බොහෝ දෙනෙක් විවෘතව කතා නොකරන ලිංගාශ්‍රිත රෝග ගැන නිවැරැදිව දැන ගන්න

සමාජයේ බොහෝ දෙනෙක් කතා කිරීමට අකමැති නමුත් තරමක් ව්‍යාප්ත වී ඇති රෝගී තත්ත්වයක් ලෙස ලිංගාශ්‍රිත රෝග – STD හඳුන්වන්න පුළුවන්. පවුලේ මව, බිරිද යන වැදගත්ම භූමිකාවන් හිමි කාන්තා ඔබ , ලිංගාශ්‍රිත රෝග පිළිබද නිවැරැදි දැනුමින් සමන්විත වීම වැදගත් නිසා මේ ලිපියේ අරමුණ සමාජය තුල විවෘතව කතා බහ නොකෙරෙන ලිංගාශ්‍රිත රෝග ගැන ඔබව දැනුවත් කිරීමයි.

තවමත් ලංකාව තුල විදිමත්ව ලිංගික අද්‍යාපනය යොවුන් වියේ දරුවන්ට නොලැබෙන නිසාම ලිංගාශ්‍රිත රෝග වලට පහසුවෙන් ගොදුරු වීමේ ඉඩක් තරුණ ප්‍රජාව තුල තවමත් දක්නට ලැබෙනව. එමෙන්ම මෙවැනි රෝගයක් වැළදුනු රෝගීන් දෙස තවමත් සමාජය වපැරැසින් බැලීම නිසාම මෙවැනි තත්වයන්ට නිසි ප්‍රතිකාර ලබා ගැනීමට පවා පුද්ගලයන් මැලි බවක් දක්වනව.

ලිංගාශ්‍රිත රෝග ගැන කාන්තාවන් ලෙස ඔබත් මමත් නිසි පරිදි දැනුවත් වීම වැදගත් නිසාම මේ ලිපියේ අරමුණ සමාජය තුල විවෘතව කතා බහ නොකෙරෙන ලිංගාශ්‍රිත රෝග ගැන ඔබව දැනුවත් කිරීමයි.

මාරාන්තික ලිංගාශ්‍රිත රෝගයන්ට ගොදුරුවන්නන්ගේ ප්‍රමාණය දින දින සීඝ්‍ර ලෙස වැඩි වී ඇති බව වාර්තා වනවා. 2019 වසරේ දත්තවලට අනුව වසරකට එච්.අයි.වී. (ඒඩ්ස්) ඇතුළු සමාජ රෝග නැතිනම් ලිංගික රෝගවලට ගොදුරු වන්නන්ගේ ප්‍රමාණය 6000කට ආසන්නයි.එමෙන්ම ලිංගික රෝගයන්ට ගොදුරැ වන්නන් අතර වයස අවුරුදු 25 – 49 වයසේ පසුවන කාන්තාවන් සහ වයස අවුරුදු 15 සිට අවුරුදු 50 දක්වා වයසේ පසුවන පිරිමින් වැඩිපුර වාර්තා වෙන බවයි එහි දැක්වෙන්නේ.

මෙරටින් බහුලව වාර්තා වෙන ලිංගික රෝග වන්නේ ,

  • ඒඩ්ස්
  • ක්ලැමීඩියා
  • ගොනෝරියා (සුදු බිංදුම)
  • ලිංගික හර්පිස්
  • උපදංශය (සිපිලිස්)
  • ලිංගික ඉන්නන්


මෙම රෝග සියල්ලට සෑදීමට බලපාන ප්‍රධානතම හේතුව අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා බව මතකයේ තබා ගැනීම ඉතාම වැදගත් වනවා.ඒ වගේමයි ලිංගාශ්‍රිත රෝග සෑදීමට බලපාන එකම හේතුව අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා නම් නොවෙයි.එයට බලපාන විවිධ හේතු සාධක පවතිනවා

01- ඒඩ්ස්

ඒඩ්ස් රෝගය සුව කිරීමට නම් ඒඩ්ස් වෛරසය විනාශ කළ යුතු යි. එහෙත් ඒ සඳහා සුදුසු ඖෂධයක් තවම සොයා ගෙන නැහැ. දැන් ලොව පුරා වසංගතයක් ලෙසින් ඒඩ්ස් රෝගය ද ව්‍යාප්ත වනවා. එය යම් කෙනෙකුගේ සිරුරට ඇතුළු වන්නේ මරණයත් උරුම කරගෙන යි . ‍රෝගය සුව කිරීමට වඩා අනාරක්ෂිත ලිංගික සබඳතා මගහැර රෝගයට ගොදුරු වීම වැළැක්වීම ඉතා පහසු යි. අවශ්‍ය වන්නේ චර්යා වෙනස පමණකි.

රෝග ලක්ෂණ

  • නිරන්තර හෝ දරුණු යෝනි ආසාදන
  • ලිංගික තුවාල
  • ලිංගික ඉන්නන්
  • දරුණු සමේ ආසාදන

02 – ක්ලැමීඩියා

ක්ලැමීඩියා නම් බැක්ටීරියා මගින් පැතිරෙන මෙම රෝගය, රෝගය සහිත කෙනෙකු සමඟ යෝනි, ගුද, මුඛ සංසර්ගයේ යෙදීමෙන් බෝ වනවා

රෝග ලක්ෂණ

  • ආසාදිතයකු හා ලිංගික කාර්යයේ යෙදී දින හතක් විසි එකක් අතර කාලයේදී රෝග ලක්ෂණ මතුවනවා.
  • ස්ත්‍රීන්ගේ යෝනි ශ්‍රාවයක් ගැලීම හෝ ඔසප් වාර අතර යෝනියෙන් ලේ යෑම.
  • මුත්‍රා කිරීමේදී දැවිල්ල ඇතිවීම
  • මුත්‍රා පිටවීම
  • උදර ප්‍රදේශයේ වේදනාව
  • ඇතැම්විට උණ සහ ඔක්කාරය
  • මේ රෝගය නිසා ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයම වඳභාවයට පත්විය හැකියි.

ක්ලැමීඩියා රෝගයට ගොදුරු වූ මවකට උපදින දරුවාට ද එය බෝ වීමේ අවදානමක් ඇති අතර ලිංගික සහකරුට හෝ සහකාරියට රෝගය බෝවන බැවින්, රෝගය හඳුනාගෙන ප්‍රතිකාර සඳහා යොමු වීම ඉතා වැදගත්.

03 – හර්පීස්

හර්පීස් සිම්ප්ලෙක්ස් වෛරසය මඟින් පැතිරෙන හර්පීස් රෝගය නිරෝගී කෙනෙකුට බෝවීම සිදුවන්නේ යෝනි, ගුද හෝ මුඛ සංසර්ගයෙහි යෙදීමෙනි .

කලාතුරකින් ස්පර්ශය හේතුවෙන්ද බෝවීමේ අවදානමක් පවතින බවද වෛද්‍යවරුන් පෙන්වා දෙනවා.

රෝග ලක්ෂණ

  • ආසාදිතයකු සමඟ සංසර්ගයේ යෙදී දින 1 – 30 අතර රෝග ලක්ෂණ මතුවිය හැකියි.
  • ලිංගේන්ද්‍රය මතුපිට ඇතුළත හෝ මුඛයේ ඉතා වේදනාකාරී කුඩා දිය බිබිළි මතුවීම
  • ඒවා මතුපිට කැසීම හෝ දැවිල්ල ගතියක් දැනේ.
  • මෙම දිය බිබිළි සති 1-3 අතර කාලයක් පවතී.
  • උණ
  • වසා ගැටිති ඉදිමීම හෝ වේදනා දීම

හර්පීස් නිට්ටාවටම සුව කළ නොහැකියි. වෛරසය සිරුර තුළ පවතින බැවින් වරින් වර බිබිළි මතුවිය හැකියි.රෝගය හටගන්නාවිට දරුවකු කුස පිළිසිඳගෙන සිටිය හොත් උපදින දරුවාට මොළේ උණ සෑදිය හැකියි.

04 – ගොනෝරියා/ සුදු බිංදුම

බැක්ටීරියාවක් මඟින් ඇතිවෙන ගොනෝරියා රෝගය ගොනෝරියා සහිත අයකු සමඟ මුඛ හෝ ගුද සංසර්ගයේ යෙදීමෙන් බෝ විය හැකයි . මෙම බැක්ටීරියාව ගැබ් ගෙල, මුත්‍රා නාල, ගුද මාර්ගය, උගුර සහ ඇසෙහි සිවිය ආදියට ආසාදනය වීමේ වැඩි ඉඩක් ඇති බව වෛද්‍ය විද්‍යාත්මකව පෙන්වා දී තිබෙනවා.

රෝග ලක්ෂණ

  • ආසාදිතයකු සමඟ ලිංගික කාර්යයේ යෙදී දින (2-21) අතරදී රෝග ලක්ෂණ මතු වනවා.
  • ස්ත්‍රීන්ට යෝනියෙන් කහ හෝ සුදු පැහැ ශ්‍රාවය පිටවීම
  • මුත්‍රා කිරීමේදී හෝ මළපහ කිරීමේදී දැවිල්ල හෝ වේදනා සහිත බව.
  • අස්වාභාවික ඔසප් වීම
  • ඔසප්වීම අතර ලේ පිටවීම
  • යටි බඩ වේදනාව
  • කෙණ්ඩ පෙරලීම

ගොනෝරියා රෝගයට ගොදුරු වන පුරුෂයන්ට ශිෂ්ණයෙන් කහ හෝ සුදු ශ්‍රාවයක් පිටවීම, මුත්‍රා කිරීමේදී දැවිල්ල හෝ වේදනාවක් දැනීම, නිතර නිතර මුත්‍රා කිරීමට අවශය වීම වැනි රෝග ලක්ෂණ මතු වනවා .

ප්‍රතිකාර නොගැනීමෙන් විය හැකි ප්‍රතිඵල

  • වඩා තදබල ආසාදන ඇති කළ හැකියි
  • ප්‍රජනන ඉන්ද්‍රියන්ට හානි පමුණුවයි.
  • ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම දරුඵල නැතිවිය හැකිය.
  • ගොනෝරියා සහිත මවක් නිසා දරු ප්‍රසූතියේදී දරුවාගේ ඇසෙහි යෝනි තරල තැවරීමෙන් දරුවාට අන්ධභාවය ඇතිවිය හැකයි .

05 – සිපිලිස්

ට්‍රිපොනිමා පැලිඩම් නැමැති බැක්ටීරියා විශේෂය මඟින් පැතිරෙන සිපිලිස් රෝගය සහිත අයකු සමඟ යෝනි, මුඛ හෝ ගුද සංසර්ගයේ යෙදීමෙන් පැතිරෙයි.
මෙහි රෝග ලක්ෂණ අවධි තුනක් යටතේ රෝග ලක්ෂණ ඇතිවනවා.

මුල් අවධිය –
ආසාදිතයකු සමඟ ලිංගික කාර්යයේ යෙදී දින නවයත් අනූවත් අතර රෝග ලක්ෂණ මතුවෙයි. මුඛයේ, ලිංගේන්ද්‍රයේ, පයෝධර හෝ ඇගිලිවල වේදනා රහිත රත් දුඹුරු තුවාලයක් හෝ තුවාල, ඉකිලිවල වසා ගැටිති ඉදිමීම මෙහි රෝග ලක්ෂණ අතර වනවා.

තුවාලය සති එකත් පහත් අතර පවතී. තුවාලය සුව වුව ද ආසාදිතයා රෝගයෙන් පෙලේ.

පළමු අවධියේ දී නිසි ප්‍රතිකාර නොලද විට සති හයකට පමණ පසු රෝගය දෙවන අවධිය කරා යනු ලැබේ. මේවන විට ද්විතීක රෝග ලක්ෂණ මතු වනවා.

ශරීරයේ ඕනෑම තැනක හමේ පලු ඇතිවේ. මෙය මුහුණ, ඇඟ, අත්ල, පතුල පිට ආදි ආදි අවයවවල වැඩිදුර දැකිය හැකියි

06 – ලිංගික ඉන්නන්

හියුමන් පැපිලෝමා වෛරසය මඟින් ඇතිවෙන රෝගය ලිංගේන්ද්‍රියේ ඉන්නන් සහිත කෙනෙකු සමඟ යෝනි, මුඛ හෝ ගුද සංසර්ගයේ යෙදීමෙන් බෝවේ.

රෝග ලක්ෂණ

  • ආසාදිතයකු සමඟ ලිංගික කාර්යයේ යෙදී මාසයත්, මාස අටක් හෝ අවුරුදු කිහිපයක් අතරේදී රෝගී ලක්ෂණ මතු වනවා.
  • ලිංගේන්ද්‍රියේ සහ ගුදයේ උඩට නෙරා ගිය කුඩා ඉන්නන් ඇතිවන අතර ඒවා නොවැටී පවතී. ලිංගේන්ද්‍රියේ අවට කැසිල්ලක් හෝ දැවිල්ලක් පවතී.
  • ඉන්නන් වැටුණු පසු ද වෛරසය ශරීරයේ පවතී. යළි යළිත් ඉන්නන් මතුවිය හැකිය.

ප්‍රතිකාර නොගැනීමෙන්

ඉන්නන් වැඩි වී ඉවත් කිරීම අපහසු වේ. ආසාදිත මවකගෙන් ප්‍රසූතියේදී දරුවාට බෝවිය හැකියි

ගැබිගෙල පිළිකාවන්ට මුල පෑදිය හැකියි

සැළකිය යුතු කරුණු

ලිංගික රෝග STD ගොදුරු වන බොහෝ රෝගීන් රහස්‍යභාවය හෙළිවේ යැයි සිතා ප්‍රතිකාර සඳහා යොමු වන්නේ නැහැ.

නමුත් එලෙස රෝගය සඟවාගෙන සිටීම තවත් ගැටලු රැසකට අත වැනීමක් සේම, සමාජය පුරා පැතිරීමට බලපාන කරුණක් විය හැකියි. ඉහත රෝග ලක්ෂණයන් දුටු වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයකු වෙත ප්‍රතිකාර සඳහා යොමු වන්න. අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා  වෙත යොමු වීමෙන් වළකින්න.

Related Articles

Don't Miss


Latest Articles