නත්තල් කෑම මේසය රසවත් කරන වෙනස්ම කෑම රෙසිපි

නත්තල් සමය කියන්නේ විවිධ කෑම වර්ග වලින් කෑම මේසේ පිරෙන කාලයක් .ඉතින් අද smartlady අපි ඔබට කියන්නේ ඔබේ කෑම මේසය රසවත් කරන්නට පුළුවන් වෙනස්ම නත්තල් කෑම රෙසිපි කීපයක් ගැනයි

ක්‍රිස්මස් පුඩින්

අවශ්‍ය වෙන්නෙ මේ දේවල්

  • රේසින් ග්‍රෑම් 100
  • සුල්තානා ග්‍රෑම් 100
  • පාන්පිටි ග්‍රෑම් 100
  • කරන්ට්ස් ග්‍රෑම් 100
  • චෙරි ග්‍රෑම් 80
  • ආමන්ඩ් ඇට ග්‍රෑම් 10
  • කජු ග්‍රෑම් 50
  • ග්‍රේට්කරගත් දොඩම් පොතු තේ හැඳි 1 – 2
  • කැන්ඩිඩ් පීල් ග්‍රෑම් 50
  • දුඹුරු සීනි ග්‍රෑම් 100
  • පාන්කුඩු ග්‍රෑම් 40
  • ස්පයිසස් තේ හැඳි 1/2
  • බටර් ග්‍රෑම් 100
  • බිත්තර 2
  • බේකින් පව්ඩර් තේ හැඳි 1
  • බ්‍රැන්ඩි කෝප්ප 1/2

හදන්නෙ මෙහෙමයි

මුලින්ම බ්‍රැන්ඩි වලට කපාගත් පළතුරු සියල්ලම එකතු කර පැය 8ක් තබන්න.

ඉන්පසුව තවත් පිරිසිදු බෝල් එකකට පාන්පිටි, බේකින් පව්ඩර් සහ ස්පයිසස් සියල්ල එකතු කර කලවම් කරන්න.

දැන් එම මිශ්‍රණයට බ්‍රැන්ඩි වල දාගත් පළතුරු සියල්ල, බිත්තර සහ බටර් එකතු කර හොඳින් මිශ්‍ර කරන්න.

ඉන්පසුව එයට දොඩම් පොතු, සීනි, පාන්කුඩු හා නට්ස් වර්ග එකතු කර කලවම් කරගන්න.

බටර් ගාගත් පුඩින් මෝල්ඩ් එකකට ඔයිල් පේපර් එකක් අතුරා පුඩින් මිශ්‍රණය එකතු කර ෆොයිල් පේපර් එකකින් කවර් කරගන්න.

භාජනයකට වතුර 1/2ක් පමණ එකතු කර පුඩින් බෝල් එකක එහි බහා අඩු ගින්දරේ පැය 3-4ක් ස්ටීම් කරගන්න.

රම් බෝල්ස්

අවශ්‍ය වෙන්නෙ මේ දේවල්

  • කුඩු කරගත් බටර් කේක් 250g
  • මිල්ක්මේඩ් පොඩි ටින් එකෙන් බාගයක්
  • ඩෙසිකේටඩ් කොකනට් කප් 1
  • කොකෝවා පව්ඩර් කප් 1/2
  • රම් තේ හැඳි 2
  • සරසා ගැනීමට ඩෙසිකේටඩ් කොකනට්

හදන්නේ මෙහෙමයි

සරසා ගන්න තැබූ ඩෙසිකේටඩ් කොකනට් හැර සියලුම අමුද්‍රව්‍ය එකට මිශ්‍ර කරගන්න.

සාද ගත් මිශ්‍රණයෙන් කුඩා බෝල සාදා ගන්න

ඩෙසිකේටඩ් කොකනට් වල දවටා ශීතකරණයේ තබාගන්න.

බෲදර් බ්‍රෙඩ්

අවශ්‍ය වෙන්නෙ මේ දේවල්

ඩෝ එකට

පාන්පිටි ග්‍රෑම් 200
ඊස්ට් තේ හැඳි 1
මද රස්නෙ කිරි කෝප්ප 1
සීනි තේ හැඳි 2
ලුණු පින්ච් එකක්

බැටර් එකට

සීනි ග්‍රෑම් 100
බටර් ග්‍රෑම් 100
බිත්තර 2
සුල්තානා ග්‍රෑම් 50
චෙරීස් ග්‍රෑම් 50

ග්ලේස් අයිසින් එකට

අයිසින් ෂුගර් මේස හැඳි 2
වතුර ස්වල්පයක්
දෙහි යුෂ ස්වල්පයක්

හදන්නේ මෙහෙමයි

මුලින්ම ඊස්ට්, සීනි හා කිරි මේස හැඳි 2ක් හොඳින් මිශ්‍ර පිපෙන්න තියන්න

ඉන්පසුව පාන්පිටි වලට ලුණු එකතු කර, කිරි මිශ්‍රණයෙන් ටික ටික එකතු කරමින් ඩෝ එක හදාගන්න.එය තෙත රෙදි කෑල්ලකින් වසා තබන්න

වෙනම බෝල් එකකට බටර්, සීනි හා බිත්තර එකතු කර බීට් කරමින් පිටි මෝලියට කලවම් කරන්න. මෙයට පළතුරු සියල්ලමත් මිශ්‍ර කරන්න.

මිශ්‍රණය බටර් ගාගත් මෝල්ඩ් එකකට එකතු කර තවත් පැයක් පිපෙන්න තියලා සෙල්සියස් 180°ට විනාඩි 40ක් බේක් කරගන්න.

අයිසින් ෂුගර් වලට වතුර ටිකක් හා දෙහි යුෂ එකතු කර තරමක් තික් අයිසින් එකක් හදාගන්න. බෲදර් එක නිවුණට පස්සෙ මේ ග්ලේස් අයිසින් එක වක්කරගන්න.

Related Articles

Don't Miss


Latest Articles