අඳුර දුරලන ආලෝකයේ දිනය

0
232

“දීපවාලි” යන වචනයේ සංස්කෘතික අර්ථය වනුයේ ‘ආලෝක පෙළක්’ යනුයි. අඳුර දුරලා ආලෝකය උදාකරන දිනය වශයෙනුයි මෙම දීපාවලි දිනය සැලකෙන්නේ. ලොව පුරා හින්දු භක්තිකයින් මහත් හැර සරින් සමරන මෙම උත්සවය නැටුම්,ගැයුම්, වැයුම්  මෙන්ම  වර්ණවත් සැරසිලිවලින් වලින් යුතු ඉතා විචිත්‍රවත්ව සමරන දිනයක් වනවා. 2021 වසරේ අද දිනට යෙදී තිබෙන දීපාලි ගැනයි මේ සටහන

දීපාවලී දිනයේ විශේෂත්වය


චන්ද්‍ර දින දර්ශනය කියන්නෙ හින්දු භක්තිකයින්ට විශේෂ වුණු දින දර්ශනයක්. ඒ අනුව හින්දූන්ගේ නව වසරේ ආරම්භය අද දවසේ සනිටුහන් වෙනවා. ලොව පුරා වෙසෙන හින්දු භක්තිකයින් අද මහත් හරසරින් දීවාලි නැතිනම් දීපාවලී  උත්සවය සමරනවා. අඳුර  පලවා හැර නව ආලෝකයක් උදා වන දිනය දීවාලී නැත්නම්  දීපාවලී දිනය ලෙස හැඳින්වෙනවා. නව ආලෝකය සනිටුහන් කිරීම සඳහා හින්දු බැතිමතුන් අලුත් පහන් දල්වා දෙවියන්ට පූජා පවත්වා  සිය නිවෙස්  ආලෝකවත් කරන්නේ යහපත සංකේතවත් කිරීම උදෙසායි.

දීපාවලී උළෙලේ ආරම්භය ගැනද කතා කීපයක්‌ තිබෙන අතර ශ්‍රී ලංකාවේ හා දකුණු ඉන්දියාවේ ප්‍රචලිත පුවත පහතින් ,

ඈත අතීතයේ නරකාසුර නම් බලවත් අසුරයෙක්‌ සිටියා. දෙවියන් වෙතින් වර ලබා සිටි ඔහු පසුව දෙවියන්ටත් මිනිසුන්ටත් සතුරකු වී හිරිහැර කරන්නට පටන් ගත් නිසා පීඩාවට පත් දෙවියෝ ශ්‍රී මහා විෂ්ණු දෙවියන් හමු වී තමන්ට පැමණෙන උවදුරු ගැන සැල කර සිටියා.

එහි ප්‍රතිඵලය වූයේ විෂ්ණු දෙවියන් හා නරකාසුර අතර බිහිසුණු සටනක්‌ ඇති වීමයි. සටනින් අසුරයා ජීවිතක්‍ෂයට පත් වීමයි. මරණාසන්නයේදී ඔහු විෂ්ණු දෙවියන්ට මෙලෙස පවසා තිබෙන බව කියනවා.

“මට මේ විපත සිදු වූයේ මගේම වරදින් මා මෙතෙක්‌ සිදු කර ඇත්තේ අන් අයට පීඩා ගෙන දුන් පාපී ක්‍රියාවන් එහෙත් දැන් මට හොඳ නරක හොඳින් වැටහෙනවා. මගේ සිත මේ මොහොතේදී පිරිසිදුයි. ආලෝකවත් වෙලා. මගේ මරණයත් සමඟ මගෙන් අන්‍යයන්ට සිදු වූ හිරිහැරද අවසන් වී යහපත් කාලයක්‌ උදා වේවි.

භාග්‍යවත් දෙවිඳුනි ඔබ වහන්සේගෙන් මා අවසන් වශයෙන් ඉල්ලා සිටින්නේ මා මිය ගිය දිනය ප්‍රීතිමත් උළෙලක්‌ ආකාරයෙන් සමරන ලෙසයි”

ඒ අනුව අසුරයාගේ ඉල්ලීම නිසා මෙම උත්සවය ආරම්භ වූ බවයි පැවසෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here