කජු පිළිබඳව ඔබ මේ දේවල් දන්නවාද?

කජු කන්න හැමෝම කැමති වුණත් කජු ගැන දැනුමක් බොහෝ දෙනාට නැහැ. කජු වල මුල්ම උපත ඊසාන දිග Brazil  වේ. කජු ගස් (Anacardium occidentale) යනු කජු හා කජු පුහුලම් නිෂ්පාදනය කරන නිවර්තන සදාහරිත ගස් ය. මෙහිදී වැඩිපුර පරිභෝජනය කරනු ලබන්නේ බොහෝ විට කජු ලෙස සරලව හඳුන්වන කජු මදයයි. එය එලෙසටම ආහාරයට ගත හැකි අතර විවිධ ආහාර වට්ටෝරු සඳහාද, චීස් හෝ කජු බටර් සෑදීම සඳහාද භාවිතා කරයි. කජු නිෂ්පාදනය කරන ප්‍රධාන රටවල් ලෙස වියට්නාමය, නයිජීරියාව, ඉන්දියාව, හා අයිවරි කෝස්ට් හැඳින්විය හැක

සුළු කෑම සහ සූප ශාස්ත්‍රය සඳහා කෑම පිසීමේදී කජු මද භාවිතය අනෙකුත් සියලු ශාක ඇට වර්ග භාවිතයට සමාන වේ. රසකැවිලි හෝ ව්‍යංජන අලංකරණය සඳහාද, කුඩු කර සාදාගන්නා තලපය, විවිධ ව්‍යංජන වල සෝස් සදහා පදනමක් ලෙසට හෝ රසකැවිලි සහ අතුරුපස සෑදීමේදී කජු කුඩු හෝ පිටි ලෙසද භාවිතා කරයි. ඉන්දියානු, පිලිපීන, තායි සහ චීන ආහාර සඳහා ද කජු විවිධ ආකාරයන්ට භාවිතා කරයි.

අමු කජු ග්‍රෑම් 100 ක, කැලරි 553 ක්, මේද දෛනික අගය  67% ක්, ප්‍රෝටීන 36% ක්, ආහාරමය තන්තු 13% ක් හා කාබෝහයිඩ්රේට 11% ක්  අඩංගු වේ. කජු මද, විශේෂයෙන් තඹ, මැග්නීසියම්, පොස්පරස් සහ මැග්නීසියම් ඇතුළු ආහාර ඛණිජ ලවණ සහ තයමින්, විටමින් B6, විටමින් K වලින් පොහොසත්ය. යකඩ, පොටෑසියම්, සින්ක්, හා සෙලෙනියම් ද සැලකිය යුතු ප්‍රමාණයක්  අන්තර්ගත වේ. අමු කජු මද ග්‍රෑම් 100 ක බීටා-සෛටොස්ටෙරෝල් (beta-sitosterol) මිලි ග්‍රෑම් 113 ක් අඩංගු වේ.

මිනිසුන්ගෙන් 5% ක ප්‍රමාණයකට කජු වැනි ශාක බීජ වර්ග හේතුවෙන් සංකූලතා හෝ අසාත්මිකතා ඇති විය හැක. වෙනත් ශාක බීජ වර්ග තරම් නොවුනත් කජු මද වල ආමාශගත හා බඩවැල් ද්‍රාව්‍ය ඔක්සලේට් ලවණ අඩංගු වේ. එනිසා වකුගඩු ගල් ඇති වීමේ ප්‍රවණතාවයක් ඇති පුද්ගලයින් සඳහා පාලනයක් සහ වෛද්‍ය මගපෙන්වීමක් අවශ්‍ය වේ. කජු හා ශාක බීජ වර්ග ආසාත්මිකතා මාරාන්තික විය හැක. එනිසා එවැනි ආසාත්මික ප්‍රතික්‍රියාවක් නිරීක්ෂණයවේ නම් කඩිනම් වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වේ. මෙම ආසාත්මිකතා ශාක බීජ තුල අඩංගු ප්‍රෝටීන මගින් මුලපුරන අතර බොහෝ විට ආහාර පිසීම මගින් මෙම ප්‍රෝටීන වෙනස්වීම හෝ ඉවත්වීම සිදු නොවේ.

21 වන සියවසේ දී සත්ව කිරි සඳහා විකල්පයක් ලෙස ශාක කිරි, එනම් කජු කිරි පානය (කජු ජලය සමග මිශ්‍ර කර සාදාගන්නා කිරි) ඉල්ලුම වැඩි වී ඇති අතර කජු කිරි පානය සඳහා වන ඉල්ලුම සපුරාලීමට අප්‍රිකානු රටවල් කිහිපයක කජු වගාව වැඩිදියුණු කර ඇත. සාම්ප්‍රදායික මායා වෛද්‍ය විද්‍යාවේදී කජු ගසේ කොළ හෝ පොතු මගින් සකසාගන්නා තේ පාචනය සඳහා ප්‍රතිකාරයක් ලෙස යොදාගෙන ඇත. බලන්න, කජු කියන්නේ මොන තරම් ප්‍රොයෝජනවත් දෙයක් ද?

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles