දවස් තුනෙන් බර අඩු කරන ටූනා ඩයට් ප්ලෑන්

ශරීරයෙ අනවශ්‍ය බර අඩුකරගෙන නිසි බරක් පවත්වාගෙන යා හැකි ඩයට් ක්‍රම ලොව පුරා ඕනෑ තරම් තිබෙනවා.අද අපි ඔබට කියන්නේ කියන්නෙත් ඒ වගේ ඩයට් ක්‍රමයක් ගැනයි.ඒ තමයි Tuna Diet .ටූනා ඩයට් යනු බර අඩුකර ගැනීමට උපකාරීවන අඩු කැලරි , අඩු කාබෝහයිඩ්‍රේට සහ අධි ප්‍රෝටීන් සහිත ඩයට් ක්‍රමයකි. මෙම ක්‍රමයෙහි ප්‍රධාන අන්තර්ගතය  ටූනා වන අතර ඒ සමඟ ආහාරයට ගැනීමට ඔබ කැමති තන්තු බහුල, ප්‍රෝටින් බහුල පෝෂ්‍යදායි ආහාර ඇතුලත් කර ගන්නට පුළුවන්

මෙම ආහාර සැළැස්ම මගින් ඔබ ගන්නා කැලරි ප්‍රමාණය සීමා කර තිබෙන නිසා ඉතා ඉක්මනින් බර අඩුකර ගැනීමේ හැකියාව තිබෙනවා. මේ ලිපියෙන් ඔබට කියන්නේ දින තුනක් ඔබ අත්හදා බැලිය යුතු ටූනා ඩයට් ක්‍රමය පිළිබඳවයි .

ඔබ මෙම ක්‍රමය අත්හදා බැලිය යුත්තේ ඇයි ? 

ටූනා යනු විටමින් A , D , E , B6 ,B1 , B2 , යකඩ, මැග්නීසියම් , පොස්පරස් , පොටෑසියම් , සෝඩියම් සහ සින්ක් වැනි ශරීරයට අත්‍යවශ්‍ය පෝෂක කොටස් ගණනාවකින් සමන්විත ආහාරයකි

ටූනා වල ඔමෙගා 3 ද අඩංගු අතරම උසස් තත්වයේ ප්‍රෝටීන් වලින් පොහොසත් ප්‍රභවයකි . ඔමෙගා 3 හෘද වාහිනී රෝග වලක්වන අතර ස්වයං ප්‍රතිශක්තිකරණ රෝග වලට එරෙහිව සටන් කරයි

ටූනා වල අඩංගු විටමින් B12 මගින් ඔබේ රුධිරය සහ ස්නායු සෛල නිරෝගීව තබා ගනී 

ටූනා ඩයට් ක්‍රමය අනුගමනය කරන්නේ කොහොමද ? 

පලවන දිනය 

උදෑසන 7  – මී පැනි සහ දෙහි යුෂ සමඟ මද උණුසුම් වතුර කෝප්පයක් 

උදෑසන ආහාරය ( පෙ.ව 8.00 ) – තැම්බූ බිත්තර 1 , ග්‍රිල් හෝ ටෝස්ට් කරගත් ටූනා පෙති 1 , සෝයා කිරි කෝප්ප 1 

දහවල් ආහාරය ( ප.ව 12 .00 )-  නිවිති , ටූනා ඔලිව් තෙල් , තක්කාලි , ලෙමන් යුෂ සහ ගම්මිරිස් යොදා සකස් කළ සලාදයක් 

සවස ( ප.ව 4.00 ) – ග්‍රීන් ටී හෝ පලතුරු යුෂ කෝප්පයක් 

රාත්‍රී ආහාරය ( ප.ව 7.00 ) – තැම්බූ එළවළු කිහිපයක් සමග ටූනා 

දෙවන දිනය

උදෑසන 7 – මඳ උණුසුම් වතුර කෝප්පයකට ඇපල් සයිඩර් විනාකිරි තේ හැඳි 1 සහ මී පැණි තේ හැඳි 1 එකතු කර 

උදෑසන ආහාරය ( පෙ.ව 8.00) – කැරට් කෝප්ප භාගයක යුෂ , නිවිති සහ බිත්තර සැන්විච් 

දහවල් ආහාරය ( ප.ව 12.00 ) – ටූනා සලාද wrap එකක් හෝ දෙකක් 

සවස ( ප.ව 4.00 ) – ග්‍රීන් ටී හෝ පළතුරු යුෂ කෝප්පයක් 

රාත්‍රී ආහාරය ( ප.ව 7.00 ) – තැම්බූ එළවලු සමග බේක් කල ටූනා , මේද රහිත උණුසුම් කිරි කෝප්පයක් 

තෙවන දිනය

උදෑසන 7 – දෙහි යුෂ සමග උණුසුම් වතුර කෝප්පයක්

උදෑසන ආහාරය ( පෙ.ව 8.00 ) – බිත්තර ඔම්ලට් එකක් , කොමඩු සහ ආමන්ඩ් 

දහවල් ආහාරය ( ප.ව 12.00) – ටුනා , ගෝවා , කැරට්, ඔලිව් සහ බිත්තර යොදා සැකසූ සලාද කෝප්ප එකක් , කැමති පලතුරක් 

සවස ( ප.ව 4.00 ) – ග්‍රීන් ටී හෝ පළතුරු යුෂ කෝප්පයක්

රාත්‍රී ආහාරය ( ප.ව 7.00 ) – ග්‍රිල් කල ටූනා පෙත්තක් සමඟ ටෝස්ට් කල පාන් පෙති දෙකක් , මේද රහිත උණුසුම් කිරි කෝප්පයක් 

දින තුනක මෙම ඩයට් ප්ලෑන් එක අනුගමනය කිරීමෙන් පසුව ඔබ කළ යුත්තේ කුමක්ද ? 

  • පෝෂ්‍යදායී ආහාර සැලසුමක් අනුගමනය කරන්න
  • සෑම දිනකම ඔබේ ආහාර වේලට එළවළු වර්ග තුනක් සහ පලතුරු වර්ග දෙකක්වත් ඇතුලත් කරන්න.කෘතිම බීම වර්ග වෙනුවට ග්‍රීන් ටී , පළතුරු යුෂ භාවිතා කරන්න. ප්‍රමාණවත් තරම් වතුර පානය කිරීමටත් සැලකිලිමත් වන්න
  • සෞඛ්‍යයට අහිතකර ආහාර වලින් වළකින්න 
  • තෙල් අධික ආහාර, සැකසූ ආහාර , පිෂ්ඨය අධික ආහාර , කෘතිම බීම වර්ග සහ අධික ලෙස සීනි යෙදූ බීම වර්ග හැකිතාක් අවම කරන්න. 
  • දිනපතා ව්‍යායාම වල නිරත වන්න 
  • ඔබේ සෞඛ්‍ය තත්වය අනුව ඔබට ගැළපෙන ලෙස ව්‍යායාම කාල සටහනක් සකස් කරගන්න.ඒවාට අමතරව දිනපතාම ඇවිදීම, දිවීම සහ බයිසිකල් පැදීම වැනි ක්‍රියාකාරකම්වලද නිරත වන්න.
  • ප්‍රමාණවත් නින්දක් ලබාගන්න 
  • සෞඛ්‍ය සම්පන්න නින්දක් ලබා ගැනීම මිනිස් ශරීරයට අතිශයින්ම වැදගත් වන කාරණාවක්. කාර්යබහුල දිනයක් ගත කරන ඔබ අනිවාර්යෙන්ම අවම වශයෙන් පැය 7ක හෝ නින්දක් ලබාගත යුතුයි.
  • භාවනාවක හෝ යෝගා අභ්‍යාසවල නිරත වන්න 
  • ඔබේ මනස සැහැල්ලු කිරීමට ඔබට ගත හැකි පියවරක් තමයි මේ. භාවනාවක හෝ යෝගා අභ්‍යාස වල නිරත වීම නින්දට පෙර කළ හැකි නම් ඔබේ නින්ද ගුණාත්මක එකක් කර ගැනීමට ඔබට හැකියාව තිබෙනවා. ඒ වගේම ඔබේ මනස තුළ ඇති ඍණාත්මක හැඟීම් ධනාත්මක හැඟීම් බවට පරිවර්තනය කරගැනීමටත් , කාංසාව , ආතතිය වැනි හැඟීම් පාලනය කර ගැනීමටත් මෙවැනි ක්‍රියාකාරකම් මගින් ඔබට පුළුවන්.

කෙසේ වෙතත් මෙම ඩයට් ක්‍රමය හෝ කුමන ඩයට් ක්‍රමයක් ඔබ අනුගමනය කළ ද ,ඊට පෙර ඔබේ වර්තමාන සෞඛ්‍ය තත්ත්වය කෙසේ ද යන්න ඔබේ වෛද්‍යවරයා හමු වී පරික්ෂා කර ගත යුතුයි. 

Related Articles

Don't Miss


Latest Articles