සති අන්තය රස කරන නව රසයක ව්‍යාංජනයක්

ඔන්න සති අන්තයක් එළඹෙනවා.කාර්යබහුලත්වයෙන් ටිකකට මිදිලා නිවසේ විවේකයෙන් රැඳෙන්න, රසවත් ආහාරයක රසය පවුලේ සාමාජිකයන් සමඟ විදින්න අප කවුරුත් කැමතියි.ඉතින් ඔබේ සති අන්තය රසයෙන් පුරවන්නයි අපේ මේ වෑයම….

බිත්තර මිශ්‍ර බිම්මල්

අවශ්‍ය ද්‍රව්‍ය:

  • බිම්මල් 250 g
  • බිත්තර 2
  • තක්කාලි 50 g
  • මාළු මිරිස් කරල් 4
  • ලොකු ළුණු 50 g
  • සුදු ළුණු බික් 2
  • අමු ඉඟුරු පෙති 1
  • කල් කිරි කෝප්ප කාලක්
  • මිරිස් කුඩු තේ හැඳි බාගයක්
  • කරපිංචා ටිකක්
  • රම්පෙ ටිකක්
  • රස අනුව ලුණු
  • තෙල් ස්වල්පයක්

සාදන ක්‍රමය:

මාළු මිරිස් දෙකට කපන්න. සුදු ළුණු, අමු ඉඟුරු තලන්න. බඳුනකට තෙල් දමා රත් වූ පසු ළූණු, මාළු මිරිස්, සුදු ළුණු, අමු ඉඟුරු, කරපිංචා, රම්පා දමා කපාගත් තක්කාලි, බිත්තර දමා විනාඩි 5 පමණ හැඳි ගාන්න. එයට ලුණු, මිරිස් කුඩු, සහ බිම්මල්, කිරි එකතු කර මඳ වෙලාවක් හැඳි ගා වසා තබන්න. විනාඩි 5 පමණ තබා ලිපෙන් බා ගන්න.

– ඉරේෂා –

Related Articles

Don't Miss


Latest Articles