සිරුරේ බර වේගයෙන් අඩු කරන යුෂ වර්ග

ශරීරයේ බර අඩු කර ගැනීම සඳහා මේ වන විට ලෝකයේ ඕනෑ තරම් ක්‍රම භාවිතා කරනවා.විවිධ ව්‍යායාම ක්‍රම, ඩයට් ක්‍රම අනුගමනය කරන ඔබට බොහෝ
පෝෂණවේදීන් අනුමත කරන විවිධ ආහාර වට්ටෝරුත් ඔබේ දෛනික ආහාර වේලට එකතු කර ගන්නට පුළුවන්. ඒ අතරින් බර අඩු කර ගැනීම සඳහා භාවිතා කරන්නට පුළුවන් යුෂ වර්ග ගැනයි මේ ලිපියෙන් ඔබට කියන්නේ

පිපිඤ්ඤා සහ මින්ට් යුෂ

බර අඩු කර ගැනීම සඳහා කැලරි අඩුවෙන් ලබා ගැනීම හෝ වැඩියෙන් කැලරි දහනය කළ යුතු බව ඔබ දැනටමත් දන්නවා.අඩු කැලරි සහිත ආහාර ගන්නවා වගේම දිගු කාලයක් ඔබට පරිපූර්ණ බවක් දැනෙන ආහාර ලබා ගැනීමත් හොඳ උපක්‍රමයක්.පිපිඤ්ඤා යුෂ කියන්නේ ඔබට දිගු වේලාවක් පූර්ණ හැඟීමක් ලබා දෙන පානයක්.එහි අඩංගු අධික ජලය සහ තන්තු අන්තර්ගතය නිසා ඔබේ ශරීරය සජලීයව තබා ගැනීමට වගේම කුසගිනි දැනීම ප්‍රමාදකර වීමටත් හැකියාව තිබෙනවා

cucumber

අවශ්‍ය වෙන්නේ මේ දේවල්

  • සාමාන්‍ය ප්‍රමාණයේ පිපිඤ්ඤා ගෙඩි 1
  • මින්ට් කොළ කිහිපයක්
  • දෙහි යුෂ ස්වල්පයක්

හදන්නේ මෙහෙමයි

  • පිපිඤ්ඤා ගෙඩිය කපා පිරිසිදු කර එහි ඇට ඉවත් කර ගන්න
  • ඉන්පසුව එය කොටු කපා ගෙන බ්ලෙන්ඩරයකට එකතු කර එයට මින්ට් කොළ ස්වල්පය ද එකතු කර හොඳින් බ්ලෙන්ඩ් කරගන්න
  • අවසානයට දෙහි යුෂ ස්වල්පයක් එකතු කරගන්න

කොමඩු සහ ඉඟුරු යුෂ

කොමඩු වල මේදය දහනය කිරීමට උපකාරී වන ඇමයිනෝ අම්ල අඩංගු වනවා.ඒ වගේම ඔබේ ශරීරය සජලීයව තබා ගැනීමට කොමඩු යුෂ පානය කිරීම මගින් හැකියාව ලැබෙනවා.ඉඟුරු මගින් ඔබගේ ආහාර දිරවීමේ ක්‍රියාවලිය වේගවත් කරන අතර පරිවෘත්තීය ක්‍රියාවලිය ද දියුණු කරයි

watermelon

අවශ්‍ය වෙන්නේ මේ දේවල්

  • කොමඩු ගෙඩි භාගයක්
  • ඉඟුරු කැබැල්ලක්
  • අවශ්‍ය නම් පමණක් වතුර ස්වල්පයක්

හදන්නේ මෙහෙමයි

  • කොමඩු වල ඇට ඉවත් කර කොමඩු කැබලි බ්ලෙන්ඩරයට දමන්න
  • එයට පිරිසිදු කරගත් ඉඟුරු කැබැල්ල ද එකතු කරන්න
  • අවශ්‍ය නම් පමණක් වතුර ඉතාම ස්වල්පයක් එකතු කර හොඳින් බ්ලෙන්ඩ් කරගන්න

කැරට් , ඇපල් සහ දොඩම් යුෂ

මෙම යුෂ වට්ටෝරුව ප්‍රතිශක්තිකරණ බූස්ටරයක් ලෙස හඳුන්වන්නට පුළුවන් .මේ සෑම අමුද්‍රව්‍යයක්ම විටමින් වලින් පරිපූර්ණව ඇති අතරම ප්‍රතිඔක්සිකාරක වල විශිෂ්ට ප්‍රභවයන් ද වනවා .ඔබේ ශරීරයේ ඇති විෂ ඉවත් කර බර අඩු කර ගැනීමට මෙය ඉතාමත් හොඳ පානයක්

apple

අවශ්‍ය වෙන්නේ මේ දේවල්

  • කැරට් ගෙඩි 1
  • රතු හෝ කොළ ඇපල් ගෙඩි 1
  • දොඩම් ගෙඩි 1
  • ඉඟුරු කැබැල්ලක්
  • වතුර ස්වල්පයක්

හදන්නේ මෙහෙමයි

  • මුලින්ම කැරට් ගෙඩිය හොඳින් සුද්ද කර කැබලි වලට කපා ගන්න
  • දැන් ඇපල් ගෙඩියේ ඇට ඉවත් කර කැබලි වලට කපා ගන්න
  • දැන් මේ අමුද්‍රව්‍ය දෙකම බ්ලෙන්ඩරයට එකතු කර පිරිසිදු කරගත් ඉඟුරු කැබැල්ල ද ,දොඩම් ගෙඩියක යුෂ ද වතුර ස්වල්පයක්ද එකතු කර හොඳින් බ්ලෙන්ඩ් කරගන්න

පිපිඤ්ඤා,පාස්ලි සහ ලෙමන් යුෂ

මෙම යුෂ පානය කිරීම අපේ උදරයේ මේදය අඩු කර ගැනීම සඳහා වඩාත් උපකාරී වනවා.ඔබේ පරිවෘත්තීය සහ ප්‍රතිශක්තිකරණ පද්ධති වල ක්‍රියාකාරීත්වය වැඩි කිරීම සඳහාද දායක වන මෙම යුෂ පානය බර අඩු කර ගැනීම සඳහා ද හේතු වනවා.ඔබේ ශරීරය සජලීය ව තබා ගැනීමටත් , ඉතා හොඳ පෝෂණ ගුණයක් ලබා ගැනීමටත් මෙම පානයෙන් හැකියාව ලැබෙනවා

අවශ්‍ය වෙන්නේ මේ දේවල්

  • පිපිඤ්ඤා ගෙඩි 1
  • ලෙමන් ගෙඩි 1
  • පාස්ලි ස්වල්පයක්
  • ඉගුරු කැබැල්ලක්
  • වතුර ස්වල්පයක්

හදන්නෙ මෙහෙමයි

  • පිපිඤ්ඤා ගෙඩියේ ඇට ඉවත් කර කොටු කපා බ්ලෙන්ඩරයට දමන්න
  • එයට පාස්ලි ස්වල්පයත් , පිරිසිදු කරගත් ඉඟුරු කැබැල්ලත්, ලෙමන් ගෙඩියක යුෂ සහ වතුර ස්වල්පයක් එකතු කර හොඳින් බ්ලෙන්ඩ් කර ගන්න

මෙම යුෂ පානය ඔබේ උදෑසන ආහාර වේලට එකතු කරගන්නට ඔබට පුළුවන්. ඒ වගේම දවස පුරා නිසි පරිදි ජලය පානය කිරීම , හොඳ ව්‍යායාම රටාවක් අනුගමනය කිරීම සහ ආහාර රටාවක් අනුගමනය කිරීම මඟිනුත් ඉතා හොඳ ප්‍රතිඵල ලබා ගන්න ඔබට හැකියාව තිබෙනවා

Related Articles

Don't Miss


Latest Articles