කොණ්ඩය ඉතා ඉක්මනින් දිගු කරන ළූණු තෙල්

හිස කෙස් සම්බන්ධයෙන් සැලකිල්ලක් දක්වන කාන්තාවන්ට තමන්ගේ කොණ්ඩය දිගු කර ගැනීමටත් නිරෝගී කර ගැනීමටත් තියෙන්නේ ලොකු උනන්දුවක්.එහෙම උනන්දුවෙන් ඉන්න කාන්තාවන්ට ඉක්මනින්ම සකසා ගත හැකි තෙල් වර්ගයක් ගැනයි අද අපි මේ ලිපියෙන් කියන්නේ.මෙම තෙල් වර්ගය සකසා ගන්නේ බී ළූණුවලින්.මුලින්ම අපි බලමු මෙහි ඇති ගුණ ගැන.

ළූණු වල රසායනික සංයුතිය

ළූණු වල බී 1, බී 2, බී 6, සී, බී 9, ඊ,  වැනි විටමින් අඩංගු වනවා. හිසකෙස්වල ව්‍යුහය යථා තත්වයට පත් කිරීමට සහ වර්ධනය උත්තේජනය කිරීමට විටමින් බී 1 අවශ්‍ය වනවා. විටමින් බී 6 හි නිසා හිසකෙස් වැටීම පාලනය කරනවා. විටමින් E  හිස්කබලේ සෛල අලුත් කිරීම උත්තේජනය කරනවාක් මෙන්ම  ප්‍රමාණවත් තෙතමනයක් රඳවා ගැනීමට ද  ඉඩ සලසනවා. කොලජන් නිෂ්පාදනය සක්‍රීය කිරීමටද හිසේ  වියළි බව, කැසීම සහ දැවීම ඉවත් කිරීමටද එම විටමින් වර්ග උපකාරී වනවා.

එමෙන්ම ළූනුවල  පොටෑසියම් සහ මැග්නීසියම් ඇත. මෙම මූලද්‍රව්‍ය  කෙස් වැටීම පාලනය කරමින් හිසකෙස්වල  ස්වභාවික දීප්තිය වැඩිදියුණු කරනවා.

ළූණුවල වාෂ්පශීලී කාබනික අම්ල අඩංගුවනවා. මේවා සම සමඟ සම්බන්ධ වීමෙන් පසු උත්තේජක බලපෑමක් ඇති කරනවා. එහි ප්‍රථිපලයක් ලෙස හිසේ  රුධිර ගමනාගමනය වැඩි වනවා .

ළූණු තෙල්වල ගුණ

  • නව හිසකෙස් වර්ධනය වේගවත් කිරීම
  • කෙස් කළඹ ශක්තිමත් කිරීම
  • හිසේ ඇති අහිතකර දිලීර ඉවත් කිරීම
  • දිදුළන කෙස් කළඹක් ලබා දීම
  • අකලට හිස කෙස් වැටීම පාලනය කිරීම

ළූණු තෙල් සකසා ගන්නා ආකාරය

අවශ්‍ය ද්‍රව්‍ය

  • බී ළූණු ගෙඩි කිහිපයක්
  • සුදු පොල් තෙල්

සකසා ගන්නා ආකාරය

මුලින්ම බී ළූණු ගෙඩි කිහිපයක් ගෙන හොඳින් පොතු ඉවත් කර ගන්න

පසුව එය සිහින්ව කපා ගෙන යුෂ  මිරිකා ගන්න

භාජනයක් ලිප තබා සුදු පොල් තෙල් කෝප්ප භාගයක් එයට දමා හොඳින් රත් කරන්න

හොඳින් රත් වුණු  පසුව ළූණු තෙල් එයට දමා තවත් හොඳින් රත් කරගන්න

පසුව ලිපෙන් ඉවත් කර ගෙන රස්නය ඉවත්වන්නට තබා පිරිසිදු භාජනයක ඇසුරුම් කර ගන්න

මෙම තෙල් සත්කාරය සතියකට දින දෙකක් නොකඩවා මාස තුනක් සිදු කිරීම මගින් ඉතා හොඳ ප්‍රතිඵල ලබා ගත හැකියි 

Related Articles

Don't Miss


Latest Articles