාර්තා වන්නේ.

ඇගේ youtube නාලිකාවේ subcribes ප්‍රමාණය මේ වන විට මිලියන 5.88ක් වනවා.මේ කුඩා වාදන ශිල්පිනිය මේ වන විට ලොව පුරාම පෙරළිකාර චරිතයක් වී හමාරයි.

ඉතිං තවමත් 12 වියේ පසුවන පුංචි කැරොලිනාගේ වාදන වීඩියෝ ලොව පුරා නැරඹුම් වාර මිලියන 200ය ඉක්මවලා තියෙනවා.කැරොලිනාගේ ලබා ගෙන තිබෙන මේ ජනප්‍රිත්වයත් සමග ඇය සැබවින්ම අති  විශිෂ්ඨ බව කිව යුතුමයි.

Related Articles

Don't Miss


Latest Articles