දින ගණනක් පුරා සමූහ දූෂණයට ලක් වී මිය ගිය ජුන්කෝ ෆුරූටාගේ ඛේදාන්තය.

ලෝක ඉතිහාසයේ ඛේදවාචක අතර ඉහළින්ම ලියැවෙන නමක් ජුන්කෝ ෆුරූටා.1988 වසරේ දී සිදූ වූ මේ ඛේදවාචකය ගැන ලියන්නට අප හිතුවේ නරක සහ අයහපතට කාලයක් නොමැති නිසා.තරුණ දියණියන් පමණක් නොවේ ළාබාල බිලිඳියන් පවා රැක ගත යුතු මේ කාලයේ ජුන්කෝගේ කතාව දියණියකට සිදු විය හැකි දරුණුතම ඛේදවාචකයක් හෙළි කරන්නක්.

ඔබ අතිශය සංවේදී නම් හෝ ගැබිණියක නම් මෙතැනින් එහා කියවන්නට එපා!!

ජුන්කෝ දහසය හැවිරිදි දැරියක්.ජපන් බෝනික්කි යන අන්වර්ථ නාමයට සුදුසු තරමේ රූමතියක්.ඒ නිසාම ඇයට ආදර යෝජනා බොහෝ ලැබුණා.එකල ජපන් පාසල් දරුවන් අතර මත්ද්‍රව්‍ය වසංගතයක් පැතිර තිබුණු බව සඳහන්.නමුත් ජුන්කෝ මේවාට ගොදුරු නොවී පාසල් වැඩ කළ දක්ෂ දැරියක්.ජුන්කොට ආදර යෝජනා ලැබෙන්නටත් එය හේතුවක් වූ බව පැවසෙනවා.

දහ අට හැවිරිදි හිරෝෂි මියානෝ ජුන්කෝට ආදර යෝජනාවක් ගෙනවිත් ඉන් ප්‍රතික්ෂේප වන්නේ ඒ කාලයේ දී.ඔහුව ජුන්කෝ මිතුරියන් ඉදිරියේම ප්‍රතික්ෂේප කළ නිසා ඔහුට කෝපයක් හට ගන්නවා.ඒත් හිරෝෂි දින ගණනක්ම ඈ පසුපස ලුහුබැඳ තිබෙනවා.අනතුරුව තර්ජනය කරන්නට පවා පැකිලී නැහැ.

ජුන්කෝ පාසල අවසන්ව රැකියාවක නිරත වූ තරුණියක්.ඇය එය අවසන්ව නිවසට යන්නේ රෑ බෝ වූ පසුව.ජුන්කෝව තවත් මිතුරන් තිදෙනෙකු හා එක්ව පැහැර ගන්නට හිරෝෂි ක්‍රියා කරනවා.එය අසීරු නොවූ බවත් පැවසෙනවා.ඉන්පසු ජුන්කෝ ලවාම ඇගේ නිවසට ඇමතුමක් ලබා දී ඇය පෙම්වතා සමඟ පැමිණි බව කියවන්නට තරුණයන් ක්‍රියා කරනවා.ඔවුන් ඇය හිරෝෂිගේ මිතුරෙකුගේ පාළු නිවසකට රැගෙන එනවා.

1988 නොවැම්බර් 22 වැනිදා ලෝක ඉතිහාසයේ දැනට වාර්තා වූ දරුණුතම ස්ත්‍රී දූෂණය ඇරඹෙන්නේ එතැන් සිට.

එදින රාත්‍රියේ තරුණයන් සිවු දෙනා නොකඩවාම ඇය දූෂණයට ලක් කරනවා.එය රාත්‍රියෙන් අවසන් වන්නේ නැහැ.දින කිහිපයක් තිස්සේම සිදු වනවා.දින කිහිපයකට පසු ජුන්කෝ එතැනින් පලා යන්නට තැත් කරන්නේ තරුණයන් බීමතින් සිටි අවස්ථාවකදී.එය ව්‍යර්ථව යන අතර ඈ ඔවුන්ගෙන් දරුණු ලෙස පහර කෑමට පටන් ගන්නවා.මුහුණට එල්ල කරන ලද පහරවල් නිසා ඇගේ නාසය බිඳී යන අතර නාසයේ ලේ පිරී හුස්ම ගන්නට අසීරු වෙනවා.ඉන්පසු ජුන්කෝ හුස්ම ගන්නේ මුඛයෙන්.

junko furuta

නිරාහාරව වතුර පොදක්වත් නැතිව දුක් විඳින ජුන්කෝව අනූවකට වැඩි පිරිසක් එතැන් සිට දූෂණය කර ඇති බව කියවෙනවා.අපාගත ජීවිතයක් ආරම්භ කරන ඇය ඈ අසලට එන කැරපොත්තන් ආහරයට ගත් බවත් ඇගේම මුත්‍රා පානය කළ බවත් වාර්තාවල සඳහන්.

ජුන්කො සිවිලිමක එල්ලා ඇයට බොක්සින් බෑගයක් සේ සලකා පහර දීමට මේ අමනුෂ්‍යයන් ක්‍රියා කර තිබෙනවා.ඉන් ඇගේ උදරයට දැඩි හානි වී තිබෙන අතර ඇගේ අභ්‍යන්තර ඉන්ද්‍රියන්ට දරුණු හානි වී තිබීම නිසා එතැනින් පසු ඇයට ආහාර ගන්නට කිසිම හැකියාවක් ලැබී නැහැ.

ඉන්පසු ඇගේ යෝනියට විවිධ දෑ ඇතුළු කරමින් ඔවුන් වින්දනයක් ලැබූ බව සඳහන්.ඒවා යකඩ කූරු,විදුලි බල්බ ආදිය වීමෙන් ම ඔවුන්ගේ අමනුෂ්‍යත්වයක තරම කියා පානවා.සිරුරට ඩම්බෙල් අත හරිමින් ඇයට හිංසා පීඩා කර තිබෙනවා.මෙතරම් දෑ සිදු වද්දී පවා ඇයට මඳ හෝ සිහියක් තිබීම මේ සිදුවීමේ ඇති දරා ගැනීමටම නොහැකි තත්වයයි.වේදනා ඉවසන්නට නොහැකිව ජුන්කෝ තරුණයන් බීමත් වෙද්දී පොලිසියට ඇමතුමක් ගන්නට ක්‍රියා කරනවා.එය අසාර්ථක වන්නේ තරුණයන්ට අසු වීමෙන්.ඔවුන් ඇය වේදනාවෙන් විලාප තබද්දීම ඇගේ දෙපා වලට ලයිටර් ඉන්ධන දමා ගිනි තබනවා.

අධික වේදනාවෙන් හිඳින ජුන්කෝ ඉල්ලා සිටින්නේ ජීවිතය නොව මරණයයි.නමුත් එය ඇයට ලැබෙන්නේ නැහැ.මේ වන විට දෙසැම්බරයේ ශීත කාලය පැමිණ තිබෙනවා.ඇඟේ ඉන්ද්‍රියන් අකර්මණ්‍ය වී කන් බෙරය පුපුරා ඇඟිලි වල අස්ථි තැලීමට ලක් වූ මොළයට දරුණු ලෙස හානි වූ ජුන්කෝ තවත් අපාගත දින පසු කරනවා තරුණයන් ඔවුන් හා ජපන් ක්‍රීඩාවක නිරත වන්නට ඇයට ආරාධනා කළ බවත් අසීමිත වේදනා සහ අඩ සිහියකින් සිටි නමුත් ඇය දක්ෂ ලෙස ඒ තරගය ජයගත් බවත් ඉන් ඔවුන් වඩා කෝප වූ බවත් කට උත්තරවල සඳහන් වෙනවා.

ඉන්පසු ඇරඹෙන දඬුවම් නිසා දින හතලිස් හතරකට පසු ඇගේ ප්‍රාර්ථනාව ඉෂ්ට වෙනවා.නව වසර ලබන්නේ අප්‍රමාණ දුක් විඳි ඇගේ ජීවිතය එතැකින් අවසන් කරමින්.මෙහි ලියූ නොලියූ දරුණු ලිංගික සහ කායික හිංසා වලින් මිදී ජුන්කෝ මිය යන්නේ ඇගේ සිරුරට කරන දේ ගැන තරුණයන්ට තවත් ගැටලුවක් ඉතිරි කරමින්.

Junko furuta

අලුත් අවුරුදු උදා වන විටම ඒ අමනුෂ්‍ය තරුණයන් ජුන්කෝගේ මළ ශරීර‍ය වළලා දමන්නේ බැරලයක් තුළට දමා ඒ මතා කොන්ක්‍රීට් දැමීමෙන්. මෙලෙස කොන්ක්‍රීට් බැරලයක් තුළ සිර කරන ලද ජුන්කෝගේ සිරුර ඔවුන් ටෝකියෝ නගරයට ගෙන එනවා.

හිරෝෂි යකූසා නම් ප්‍රසිද්ධ පාතාල කල්ලියක් සමඟ සබඳතා පැවැත්වූ තරුණයෙක්.ඔහු පාසලේ යෞවනියන් කිහිප දෙනෙකු අපයෝජනයට ලක් කර තිබූ බවත් පැවසෙනවා.ඔහුගේ පාතාල සබඳකම් නිසා ගුරුවරුන් පවා ඔහුට බයක් දක්වා තිබෙනවා.වෙනත් තරුණියක අපයෝජනය කිරීම ගැන ඔහු අත්අඩංගුවට ගැනීමෙන් පසු මේ සිදුවීම ද අනාවරණය වී තිබෙනවා.ඉන්පසු හිරෝෂි කොන්ක්‍රීට් බැරලය ගැන විස්තර හෙළිදරව් කර තිබෙනවා.

සුන්දර සකුරා මලක් එසේ පොඩිපට්ටම් කර දැමු තරුණයන්ට විරුද්ධ නඩු විභාගයේ දී ඔවුන්ට දහ අට සම්පූර්ණ වී නොතිබීම නිසා ඔවුන්ගේ වැඩිහිටියන්ට දඬුවම් කරන්නට සිදු වූ බව සඳහන්.1989 දී වසර විස්සකට සිර දඬුවම් ලැබූ හිරෝෂි මේ වන විට නිදහස ලබා අවසන්.

Concrete නම් ජනප්‍රිය චිත්‍රපටිය නිපදවන්නේ ජුන්කෝගේ ඛේදනීය සිදුවීම ඇසුරින්.

ලෝකය ඉතා භයානක තැනක් වී අවසන්.ඔබේ දියණිය නපුරෙන් ගලවා ගැනීම පමණක් ප්‍රමාණවත් නැහැ.ඔබේ පුතු අයහපතෙන් වළක්වා ගැනීමත් අත්‍යවශ්‍ය දෙයක්.වසර තිස් දෙකකට ඉහතදී මිලිනව ගිය සකුරා මල ඔබට පවසන පාඩම එය මිස අන් කවරෙක් ද?

තවත් මෙවැනිම කතා

More Stories

Don't Miss


Latest Articles