කොච්චර මහන්සි වුණත් බර අඩුවෙන්නෙ නැතිවෙන්නට හේතුව ඔබ දන්නවාද?

කොච්චර කෑම පාලනය කලත්, මොන තරම් ව්‍යායාම කලත් ඇඟ පොඩ්ඩක් අඩු කරගන්න බැරි වීම හරිම සුලබ පැමිණිල්ලක්. මෙයට හේතුව ඔබේ නිදන කාමරයේ යම් යම් තත්ත්වයන් විය හැකි බව ඔබ දැනසිටියාද?

මේ සම්බන්ධයෙන් පර්යේෂණ පවත්වන විද්‍යාඥයින් පවසන ආකාරයට නිදන කාමරයේ විදුලි පහන් දල්වාගෙන නිදා ගැනීම, එළියෙන් එන ආලෝකය කාමරයේ තිර රෙදි තුලින් ඇතුල් වීම හෝ ඔබේ ජංගම දුරකථනයේ සුළු ආලෝකය පවා ඔබේ ශරීරය තරබාරු වීමට හේතු වනවා. මේ සියලු කාරණා වලින් ඔබේ නින්දට ඔබ නොදැනුවත්වම බාදා වනවා පමණක් නොවෙයි, මේ නිසා සිරුරේ සියලු පද්ධතීන් ඇහැරවා තැබීම සිදු වනවා. අපේ සිරුර හැදිලා තිබෙන්නේ දහවලට වැඩ කරන්නට සහ රාත්‍රියට විවේක ගන්නටයි. මේ නිසයි රාත්‍රියේදී අපට නින්දක් අවශ්‍ය වන්නේ. රාත්‍රී නින්දේදී ඔබේ සියලු ක්‍රියාවලියන් නැවත සකස් වී ඊළඟ දවසට සුදානම් කිරීමක් සිදු වනවා. අතර මග නින්දට බාධාවීම මඟින් මේ සියල්ල නතර වනවා වගේම මේ නිසා ඇති වන හෝමෝන සංසිද්ධීන් ගේ ප්‍රතිපලයක් ලෙස ඔබ මහත් වන්නට පුළුවන්.

මේ අනුව ඔබ නින්දට යන්නට අවශ්‍ය හැකි තරම් අඳුරු පරිසරයකයි. නින්දට ඇති වන බාධා හැකි තරම් අඩු කරගන්නටත් වගබලා ගතයුතුයි. එක දිගට පැය හයක වත් නින්දක් ලැබීමත් වැදගත් බව නිරතුරුවම මතක තබාගන්න. ඒ වගේම නිදන්නට පෙර අනිවාර්යයෙන්ම නින්දට සුදුසු ආකාරයට සකසාගන්නට අමතක කරන්න එපා.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles