මිරිස්කුඩුවලින් පවා පළිය ගත් පීඩිත ගැහැණුන්ගේ කතාව

පහත් කුලවල ඉපදෙන ගැහැනු උසස් යැයි සම්මත කුලවල ඉපදෙන මිනිසුන්ගේ ලිංගික ගොදුරු වූ කතා අපි කලා නිර්මාණවල අනන්‍ත වාරයක් දැකලා තියෙනවා.මිනිසත්කම සියල්ලට ඉහළින් තිබිය යුතු බව නොසිතන තාක් එවැනි සිදුවීම් වල අඩුවක් වෙන්නෙත් නෑ.

අපේ අසල්වැසි ඉන්දියාවෙත් මෙවැනි නිහීන සිදුවීම් වල අඩුවක් නෑ.ජීවිතය ගැන අනේක සිහින පුරවා ගත් යෞවනියන් රාගී ගින්නෙන් දැවෙන අප්‍රසන්න පිරිමින්ට ගොදුරු වීම ඉතා විශාල ඛේදවාචකයක්.

මේ වගේ සිදුවීමක් අලලා නිපදවුණු චිත්‍රපටියක් තමයි 200 Halla ho චිත්‍රපටිය.යුක්තිය සාධාරණත්වය සහ සමානාත්මතාව ගැන අපූරුවට පැහැදිලි කරන මේ චිත්‍රපටිය IMDB අගය 7.6 පමණ දිනා ගන්නට සමත් වූ Crime history Thriller ශානරයේ චිත්‍රපටියක්.Alok Batra Sarthak Dasgupta ගේ මුල්ම අධ්‍යක්ෂණය වන මේ චිත්‍රපටිය ලියා තිබෙන්නේ Sarthak Dasgupta සහ Gaurav Sharma විසින්.

අපි අද ඔබට කියන්නේ මේ චිත්‍රපටයේ කතාව ගැනම නෙවෙයි.මේ චිත්‍රපටිය ඇරඹෙන්නේ විශාල කලබගෑනියකින්.සැලසුම්සහගතව උසාවියක් ඉදිරියේ සිදුවන මේ කලබගෑනිය නිසා සිදු වෙන ඝාතනය ගැන පශ්චාත් මරණ පරීක්ෂකයා පවා පැටලීමට පත් වෙනවා.

මොකක්ද මේ කලබගෑනිය.ඒ කලබගෑනියට හේතු වෙන්නේ Akku yadev නම් මිනිසෙක්.

“අද රෑට උඹලගෙ ගෙදරින් කෙල්ලක් එවපං..නැත්නම් පෙති ගහලා මරනවා..”

නාග්පූර්හි වෙසෙන අක්කු යාදව් නම් මිනිසා දලිත් ප්‍රජාවේ හිඳින කුල හීන පවුල් වලට යවන පණිවිඩයක් තමයි මේ.
අක්කු යාදව් වසර පහලොවක කාලයක් තිස්සේ  නීතියට බිය නොවී පවුල් තුන්සීයක් සමූහ දූෂණය, මිනීමැරුම්, මංකොල්ලකෑම් සහ භීතියට පත් කරන මැරවරයෙක්.වයස් භේදයක් නැතුව කුඩා දැරියන් පවා දූෂණය කරමින් අක්කු යාදව් ගෙන යන්නේ අප්‍රසන්න ජීවිතයක්.

ඉතින් දලිත් ප්‍රජාවට පොලිස් සහාය පතන්නට බැරි වුණේ ඇයි? ඔබ එහෙම හිතනවා ඇති.මේ අහිංසක මිනිසුන්ට පිහිට වන්නට පොලිසිය සූදානම් නැහැ.ඔවුන් පැමිණිලිකරුවන්ගේ තොරතුරු පවා අක්කුට විකුණනවා.දලිත් ප්‍රජාවට උදව් කිරීම ප්‍රතික්ෂේප කරනවා.දාහතර වතාවක් අත්අඩංගුවට ගන්නා අක්කුට සිර දඬුවම් නියම වන්නේ නැහැ.

නමුත් අයුක්තියට හැමදාම ආයුෂ ලැබෙන්නේ නැහැ.ඌෂා නාරයන් නම් ගමෙන් වෙන් වී ජීවත් වූ දලිත් තරුණිය දෙදහස් හතරේදී අවුරුදු ගණනකින් ගමට එන්නේ ඒ අතර.ඇයට අක්කු කළ හිරිහැරවලට ඇය කරන්නේ ප්‍රාදේශීය පොලිසියට පැමිණිලි නොකර ප්‍රධාන පොලිසියට පැමිණිලි කිරීම.මේ නිසා ගමේ අනිත් කාන්තාවන්ටත් ධෛර්යයක් ඇති වෙනවා.
ඔවුන් අක්කුගේ නිවසට ගල් මුල් වලින් පහර දෙනවා.

ප්‍රාදේශීය පොලිසිය අක්කුව ගම්මුන්ගෙන් බේරා ගන්න අත්අඩංගුවට ගන්නවා.2004 අගෝස්තු 13 දින නාග්පූර් උසාවිය ඔහු ගැන නඩු අසනවා.එදින ඔහුගෙන් කරදර වින්ද මිනිස්සු උසාවියට රැස් වුණත් පොලිසිය ඔවුන්ව පලවා හරින්න කටයුතු කරනවා.නමුත් අමුතුම සිදුවීමක් වන්නේ ඒ සමඟමයි.

මුහුණ ආවරණය කරගත් ගැහැණු දෙසියයකට වඩා උසාවි බිමට කඩා වදිනවා.මුහුණ වසාගෙන විලාප තබන මේ ගැහැනුන් අත කඩු, මන්නා පමණක් නෙවෙයි ගෑරුප්පු කතුරු ආදියත් තිබෙනවා.බොහෝ අය අත තිබෙන්නෙ මිරිස් කුඩුයි.ආවේශ වූ ගැහැනුන් අක්කුව කපා කොටා දමනවා.ඔහු ජීවිතය අයදින අතර නැවත අවකල් ක්‍රියා නොකරන්නට පොරොන්දු තබනවා.නමුත් ඔහුගේ අතපය,ලිංගේන්ද්‍රිය,කාසය,කන් පවා වෙන්වන්නට කපා දමන ගැහැනු විනාඩි පහලොවක් වැනි කෙටි කාලයකින් උසාවියෙන් පිට වෙනවා.

අක්කුගේ ජීවිතය එසේ අවසන් වෙද්දී මේ අපචාරකයාගේ වයස අවුරුදු තිස් දෙකක් පමණයි.

පොලිසිය ගැහැනු කිහිප දෙනෙකු අත්අඩංගුවට ගන්නවා.මෙය මෙහෙයවූ ඌෂා ඇතුළු විසි දෙනෙකුට බොරු චෝදනා ගොනු කරනවා. මේ නඩුවට වියදම් කරන්නට ගම්මු සතුව මුදල් නැහැ.නමුත්   Bhau Vahane නම් විශ්‍රාමික මහාධිකරණ විනිසුරුවරයෙක් ඔවුන්ගේ පිහිටට එන්නේ යුක්තිය නිතැතින්ම ජය ගන්නා දහම ඔප්පු කරමින්.ඔහු පොලිසියේ බොරු සාක්ෂි බිඳ දමා ඌෂා ඇතුලු පිරිස නිදහස් කර හරිනවා.

මේ අනුවේදනීය පුවත ඇසුරෙන් වාර්තා චිත්‍රපට කිහිපයක් සහ චිත්‍රපටයක් කලින් නිකුත් වුණත් විචාරක සහ ප්‍රේක්ෂක නොමඳ පැසසුමට ලක් වන්නේ 200 Halla ho යි.Amol Palekar,Barun Sobti,Rinku Rajguru,Flora Saini වැන්නන්ගේ විශිෂ්ඨ රඟපෑම ද මේ චිත්‍රපටිය සාර්ථක වන්නට හේතුවක්.

මිරිස් කුඩු පවා අවියක් වූ ගැහැනුන්ගේ පලි ගැනීම ඔබ නැරඹිය යුතුම චිත්‍රපටියක්.අඳුරු අමිහිරි අපරාධ පවා දවසක හෙළිදරව් වෙනවා.එවැනි අපරාධවලට එරෙහි වන්නට කාන්තාවන්ට යෝධ ශක්තියක් තිබෙනවා.මේ එයට හොඳම නිදසුනක්.

Related Articles

Don't Miss



Latest Articles

සීත මාරුතේ -38

අපට අප වටා පවත්නා ලෝකය නතර වී ඇතිවා සේ දැනෙනා නිමේෂයන් උදා වන්නේ ය. ඒ මොහොත තුළ පවත්නේ අප පමණකි. වෙනත් සජීවී...

ඔබේ වේදනාව තරමටම තව කෙනෙකුගේ වේදනාව ගැනත් සංවේදී වෙන්න.

"මොකද නයනි බාම් සුවඳ? සනීප නැද්ද?" මම එහෙම අහගෙන මගේ පුටුවෙන් වාඩි වෙනකොට නයනි මං දිහා බැලුවේ හිනාවක් ආයාසයෙන්...

Intercourse නොකර උපරිම ලිංගික තෘප්තිමත් බවක් ලබා ගත හැකි ක්‍රම.

මේ ප්‍රශ්නය ඔයාගෙ ජීවිත කාලෙදි එක දවසක් හරි ඇවිත් ඇති. ඇත්තට ම ලිංගික තෘප්තිය ලබාගන්න යෝනි මාර්ගයට ශිෂ්ණය හෝ යම් උපකරණයක් ඇතුල්...

හිමගිරි අරණ -51

"ඔය කතාව ගැන කිසිම දෙයක් අම්මට කියන්න එපා.ඉස්සරලම පාරමීගේ ප්‍රශ්නෙ නිවෙන්න ඉඩ දෙන්න." දුමිඳු මල්ලිට එවන් අවවාදයක් ලබා දුන්නේ...

(අ)හිමි සිහින -147

සුධාරකට ප්‍රතිකාර කිරීම වෛද්‍යවරුන් ඔවුන්ට හැකි අයුරින් කරන වග දැන සිටියත් මම දිගින් දිගටම ඔහු වෙනුවෙන් ආශිර්වාදාත්මක පූජා පැවැත්වූවා.ඒවගේම මම කිසිම මොහොතක...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content