Easy breakfast recipes – part 2

කාර්‍යබහුල ඔබට උදෑසනට ලේසියෙන්ම හදාගන්න පුළුවන් වගේම පොඩ්ඩන්ට උනත් ආසාවෙන් කන්න පුළුවන් easy breakfast recipes ගැන තමයි මේ ලිපියෙන් ඔබට කියන්නේ

Chicken mustard sandwich

අවශ්‍ය වෙන්නෙ මේ දේවල්

තම්බා අඹරාගත් චිකන් කෝප්ප 1
මයෝනීස් මේස හැඳි 3
ටොමැටෝ කෙචප් මේස හැඳි 1
සුදුළූණු පව්ඩර් තේ හැඳි1/2
සීනි තේ හැඳි 1/2
රස අනුව ලුණු
ගම්මිරිස්කුඩු ස්වල්පයක්
මිරිස්කුඩු තේ හැඳි 1/2
ලෙමන් යුෂ තේ හැඳි 1/2
අබ ක්‍රීම් තේ හැඳි 1
පාන්
 
හදන්නේ මෙහෙමයි

මුලින්ම මයෝනීස් වලට කෙචප් එකතු කර එයටම සුදුළූණු පව්ඩර් එකතු කරන්න.

ඊළඟට රස අනුව ලුණු, ගම්මිරිස්කුඩු, මිරිස්කුඩු, සීනි හා අබ ක්‍රීම් ටික එකතු කර එයටම ලෙමන් යුෂ ටික එකතු කර ගෙන හොඳින් මිශ්‍ර කරන්න

ඉන්පසුව මේ මිශ්‍රණය චිකන් වලට එකතු කර හොඳින් මිශ්‍ර කර ස්ප්‍රෙඩ් එක හදාගන්න

දැන් පාන් පෙති ගෙන මිශ්‍රණය එහි තවරා කැමති හැඩයකට කපාගන්න

Cheesy french toast

අවශ්‍ය වෙන්නෙ මේ දේවල්

බිත්තර 3
කිරි කෝප්ප 1/2
රස අනුව ලුණු
ගම්මිරිස් කුඩු
සීනි ස්වල්පයක්
පාන් පෙති කිහිපයක්
චීස් ස්ලයිසස් කිහිපයක්
බැදගත් බේකන් තීරු කිහිපයක්

හදන්නේ මෙහෙමයි

මුලින්ම භාජනයකට බිත්තර, කිරි, ගම්මිරිස්කුඩු ,සීනි සහ ලුණු එකතු කර හොඳින් ගසා ගන්න

දැන් පාන් පෙති එකින් එක අරගෙන මේ මිශ්‍රණයේ පොඟවා ,රත් කර ගත් පෑන් එකකට බටර් දාලා බටර් දිය වන විට පාන් එයට එකතු කර දෙපැත්තම ලාවට ෆ්‍රයි කරගන්න.

ඉන්පසුව ෆ්‍රයි කරගත් ෆ්‍රෙන්ච් ටෝස්ට් එකක් උඩට චීස් ස්ලයිස් එකක් සහ බේකන් තීරු එකතු අතුරා, තවත් ෆ්‍රෙන්ච් ටෝස්ට් එකකින් වසා ගන්න

දැන් එය ටෝස්ටර් එකකට දමා විනාඩි 2ක් පමණ ටෝස්ට් කරගන්න

Bread Salad

අවශ්‍ය වෙන්නෙ මේ දේවල්

පාන් පෙති කිහිපයක්
තක්කාලි
චීස්
සලාද කොළ
කොටු කපාගත් අලි ගැට පේර
තම්බා ගත් කුකුල් මස් කැබලි
සුදු විනාකිරි තේ හැන්දක්
ඔලිව් තෙල් මේස හැන්දක්
සීනි තේ හැඳි 1/2ක්
දෙහි යුශ තේ හැඳි 1/2ක්
රස අනුව ලුණු
ගම්මිරිස් කුඩු

හදන්නේ මෙහෙමයි

මුලින්ම පාත් පෙති කිහිපය ටෝස්ට් කර කෑලි කපා ගන්න 

දැන් පොඩි භාජනයක් ගෙන එයට විනාකිරි, ඔලිව් තෙල්, සීනි, දෙහි යුශ, ලුණු සහ ගම්මිරිස් කුඩු එකතු කර හොඳින් කලවම් කර ගන්න

කොටු කපාගත් තක්කාලි, චීස්, සෝදා පිරිසිදු කර කෑලි කඩාගත් සලාද කොළ, කුකුල් මස් කැබලි, කොටු කපාගත්ත අලි ගැට පේර යන සියල්ල කලින් සකස් කර ගත් මිශ්‍රණයට එකතු කර මිශ්‍ර කරගන්න.

අවසානයට හොඳින් ටෝස්ට් කර කෑලි කපා ගත් පාන් කැබලි එයට මිශ්‍ර කර ගන්න

Related Articles

Don't Miss


Latest Articles