කොකිස්
අවශ්‍ය ද්‍රව්‍ය:
- හාල් කිලෝ 1
- පැසුණු පොල් ගෙඩියක කිරි
- බිත්තර 2
- කහ කුඩු සහ ලුණු අවශ්‍ය පමණ
- පොල්තෙල්
සකසාගන්නා ආකාරය:
- හාල් පෙගෙන්නට දමා කොටාගන්න.
- පෙනේරයකින් හොඳින් හලා ගන්න.
- පොල් ගෙඩියේ කිරි භාජනයකට දමා ගන්න.
- එයට ලුණු,කහ කුඩු සහ හාල් පිටි එකතුකරන්න. හොඳින් මිශ්‍ර කරන්න.
- මිශ්‍රණය උකු වැඩි නම් දියකිරි එක් කරන්න.බිත්තරද එක් කරන්න.
- තෙල් තාච්චිය ලිප තබා හොඳින් රත්කරගන්න.තෙලට දමා කොකිස් අච්චුවද රත් කරගන්න.
- අච්චුවේ හතරෙන් තුනක් මිශ්‍රණය තවරා තෙලට දමන්න.
- රන්වන් පාට වනතුරු බැදගන්න.
- අවශ්‍ය වුවහොත් කොකිසය ගලවා ගැනීමට සිහින් දිගු පිරිසුදු හැඳි මිටක් {කූරක්}ළඟ තබා ගන්න.
කිරි ටොෆී
අවශ්‍ය ද්‍රව්‍ය:
- සීනි ග්‍රෑම් 250
- බටර් ග්‍රෑම් 25
- වැනිලා තේ හැඳි 2
- වතුර ටින් බාගයයි
- පොල් තෙල්
- කජු ග්‍රෑම් 200.[සිහින්ව කුඩු කරගත්]
සකසාගන්නා ආකාරය:
- පෑන් එකකට ටින් කිරි, සීනි,හා බටර් සහ වතුර එක් කරන්න.
- ලිප තබා මද ගින්නේ නටවා ගන්න.
- පසුව කජු එක්කර හැන්දේ ඇලෙන පදමට ගන්න.
- බටර් තැවරූ ලෑල්ලක මිශ්‍රණය අතුරා කෑලි කපා ගන්න.
අල ටොෆී
අවශ්‍ය ද්‍රව්‍ය:
- අල ග්‍රෑම් 500
- සීනි ග්‍රෑම් 750
- ටින් කිරි පොඩි ටින් 1
- බටර් තේ හැඳි 4
- වැනිලා තේ හැඳි 1
- කරඳ මුංගු කුඩු තේ හැඳි බාගයයි
- පොල්තෙල්
සකසාගන්නා ආකාරය:
- අල හොඳින් තම්බා පොතු හැර ගන්න.
- පෑන් එකකට වතුර කෝප්ප 1/4 පමණ දමා එයට සීනි එක්කරන්න.
- එය ලිප තබා හොඳින් දියකරගන්න.
- එයට පොඩිකරගත්අල එක්කර ගන්න.
- මඳ ගින්නේ හොඳින් හැඳි ගා ගන්න.
- පැය බාගයකට පමණ පසු එයට බටර් සහ වැනිලා එක් කරන්න.
- මිශ්‍රණය හැන්දේ ඇලෙන පදම එනතුරු හැඳි ගා ගන්න.
- ලෑල්ලක අතුරා කැබලි කපා ගන්න.
– චම්මි –