මේ පිළිකා වර්ග 05 ගැන කාන්තා ඔබ දැනුවත්ද?

පිළිකා කියන්නෙ නම ඇහුවත් තිගැස්සෙන රෝග අතර ඉහළම තැනක ඉන්න රෝගයක්නෙ.

පිළිකාවකදී මුලින්ම ශරීරයේ කුමන හෝ ස්ථානයක ඇතිවෙන විකෘති සෛලයක් ඉතා ඉක්මණින් බෙදීමට ලක්වෙලා ඒ ආසන්නව තියෙන පටක සහ අනෙකුත් ඉන්ද්‍රයන් ආක්‍රමණය කරමින් පැතිරෙනව. 

අවසානයේ මේ විකෘති සෛල රුධිරයට එකතු වී ඒ හරහා ශරීරය පුරාම ගමන් කිරීම සිදුවෙනවා. 

අන්න ඒ නිසා අපේ සිරුරේ මොළයේ සිට පාද දක්වා ඕනෑම ස්ථානයක මේ පිළිකා ඇතිවීමේ අවදානම තියෙනව. 

ඊළඟට අපිට ඇතිවෙන ගැටළුව තමයි පිළිකා රෝගය මෙතරම් භයානක වෙන්නෙ ඇයි කියල.

අපිට යම් රෝගයක් වැළඳී ඇතිබව අපිට පෙන්වන්නෙ ඒ රෝගයේ රෝග ලක්ෂණ මගින්නෙ.

නමුත් මෙහිදී පිළිකාව ඇතිවෙන ස්ථානයෙන් ස්ථානයට දකින්න සහ දැනෙන්න ලැබෙන රෝග ලක්ෂණ එකිනෙකට වෙනස් වෙනවා. 

ඒ වගේම බොහෝවිට පිළිකා රෝගීන් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවෙන්නෙ පිළිකාව ශරීරයේ වැඩි ප්‍රමාණයක පැතිර ගියාට පසුව වීමත් මීට හේතුවක්.

මොකද, සමහර පිළිකා වෛද්‍ය පරීක්ෂණ වලින් හැර හඳුනාගැනීම අපහසුයි වගේම අවසානය දක්වාම රෝග ලක්ෂණ පෙන්වන්නෙත් නැහැ.

ඉතිං මේ පිළිකා කියන පුළුල් මාතෘකාවෙන් කාන්තා ඔබට ඉතාම වැදගත් කොටසක් ගැන ඔබව දැනුවත් කරන්නයි අපි මේ සූදානම් වෙන්නෙ.

කාන්තාවන් අතර බහුලව දකින්න ලැබෙන පිළිකා වර්ග 05 ක් ගැන අපි අද අවධානය යොමු කරමු.

පියයුරු පිළිකා

කාන්තාවන් අතර බහුලවම හඳුනාගන්න ලැබෙන මෙම පිළිකා වර්ගය පියයුරු ආශ්‍රිත සෛල වල ඇතිවී කිහිලි වල වසා ගැටිති දක්වා පැතිර යාමේ අවධානමක් තියෙනව.

පියයුරු පිළිකා ඇති වීමට නිශ්චිත හේතුවක් හඳුනා ගැනීමට නැතත් බොහෝවිට,

ඔබේ පවුලේ ව්ශේෂයෙන්ම මවගේ පාර්ශවයේ පිළිකා ඉතිහාසය

මධ්‍යසාර පානය

මව්කිරි නොදීම

ගර්භණීභාවයට පත් නොවීම

ශරීරයට අහිතකර ලෙස දිගින් දිගටම උපත් පාලන පෙති භාවිතා කිරීම

හෝමෝන ප්‍රතිස්ථාපන චිකිත්සාව 

අධික තරබාරුව සහ 

ශරීරයට ව්‍යායාම නොලැබීම මේ සඳහා හේතු වෙන්න පුළුවන් බවයි විශ්වාස කරන්නෙ. 

අනෙක් පිළිකා වර්ග වලට වඩා ඉක්මනින් සහ පහසුවෙන් පියයුරු පිළිකා හඳුනා ගන්න ඔබට පුළුවන් නිසා පියයුරු ආශ්‍රිතව ඇතිවෙන පහත සඳහන් පියයුරු පිළිකා වල රෝග ලක්ෂණ ගැන ඉතාම සැළකිලිමත් වීම ගොඩක් වටිනව.

පියයුරු සහ කිහිලි ආශ්‍රිත ප්‍රදේශවල ඇතිවෙන ගැටිති,

අසමාන එල්ලා වැටෙන පියයුරු

දොඩම් ලෙල්ලක් ලෙස පියයුරු ආශ්‍රිත සම රළු ස්වභාවයක් ගැනීම

තන පුඩුවෙන් ශ්‍රාවයන් ගලා ඒම

තන පුඩුවේ වර්ණය වෙනස්වීම, තන පුඩුව පියයුර දෙසට හැරීම

තනපුඩු සහ පියයුරු රතු පැහැ සහ කසන සුළු වීම 

පියයුරු පිළිකා බොහෝවිට දකින්න ලැබෙන්නේ වයස අවුරුදු 50 න් ඉහළ කාන්තාවන් අතර වුනත් ඊට අඩු වයස් වල කාන්තාවන් අතරත් වර්තමානයේදී ඉතා වේගයෙන් වාර්තා වන නිසා අවදානම පිළිබඳ අවබෝධය ඉතා වැදගත් වෙනවා. 

ඩිම්බකෝෂ පිළිකා

කාන්තාවන් අතර බහුලව වාර්තා වෙන තවත් පිළිකා වර්ගයක් ලෙස ඩිම්බකෝෂ පිළිකා හඳුන්වා දෙන්න පුළුවන්. අසාමාන්‍ය වේගයකින් බෙදීමට ලක්වෙන විකෘති සෛල ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ ඩිම්භකෝෂ සහ පැලෝපීය නාල ආශ්‍රිතව පාලනයකින් තොරව පැතිරීයාම තමයි මෙහිදී සිදුවන්නේ. 

ඔබේ පවුලේ ව්ශේෂයෙන්ම මවගේ පාර්ශවයේ පිළිකා ඉතිහාසය

හෝමෝන ප්‍රතිස්ථාපන චිකිත්සාව

තරබාරුව

දියවැඩියාව

ලිංගික ප්‍රදේශය ආශ්‍රිතව පවුඩර් ගැල්වීම

දුම්පානය වගේ කාරණා ඩිම්බකෝෂ පිළිකා හටගැනීමට බලපාන හේතු අතර ප්‍රධාන ස්ථානයක් ගන්නා බව විශ්වාස කරනවා. 

ඩිම්බකෝෂ පිළිකා හඳුනාගත හැකි පහත සඳහන් රෝග ලක්ෂණ පිළිබඳ විමසිල්ලෙන් සිටීමත් ඉතාම වැදගත්

යෝනි මාර්ගයෙන් ලේ පිටවීම

අසාමාන්‍ය යෝනි ශ්‍රාවයන්

ශ්‍රෝණි ප්‍රදේශයට වේදනාවක් සහ පීඩනයක් දැනීම

උදරයේ සහ පිටුපස පහළ කොටසේ වේදනාව

බඩ පිපීම

ආහාර ගැනීමේ අපහසුතා සහ ඔක්කාරය

නිතරම මුත්‍රා බරක් දැනිම, මුත්‍රා පිටවීම සහ හදිසි මුත්‍රා පිටවීම

නිතරම ඇතිවෙන බඩවැල් වල චලන

මළබද්ධය

ගැබ්ගෙළ පිළිකා

ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ ගැබ්ගෙළ ආශ්‍රිතව පාලනයකින් තොරව පැතිරී යන විකෘති සෛල හේතුවෙන් අතිවෙන ගැබ්ගෙළ පිළිකාත් කාන්තාවන් අතර බහුලවම දකින්න ලැබෙන පිළිකා අතර ප්‍රධානම ස්ථානයක් ගන්නව.

බොහෝවිට නිශ්චිතව හඳුනාගත හැකි රෝග ලක්ෂණ නොපෙන්වන මෙම පිළිකා තත්වය යෝනි මාර්ගයෙන් අසාමාන්‍ය ලෙස ශ්‍රාවයන් සහ ලේ පිටවීම, පාද ඉදිමීම,  අස්ථි වල වේදනා වගේ රෝග ලක්ෂණ පෙන්වන අවස්ථාත් තිබෙනවා.

ගැබ්ගෙළ පිළිකා ඇතිවෙන රෝගින්ගෙන් වැඩිපිරිසකට මෙම රෝගය ඇතිවීමට HPV එහෙමත් නැත්නම් මානව පැපිලෝමා වෛරසය හේතුවී තිබෙනවා.

ඒ වගේම

දුම්පානය

HIV හෝ AIDS ආසාදනය

අවුරුදු 05 කට වැඩි කාලයක් උපත් පාලන පෙති භාවිතා කිරීම

ලිංගික සහකරුවන් කීපදෙනෙක් අසුරු කිරීම වගේ කරුණුත් මේ සඳහා බලපෑ හැකි බව හඳුනාගෙන තිබෙනවා.

සමේ පිළිකා

ඔබ එක්වරම විශ්වාස නොකලත් චර්ම පිළිකාත් කාන්තාවන් අතර බහුලව වාර්තා වෙන පිළිකා වර්ග වලින් එකක්.

හිරුගේ අහිතකර අධෝරක්ත කිරණට නිරාවරණය වීම

සුදු සමක් පිහිටීම

නිල් සහ කොළ ඇස් තිබීම

රතු හෝ දුඹුරු හිසකෙස් තිබීම

සමේ වැඩි වශයෙන් ඉන්නන් (mole) තිබීම චර්ම පිළිකා ඇතිවීමට අවදානම් සාධක ලෙස හඳුනාගන්න පුළුවන්. 

සමේ සිදුවන වෙනස්වීම්

ඉන්නන් ප්‍රමාණයෙන් විශාල වීම

සුව නොවන තුවාල

සමේ වේලුනු රතු පැහැති පැල්ලම් ඇතිවීම වැනි රෝග ලක්ෂණ පිළිබඳ අවබෝධයෙන් සිටීම ඉතාම වැදගත්. 

පෙණහළු පිළිකා

හෘදයේ පෙණහළු ආශ්‍රිතව ඇතිවිය හැකි පෙණහළු පිළිකාවේ රෝග ලක්ෂන ලෙස

දිගු සහ කල් පවතින කැස්ස

හුස්ම ගැනීමේ අපහසුව

පපුවේ වේදනාව

සෙම සහ ශ්ලේෂ්මල සමඟ ලේ පිටවීම ආදිය දකින්න ලැබෙනවා.

පෙණහළු පිළිකා ඇති වීමට ප්‍රධානම හේතුව ලෙස දුම්බීම සහ දූෂිත වාතය ආග්‍රහණය කිරීම හඳුනාගෙන තිබෙනවා. 

තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිතව ඇතිවෙන පිළිකා

ඉතාම සෙමින් වර්ධනය වන සහ රෝග ලක්ෂණ ඉතාම අඩුවෙන් පෙන්වන තයිරොයිඩ ග්‍රන්ථිය ආශ්‍රිත පිළිකා පහත රෝග ලක්ෂණ පෙන්වන අවස්ථා තිබෙනවා.

බෙල්ලේ සහ උගුරේ අතිවෙන වේදනාවෙන් තොර ගැටිති

ගිලීමේ සහ හුස්ම ගැනීමේ අපහසුතා

කටහඬේ ඇතිවෙන වෙනස්වීම් 

ඔබ අවදානමෙන් මිදෙන්න

පිළිකා ඇතිවීම සෑම විටම වළක්වා ගත නොහැකි වුනත් පිළිකා ඇතීවීමේ අවදානම අඩුකර ගැනීමේ හැකියාව අපිට තිබෙනවා. ඒ නිසා,

ක්ෂණික සහ ගැඹුරු තෙල් වල බඳින ලද ආහාර, පැණි රස අතුරුපස සහ පැණීබීම වර්ග, සොසේජස් වැනි සකසන ලද මස් වර්ග අපේ ආහාර වේලෙන් හැකි තරම් ඈත්කර නැවුම් එළවළු සහ පළතුරු වර්ග, පලා වර්ග සහ මාළු, මස් වර්ග ආහාර වේලට එකතු කරගන්න ඔබට පුලුවන්.

ඔබේ සිරුර වෙහෙසවන කුමක් හෝ කාර්‍යයක යෙදීම

මනස නීරෝගීව තබා ගැනීම

ඇල්කොහොල් භාවිතය අවම කිරීම

අනාරක්ෂිත ලිංගික සබඳතා වලින් වැළකීම

පූර්ව පිළිකා හඳුනාගැනීමේ පරීක්ෂණ සඳහා යොමුවීම වගේ පියවර අනුගමනය කරන්න ඔබට පුලුවන්.

විශේෂයෙන්ම ඔබට ඇත්තේ පිළිකා රෝගීන් සහිත පවුල් ඉතිහාසයක් නම් ඔබ දැනටමත් අවදානම් කාණ්ඩයක සිටින බව ඔබ නිරතුරුවම සිහිතබා ගත යුතුයි.

පිළිකා යනු මූලික අවධියේදී හඳුනාගෙන නිසි පරිදි කරන ප්‍රතිකාර වලින් ඉතාම හොඳින් පාලනය කරගත හැකි රෝගී තත්වයක් නිසා අනවශ්‍ය බියක් ඇතිකර ගැනීම අවශ්‍යත් නෑ.

එසේනම්, මෙවැනි වැදගත් ලිපියකින් අපි නැවත හමුවෙමු. 

Related Articles

Don't Miss


Latest Articles