Horror Movies ප්‍රිය කරන ප්‍රේක්ෂකයන් අතර ඉමහත් ජනප්‍රියට පත්වූ චිත්‍රපට මාලාව

ජේම්ස් වන් සහ ලී වැනෙල් විසින් නිර්මාණය කරන ලද අද්භූත සහ ත්‍රාසජනක චිත්‍රපට මාලාවක් වන Insidious චිත්‍රපට මාලාව අදටත් ලොව පුරා ප්‍රේක්ෂකයාගේ හදවත් ඇඳ බැද තබාගෙන තියෙනවා. 2010 වසරේ insidious පලවන චිත්‍රපටිය නිකුත් කෙරුණු අතර ඉන්පසුව 2013 වසරේ දී insidious chapter 2 ද , 2015 වසරේ දී insidious chapter 3 සහ 2018 වර්ෂයේ දී insidious, the last key චිත්‍රපටය නිකුත් විය.

පලවන චිත්‍රපටයේදී ජෝෂ් නැමැති පුද්ගලයා ඔහුගේ බිරිඳ සහ දරුවන් සමඟ නව නිවසක පදිංචියට යනවා.ඔවුන් එහි පදිංචි වූ දින සිට අමුතුම අත්දැකීම්වලට මුහුණ දීමට ඔවුන් හට සිදු වෙනවා.ඒ අතරතුර දී හදිසියේම නොසිතූ දිනක ජෝෂ්ගේ වැඩිමහල් දරුවා වන ඩෝල්ටන් කෝමා තත්ත්වයකට පත්වනවා.කිසිදු වෛද්‍ය ප්‍රතිකාරයකට ප්‍රතිචාර නොදක්වන ඩෝල්ටන් හට සැබැවින්ම සිදුවී ඇති දෙය ජෝෂ් සහ ඔහුගේ බිරිඳ දැන ගන්නේ ඉන්පසුවයි.

Insidious ; chapter 2 චිත්‍රපටයේ දී 1986 වර්ෂයේ දී ලොරේන් ලැම්බට් විසින් භූත විද්‍යාඥවරියක වන එලිස් ව තම නිවසට කැඳවනු ලබනවා.තම නිවෙස තුළ සිදු වන අද්භූත සිදුවීම් පිළිබඳව සොයා බැලීමට සහ තම පුතු වන ජෝෂ්ට උදව් කිරීමට ලොරේන් විසින් එලිස්ගේ සහය පතනවා.ජෝෂ් පිළිබඳව කරුණු අධ්‍යනය කිරීමෙන් පසුව ඔහු තුල ඇති තම සිරුරෙන් එපිටට ගමන් කළ හැකි හැකියාව ඔහුගේ ආරක්ෂාව සඳහා ම යටපත් කළ යුතු බව එලිස් අවධාරණය කරනවා.කෙසේ හෝ අවුරුදු 25කට පසුව එලිස්ගේ හදිසි මරණය සම්බන්ධයෙන් ජෝෂ්ගේ බිරිඳගෙන් ප්‍රශ්න කරනු ලබන්නේ ජෝෂ් මත සැක පහල වන නිසයි.අපරාධ ස්ථානයේ තිබෙන ඇඟිලි සලකුණු ජෝෂ්ගේ ඇගිලි සලකුණු වලට සමාන වූවොත් ඔහු අපරාධකරු බවට පත් විය හැකි බව අපරාධ අංශ වලින් අනතුරු අඟවනවා.ඒ අතරතුරදී ජෝෂ් සහ ඔහුගේ බිරිඳ තම දරුවන් සමග ඔවුන්ගේ පැරණි නිවසේ පදිංචියට යනවා.එහිදී නැවතත් පුරුදු ලෙසටම අද්භූත සිදුවීම් වලට මුහුණ දීමට ඔවුන්ට සිදුවනවා.මියගිය භූත විද්‍යාඥවරිය වන එලිස්ගේ සහායකයන් දෙදෙනා කරන විමර්ශන වලට අනුව සිදුවන සිදුවීම් වටා චිත්‍රපටය ගලාගෙන යන්නේ ඉන්පසුවයි

චිත්‍රපට මාලාවේ තෙවන චිත්‍රපටය ක්වීන් නැමති ගැහැණු ළමයෙකු වටා ගෙතී තියෙනවා.ඇගේ මව මිය ගිය පසුව මවගේ ආත්මය හා සම්බන්ධ සම්බන්ධ වීමට ක්වීන් උත්සාහ කරනවා.එවැනි ආත්ම සමග ගනුදෙනු කරමින් මිනිසුන්ට ඇතිවන ගැටළු විසඳන එලිස් නැමති කාන්තාව ව ක්වීන් මුණගැහෙනවා.තමන්ගේ මව සම්බන්ධ කර ගැනීමට උත්සාහ කරන ක්වීන් හට සම්බන්ධ වන්නේ වෙනත් භයානක ආත්මයක් බව දැනගන්නා එලිස් , නැවතත් මවගේ ආත්මය සමග සම්බන්ධ වීමට උත්සාහ නොකරන ලෙසට ක්වීන්ට උපදෙස් දෙනවා.නමුත් ක්වීන් ඒ උපදෙස් නොතකා දිගින් දිගටම ඇගේ උත්සාහයෙ නිරත වනවා.එහිදී ක්වීන් හට මුහුණ දීමට සිදුවන අනපේක්ෂිත සිදුවීම් සහ ත්‍රාසජනක අත්දැකීම් වටා insidious chapter 3 චිත්‍රපටය දිග හැරෙනවා

insidious චිත්‍රපට මාලාවේ අවසාන චිත්‍රපටය වන්නේ Insidious ; The last key චිත්‍රපටයයි. මෙහිදී මුලින්ම යම් අතීත කතාවක් ප්‍රේක්ෂකයා වෙත ගෙන හැර දක්වන අතර විවිධ ආත්ම සමග සන්නිවේදනය කළ හැකි විශේෂ හැකියාවක් සහිත කුඩා දැරියක් ඇගේ පියාගේ තරවටු වලට ලක් වන ආකාරයත් , ඉන්පසුව නිවසේ බිම් මහලේ ඇයව සිර කරන ආකාරයත් පෙන්වනවා.බිම් මහලේ දී ඇය රතු පැහැති දොරටුවක් දකින අතර එම දොරටුවෙන් අනික් පසෙන් ඇසෙන හඬකින් ලැබෙන උපදෙස් වලට අනුව ඇය එම දොරටුව විවෘත කරනවා.අතිශය බියට පත්වී ඇය කෑ ගසන විට ඇගේ මව බිම් මහල වෙත දිව එනවා.එහිදී යම් සිදුවීමකින් ඇගේ මව මරණයට පත් වන අතර චිත්‍රපටයේ ඉතිරිය එතැන් පටන් වෙනස්ම ආකාරයකට දිගහැරෙනවා.

2010 වර්ෂයේ සැප්තැම්බර් 14 වන දින නිකුත්වන පලවන චිත්‍රපටයෙන් පසුව එය ඇතුළු චිත්‍රපට හතරම අදටත් බොහෝ දෙනා නරඹනවා.එක්සත් ජනපදය සහ කැනඩාව යන රටවල් වල ප්‍රධාන වශයෙන් තිරගතවුන මෙම චිත්‍රපට පෙළ මේ වන විට ලොව පුරාම බොහෝ දෙනා වැළඳගෙන අවසන්.ත්‍රාසය, භීතිය සහ කුතුහලය උපරිමයෙන්ම ඇති මෙම අද්භූත කතා මාලාවෙන් ඩොලර් මිලියන 534 කට වඩා වැඩි ප්‍රමාණයක් උපයා තිබෙනවා.අද්භූත සහ ත්‍රාසජනක චිත්‍රපට නැරඹීමට ඇලුම් කරන බොහෝ දෙනාට insidious චිත්‍රපට මාලාව යනු ඉතා හොඳ තේරීමක්.

Related Articles

Don't Miss


Latest Articles