දඩිබිඩියෙ හදා ගන්න easy breakfast recipes

පවුලේ අයගේ සෞඛ්‍යය ගැන හිතන ඔබ ඔවුන් වෙනුවෙන් සකස් කරන ආහාර වල පෝෂණ ගුණය ගැනත් අනිවාර්යෙන්ම හිතනවා ඇති.උදේ ආහාර වේල කියන්නේ ඔබ විසින් මග නොහැරිය යුතු ආහාර වේලක්.නමුත් කාර්‍යබහුල බොහෝ දෙනාට ඒ වෙනුවෙන් විශේෂයෙන් වෙන් කිරීමට කාලයක් නෑ.ඒ නිසා බහුතරයක් දෙනා කෙටි ආහාර වලට පුරුදු වී සිටිනවා. අද අපි ඔබට කියන්නේ ඉතාම පහසුවෙන් අඩු කාලයක් තුළ සකස් කර ගත උදෑසන ආහාර වට්ටෝරු ගැනයි

Spanish Omelet

අවශ්‍ය වෙන්නෙ මේ දේවල්

කුඩා කොටු කපා ගත් අල ගෙඩි 2 – 3
චොප්කරගත් ළූණු ගෙඩි 1
රස අනුව ලුණු
අවශ්‍ය පමණට ගම්මිරිස්කුඩු
බිත්තර 5
චොප්කරගත් කොත්තමල්ලි කොළ ටිකක්
කුඩාවට ග්‍රේට් කරගත් මොසරැල්ලා චීස් කෝප්ප එකක්
චොප්කරගත් ළූණු කොළ ටිකක්

හදන්නේ මෙහෙමයි

මුලින්ම පෑන් එකකට තෙල් ස්වල්පයක් එකතු කර, අල ටික එයට එකත්‍ය් කර අඩු ගින්දරේ ෆ්‍රයි කරගන්න.

ඉන්පසුව එයට ළූණු ටික එකතු කරගන්න. ළූණු ටික රන්වන් පැහැ වේගෙන එන විට ලුණු සහ ගම්මිරිස් කුඩු එකතු කරන්න. මෙය විනාඩි 3-4ක් පියන වසා තම්බා ගන්න.

අල හොඳින් තැම්බුන පසුව ලිපෙන් ඉවතට ගන්න

දැන් පිරිසිදු භාජනයක් ගෙන එයට බිත්තර එකතු කර, ලුණු සහ ගම්මිරිස්කුඩු අවශ්‍ය පමණට එකතු කර බීට් කරගන්න.

එයට ළූණු කොළ හා කොත්තමල්ලි කොළ මිශ්‍ර කර, එයටම ෆ්‍රයි කරගත් අල මිශ්‍රණය එකතු කර නැවතත් හොඳින් මිශ්‍ර කර ගන්න

නැවතත් පෑන් එකට තෙල් ස්වල්පයක් එකතු කර, බිත්තර මිශ්‍රණයෙන් භාගයක් දමන්න.එයට උඩින් මොසරැල්ලා චීස් අතුරා ගන්න .ඉන්පසුව චීස් වලට උඩින් ඉතුරු බිත්තර මිශ්‍රණය එකතු කර පියනකින් වසා විනාඩි තුනක් හෝ හතරක් පිසගන්න

Caramelized French Toast

අවශ්‍ය වෙන්නේ මේ දේවල්

බටර් මේස හැඳි 4 – 5
බිත්තර 6
කිරි කෝප්ප භාගයක්
පාන් පෙති කිහිපයක්
සීනි කෝප්ප 1
වතුර කෝප්ප බාගයක්

හදන්නෙ මෙහෙමයි

මුලින්ම පිරිසිදු භාජනයක් ගෙන එයට බිත්තර එකතු කරගෙන හොඳින් බීට් කර ගන්න

බීට් කර ගත් බිත්තර වලට කිරි සහ ලුණු එකතු කර බීට් කරගන්න.

පෑන් එකක් ලිප තබා එයට බටර් මේස හැඳි 2ක් එකතු කර රත්වෙන්නට හරින්න

සූදානම් කරගත් පාන්පෙති ,බිත්තර මිශ්‍රණයේ පොඟවා පෑන් එකට දමා දෙපැත්තම හොඳින් ෆ්‍රයි කරගන්න.ඒ ආකාරයට පාන්පෙති සියල්ලම බිත්තර මිශ්‍රණයේ පොඟවා පෑන් ෆ්‍රයි කරගන්න

සකස් කර ගත් පාන් පෙති පසකින් තබා , එම පෑන් එකටම සීනි ටික එකතු කරගන්න.

සීනි උණු වී දුඹුරු පැහැ වන විට ,වතුර ටිකක් එකතු කර මිශ්‍ර කර කැරමල් එක සකස් කර ගන්න.

දැන් ,කලින් සකස් කරගත් පාන්පෙති එකින් එක ගෙන කැරමල් එක පාන්පෙති දෙපැත්තෙම තවරා ගන්න.

Peanut Butter Banana French Toast

අවශ්‍ය වෙන්නේ මේ දේවල්

බිත්තර
කිරි කෝප්ප 1
වැනිලා ස්වල්පයක්
රස අනුව ලුණු
පෙති කපාගත් කෙසෙල් ගෙඩි 4
පාන්පෙති කිහිපයක්

හදන්නෙ මෙහෙමයි

භාජනයකට බිත්තර, කිරි වැනිලා හා ලුණු එකතු කර හොදින් බීට් කර ගන්න

දැන් පාන්පෙති වල පීනට් බටර් තවරා ගන්න

ඒ මත කපාගත් කෙසෙල් පෙති අතුරා තවත් පාන් පෙත්තකින් වසා ගන්න

සූදානම් කරගත් පාන්පෙති දෙකම එකට අල්ලා බිත්තර මිශ්‍රණයෙ පොඟවගන්න.

ඉන්පසුව බටර් දමා රත් කරගත් පෑන් එකකට දමා දෙපැත්ත හොඳින් ෆ්‍රයි කරගන්න

Mayo & Egg Sandwich

අවශ්‍ය වෙන්නෙ මේ දේවල්

තම්බාගත් බිත්තර 2
මයෝනීස් මේස හැඳි 3
ලෙමන් යුෂ තේ හැඳි 1/2
රස අනුව ලුණු
අවශ්‍ය පමණ ගම්මිරිස්කුඩු
මස්ටඩ් පේස්ට් තේ හැඳි ½
එළවළු තෙල් මේස හැඳි ½

හදන්නෙ මෙහෙමයි

පිරිසිදු භාජනයකට ලෙමන් යුෂ, ගම්මිරිස්කුඩු, මස්ටඩ් පේස්ට් හා තෙල් ටික එකතු කර ගෑරප්පුවකින් හොඳින් බීට් කරගන්න

ඉන්පසුව තම්බාගත් බිත්තර හොඳින් පොඩි කර ගන්න

කලින් බීට් කරගත් මිශ්‍රණයට පොඩිකරගත් බිත්තර එකතු කර හොඳින් මිශ්‍ර කර ගන්න

දැන් පාන් පෙති ගෙන ,සකස් කර ගත් මිශ්‍රණය තවරා ගෙන සැන්විච් සකස් කරගන්න. අවශ්‍ය නම් පමණක් පාන් පෙති කලින් ටෝස්ට් කර ගන්න

Related Articles

Don't Miss


Latest Articles