පෝෂ්‍යදායී දන් වේලක්‌ භික්‍ෂූන්ට පිළිගන්වමු

සෞඛ්‍ය සම්පන්න ජීවිතයක්‌ ගත කිරීම ගිහි දිවියක්‌ ගතකරන පුද්ගලයන්ට මෙන්ම පැවිදි දිවියක්‌ ගතකරන භික්‍ෂූන් වහන්සේලාටද වැදගත් වේ. අප බොහෝ බෞද්ධ බැතිමත්හු භික්‍ෂුන් වහන්සේට දානයක්‌ පිළිගැන්වීමේදී ඇතිකරගන්නා ශ්‍රද්ධාව තුළ එම දාන වේලෙහි ඇති පෝෂණය ගැන නොසලකන්නට පෙළඹී ඇත.

මෙම තත්ත්වය මත වර්තමානයේ බොහෝ භික්‍ෂූන් වහන්සේ දියවැඩියාව, කොලෙස්‌ටරෝල්, අධිරුධිර පීඩනය වැනි බෝ නොවන රෝගාබාධවලට ලක්‌ව සිටිති. මේ එම තත්ත්වය මගහරවාගැනීමට අත්වැලක්.

පළමුවන ආහාර කාණ්‌ඩය – බත්, පාන්, කුරක්‌කන්, බඩඉරිඟු, මෙනේරි ආදී ධාන්‍ය වර්ග අඩංගු ආහාර, දේශීය අලවර්ග බතල, කොස්‌, දෙල්, ඉදිආප්ප, පිට්‌ටු හා ආප්ප ආදී පිෂ්ඨ බහුල ආහාර

දෙවන ආහාර කාණ්‌ඩය – පලතුරු

තෙවන ආහාර කාණ්‌ඩය – එළවළු හා පළාවර්ග

සිව්වන ආහාර කාණ්‌ඩය – පියළි හා ඇට වර්ග (සෝයා, කඩල, කවුපි, මුං ඇට, උළුඳු, පරිප්පු හා කොල්ලු ආදිය) මාළු, බිත්තර, හාල්මැස්‌සන් හා කරවල

පස්‌වන ආහාර කාණ්‌ඩය – කිරි හා කිරි නිෂ්පාදන

හයවන ආහාර කාණ්‌ඩය – තෙල් බහුල ඇට හා බීජ වර්ග (කජු, රට කජු, තෙල්, තල ආදිය)

එකම ආහාර කාණ්‌ඩයේ ඇති ආහාර වුවද පෝෂණ ගුණයෙන් විවිධය. එනිසා දානය සඳහා පිළියෙල වන විවිධ ආහාර පිළිගැනීම මගින් භික්‍ෂුවකගේ ශරීරයට විවිධ පෝෂක ලැබීම තුළින් පෝෂණය අංග සම්පූර්ණ වේ. භික්‍ෂූන් වහන්සේ වෙත දන් වේලක්‌ පිරිනැමීමේදී මෙම ආහාර කාණ්‌ඩ 06 ටම අයත් පෝෂණයෙන් සපිරි ආහාර වේලක්‌ සැකසීමට වගබලාගැනීම වැදගත්.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles