ඔබේ ශරීරයේ ප්‍රතිශක්තිකරණය වැඩිදියුණු කරන සරල ව්‍යායාම ගැන දැනගනිමු

මේ දිනවල අපට වැඩි වැඩියෙන් අහන්න ලැබෙන දෙයක්නේ ප්‍රතිශක්තිකරණය කියන්නේ.ඉතිං අද අපි හිතුවා Immunity Boost Exercise ගැන ඔබව දැනුවත් කරන්න.මෙම සරල  ව්‍යායාම මඟින් ඔබට ඔබේ ප්‍රතිශක්තිය වැඩි කර ගැනීමට සහ ඔබේ ශරීරයේ ස්වාභාවික ආරක්‍ෂක යාන්ත්‍රණය වැඩි දියුණු කිරීමට හැකි වන බව නොඅනුමානයි.

ව්‍යායාම හරහා  ප්‍රතිශක්තිකරණ ඉහළ දැමිය හැකිද ?

 ශාරීරික යෝග්‍යතාවය ලබා ගැනීමට ව්‍යායාම කිරීම හොඳම ක්‍රමය බව ඔබ දැනටමත් දන්නවා ඇති, එමඟින් ඔබේ ප්‍රතිශක්තිකරණය  ද ඉහළ නංවා ගත හැකියි .ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා දැඩි ව්‍යායාමයක් කිරීම අවශ්‍ය   වන්නේ නැහැ. ප්‍රතිශක්තිකරණ පද්ධතිය සාර්‍ථකව වැඩ කිරීමට ඉඩ සැලසීම සඳහා ඔබට පහසු හෝ අඩු බලපෑම් සහිත ව්‍යායාම කළ හැකියි.

අඩු බලපෑම් සහිත ව්‍යායාම කිරීම පහසුවෙන් කරන්න පුළුවන් දෙයක්.  පාපැදි පැදීම, ඇවිදීම, පිහිනීම සහ යෝගා කිරීම  වැනි සරල දේවල් එයට ඇතුළත් වනවා.මේ වගේ අඩු බලපෑමක් ඇති ව්‍යායාම මඟින් ශරීරයේ  රුධිර ගමනා ගමනය  වැඩි දියුණු කිරීම, ආතතිය අඩු කිරීමට සහ සෞඛ්‍ය සම්පන්නව සිටීමට උපකාරී වන බව වෛද්‍ය විද්‍යාත්මකවත් තහවුරු වී ඇත්තක්.

ඔබ සෞඛ්‍ය සම්පන්නව සිටීමට සහ ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත්ව තබා ගැනීමට කළ යුතු අඩු බලපෑම් සහිත ව්‍යායාම  වර්ග 5 ක් මෙන්න.

1. ඇවිදීම

නිසැකවම, නිතිපතා ඇවිදීමෙන් ඇවිදීමෙන් සෞඛ්‍ය ප්‍රතිලාභ ගණනාවක් අපට  ලැබෙනවා. එය ප්‍රතිශක්තිකරණ ක්‍රියාකාරිත්වය වැඩි කරන අතර ඔබේ ශරීරයේ ස්වාභාවික ආරක්‍ෂක යාන්ත්‍රණය ශක්තිමත් කරනවා. හාවඩ් සෞඛ්‍ය ප්‍රකාශන ආයතනයේ අධ්‍යයන තහවුරු කරන්නේ  දිනපතා මිනිත්තු 20 ක් ඇවිදින අය අසනීප වීමේ අවදානම අඩු කරන බවයි.

2.Side to side jumps

මෙය ඉතාම පහසු ව්‍යායාමයක්. ඔබේ  යෝග්‍යතා තන්ත්‍රයට පැත්තෙන් පැත්තට පැනීමේ හෝ චලනයන්හි ඕනෑම වෙනසක් එක් කරන්න. එසේ කිරීමෙන් ඔබේ ශරීරයේ ස්ථාවරභාවය, සම්බන්ධීකරණය සහ ශක්තිය වර්ධනය කර ගන්න පුළුවන් . මෙය  ඔබේ ශරීරයේ ප්‍රතිශක්තිකරණය ඉහළ දමන්න  විශාල බලපෑමක් ඇති කරනවා.

3. Squats

ස්කොට්ස්, නිතිපතා කරන විට, කකුල්වල ශක්තිමත් බව වැඩි  කරමින් ඔබේ ශරීරයේ මනා පැවැත්මට  ප්‍රබල ව්‍යායාමයක් ලබා දේ. ඊට අමතරව, රුධිර සංසරණය වැඩි දියුණු කිරීමෙන් ඔබේ ශරීරය ශාරීරිකව ශක්තිමත්ව තබා ගැනීමත් මේ තුළින් සිදු වනවා.

4. Pilates

නම්‍යශීලීභාවය සහ ශක්තිමත් බව  ගොඩනගා ගැනීම   සඳහා පිලේට්ස් ඉතා වැදගත් කාර්ය භාරයක් ඉටු කරන ව්‍යායාමයක් . අනෙක් අතට, ප්‍රතිශක්ති පද්ධතිය සඳහා ද මෙම  ව්‍යායාමය වැදගත් .  මෙම ව්‍යායාමයේ  රිද්මයානුකූල චලනයන් තුළින් සෞඛ්‍ය සම්පන්න ප්‍රතිශක්තිකරණ පද්ධතියක් සඳහා අවශ්‍ය රුධිර සංසරණය සහ වසා ගැටිති ප්‍රබෝධමත් කරනවා.

5. Classic Superman pose

මෙම  අභ්‍යාසය ඔබේ පහළ සහ ඉහළ පිටුපසට ශක්තිමත් කරනවා . උපරිම ප්‍රයෝජනය සඳහා මිනිත්තු 1 සිට 2 දක්වා ඉරියව්ව තබා ගැනීමට උත්සාහ කරන්න. ඔබේ දෛනික ව්‍යායාම ක්‍රමය සඳහා මෙය එකතු කරන්න, එවිට ඔබට ඔබේ ප්‍රතිශක්තිකරණය වැඩි දියුණු කිරීමට, අසනීප වීමේ අවදානම අඩු කිරීමට ඉතා වැදගත්.

අප ඉහතින් සඳහන් කළ සරල ව්‍යයාම එදිනෙදා ඔබ සිදු කරන ව්‍යයාම සඳහා එක් කර ගන්නා අතර තුර නැවුම් එළවලු පළතුරු ආහාරය සඳහා එක කර ගැනීම ,ජලය හොදින් පානය කිරීම වැනි යහපත් පුරුදු හරහා නිසැකයෙන්ම  ඔබටත් හොඳ සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට එළඹිය හැකියි.

Related Articles

Don't Miss


Latest Articles