කරන්න හොඳ නැති ව්‍යායාම ගැන දන්නවාද?

වර්තමානයේ බොහෝ දෙනා ඇවිදීමට අමතරව නොයෙකුත් ව්‍යායාම ක්‍රමවල යෙදෙමින් ශාරීරික අභ්‍යාස සිදු කරති. මෙලෙස යෙදෙන බොහෝ ව්‍යායාම ක්‍රම මේ වන විට ලෝකයේ තහනම් කර ඇති අනතුරු ගෙන දිය හැකි ව්‍යායාම බව ඔවුන් දන්නේ නැත. බෙල්ල කරකැවීම (Neck Twist) බිම දිගාවී අත්වලින් කකුල් පිටු පසට ඇදීම (Banana Bends) බිම දිගාවී කකුල් දෙක ඔසවා ගෙන සිටීම (Leg Raise) කොන්ද නමා දෙපාවල ඇඟිලි ඇල්ලීම (ToeTouch) දෙපා දෙපසට ඈත් කිරීම (Hurdlers Stretch) වැනි ව්‍යායාම මේ වන විට සංවර්ධිත රටවල තහනම් කර ඇත.

1974 අගෝස්‌තු මාසයේදී ඇමරිකාවේ ලොස්‌ ඇන්ජලීස්‌ නුවර රැස්‌වූ ඇමරිකානු ක්‍රීඩා වෛද්‍ය විදුහල (American college of Sports Medicine) සහ බ්‍රිතාන්‍ය මානව චාලක අභ්‍යාස ආයතනය (Human Kinetis.uk) ලොව පුරා සිටින ක්‍රීඩා වෛද්‍ය විද්‍යාව පිළිබඳ ආචාර්ය මහාචාර්ය වරුන් 120 ක්‌ පමණ දෙනා සමග පැවැති වැඩමුළුවකින් පසු ව්‍යායාම 108 ක්‌ තහනම් කිරීමට තීරණය කරන ලදී. මෙම ව්‍යායාම පාසල් ශාරීරික අධ්‍යාපන ක්‍රමයෙන් සහ හමුදා ශාරීරික අභ්‍යාසවලින්ද ඉවත් කිරීමට තීරණය ගනු ලැබීය. නමුත් අවාසනාවකට මෙන් තවමත් දකුණු ආසියානු රටවල මෙවැනි ව්‍යායාම තවමත් භාවිත කරනු ලබයි.

කොන්ද නැවීම – දෙපයින් ගමන් කරන සෘජු ශරීරයක්‌ සහිත මිනිසුන් වන අපගේ කොඳු ඇට පෙළට ඇත්තේ සුවිශේෂී වටිනාකමකි. සිරුරේ කඳ කොටස කෙළින් තබා ගනුයේ කොඳුඇට පෙළ මගිනි. එසේම මෙම කොඳුඇට පෙළ අතරින් ශරීරයේ මධ්‍ය ස්‌නායු පද්ධතියද ගමන් කරයි. එනිසා කොන්ද දුන්නක්‌ ලෙස නැමීම සිදු කිරීම අනතුරුදායකය. අප නිතරම බිමට පහත් විමේදී දණ හිස භාවිත කරමින් දණ හිස නමා පහත්වීම කළ යුතුය. කොන්ද දුන්නක්‌ සේ නැමීම කළ යුතු වන්නේ ජිම්නාස්‌ටික්‌ වැනි සුවිශේෂි ක්‍රීඩා වලදී පමණි. සාමාන්‍ය ජීවිතයේදී සහ බොහෝ ක්‍රීඩා වන්හිදී කොන්ද දුන්නක්‌ සේ නැමීම සිදු කළ යුතු අවස්‌ථා උදාවන්නේ නැත.

බෙල්ල කරකැවීම – බෙල්ල කරකැවීම ව්‍යායාමය මගින් අපගේ සුෂුම්නාවට සහ බෙල්ලේ ඇස්‌ථි වලට හානි සිදුවිය හැකි බව හඳුනාගෙන ඇත. එසේම බෙල්ල සම්පූර්ණයෙන් කරකවා සිදු කරන ක්‍රීඩාවන්ද නොමැත. අපට පසු පස බැලීමට අවශ්‍ය නම් එය උර හිස හරවා සිදුකළ හැකිය. එනිසා බෙල්ල සඳහා සුදුසුම ව්‍යායාම වනුයේ බෙල්ල දෙපසට හරවා සිදු කරන ව්‍යායාම පමණි.

දණහිස කරකැවීම – දණහිස යනු දොරක සරනේරුවක්‌ ක්‍රියාත්මක වනු හා සමානව ක්‍රියාකරන සන්ධියකි. Hinge Joint ඉදිරියටත් පසුපසටත් පමණක්‌ ක්‍රියා කරයි. මෙවැනි සන්ධියක්‌ රවුමක්‌ ලෙස අංශක 360 ට කරකැවීම අවශ්‍ය නැත. එනිසා මෙවැනි වැරදි ව්‍යායාම ක්‍රමවල යෙදීම තුළින් සිදු වනුයේ ශරීරයේ ක්‍රියාකාරිත්වය නිසි ලෙස සිදුවීමට උපකාරයක්‌ ලැබීම නොව ශරීරය ආබාධවලට ලක්‌වී රෝගීවීමය.

ඔබ යෙදෙන ව්‍යායාම ක්‍රම තුලත් මෙවැනි තහනම් කර ඇති අනතුරු ගෙන දිය හැකි ව්‍යායාම ක්‍රම ත්බේදැයි සොයා බලාඑවනි ව්‍යායාම නවතාදමා ඔබේ ශරීර සුවතාව රැකගන්න.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles