ඔසප් චක්‍රය අක්‍රමවත්වීම ගැන මේ දෑ ඔබ දැන සිටියාද?

ඔසප් චක්‍රය අක්‍රමවත්වීම එක් එක් කාන්තාවන්ට බලපාන අයුරු වෙනස්. විශේෂයෙන්ම අක්‍රමවත් ඔසප් චක්‍රයක්‌ ඇතිවූ විට මතුවන ගැටලු විවාහක සහ අවිවාහක යන දෙපාර්ශ්වයට බලපාන ආකාරය දෙආකාරය මෙලෙස දැක්විය හැක

අවිවාහක කාන්තාවනට ඔසප්චක්‍රය අක්‍රමවත්වීම මතුවූ විටදී ඉන් අවබෝධකර ගත යුතු වන්නේ ඇය කිසියම් රෝගයකින් පෙළෙන බවය. එම රෝගී තත්ත්වය ප්‍රජනන පද්ධතිය ආශ්‍රිතව මතුව තිබේ. මෙහි අවසාන ප්‍රතිඵලය වන්නේ දරුඵල අහිමිවීමය. ඔසප් චක්‍රය අක්‍රමවත් අවිවාහක කාන්තාවන් මුහුණ දෙන ගැටලු අතරට ඇයගේ මුහුණේ සහ අත්පාවල සම දුර්වර්ණවීම, සමේ වියළි ස්‌වභාවයක්‌ ඇතිවීම, අධික ලෙස රෝම කූප වර්ධනය, නිතර කෝපය ඇතිවීම, අලස බවක්‌ දැනීම, සිතේ සතුට නැතිවීම අධික ස්‌ථූල හෝ අධික කෙට්‌ටු සිරුරක්‌ ඇතිවීම ප්‍රධාන තැනක්‌ ගනී.

විවාහක කාන්තාවනට ඔසප් චක්‍රයේ අක්‍රමවත් බව ඇතිවූ විට ප්‍රධාන වශයෙන් ඇයට සිය ඔසප් චක්‍රයේ සරුකාලය හඳුනාගැනීමට නොහැකි වේ. ලිංගික සම්බන්ධයේදී දැඩි වේදනාවක්‌ ඇතිවීම, යෝනි මාර්ගයේ වියළි බවක්‌ පැවතීම යන අපහසුතා ප්‍රධාන තැනක්‌ ගනී. ඔසප් චක්‍රය අක්‍රමවත්වීම නිසා ඩිම්භ මේරීම ඉතා අඩු මට්‌ටමකට පත්වේ. ඩිම්භ නිෂ්පාදනය ද ඉතා අඩු මට්‌ටමක පවතී.

ඔබ විවාහකවුවත් අවිවාහකවුවත් ඔසප් චක්‍රය අක්‍රමවත් නම් ඉක්මනින්ම වෛද්‍ය උපදෙස් සහ ප්‍රතිකාර වෙත යොමුවීම ඉතාමත් වැගදගත්..

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles