පෙම්වතා නිසා ගණිකාවක් වූ ගැහැණියකගේ සත්‍ය කතාව

Gangubai Kathiawadi නිකුත් වූයේ මේ වසරේ ජනවාරියේ.සංජේ ලීලා බන්සාලිගේ නවතම චිත්‍රපටිය වූ මෙය Alia bhat ප්‍රධාන චරිතය නිරූපණය කරන අපූරු චිත්‍රපටියක්.මුම්බායි වල ජීවත් වූ ප්‍රබල පාතාල නායිකාවක් වූ Gangubai සම්බන්ධ කතාවක් මේ චිත්‍රපටියේ අන්තර්ගත වී තිබෙනවා.

ඇත්තටම ගංගු බායි කියන්නේ කවුද?

ගංගා කියන්නේ ඉන්දියාවේ වැදගත් පවුලක දියණියක්.ඇයට සෙලිබ්‍රිටි ක්‍රෂ් එකක් ඉන්නවා.ඔහු නලුවෙක්.ඇගේ ආශාව ද නිළියක් වීම.ඇගේ සැබෑ පෙම්වතා ඇයව හොරෙන්ම මුම්බායි වෙත රැගෙන යන්නේ ඒ සිහිනයට උදව් වෙන බව පවසමින්.ඔහු ඇගේ පියාගේ ව්‍යාපාරවල ගිණුම් කටයුතු පරීක්ෂා කරන්නා.රන් ආභරණ ද සහිතව ඔහු ඇයව මුම්බායි වෙත රැගෙන යනවා.

ඒ ගමන නතර වෙන්නේ ගණිකා නිවාසයකින්.ගංගාගේ පෙම්වතා ඇයව ගණිකා නිවාසයේ පාලිකාවට විකුණා අතුරුදහන් වෙනවා.දහසය හැවිරිදි වියේදීම ගංගාට ගණිකාවක් වෙන්නට සිදු වෙනවා.මත්ද්‍රව්‍ය සහ සාහසිකත්වය පිරුණු තැනක ගංගාට ගංගු ලෙස ගණිකා වෘත්තිය කරගෙන යන්නට සිදු වෙනවා. ගංගා අසාධාරණය ඉදිරිපිට ප්‍රකෝපකාරී වෙද්දී ඇය මට්ටු කරන්නට ගණිකා නිවාස නායිකාව පාතාල නායකයෙකුගේ සහචරයකු යොදවනවා.ඔහුගෙන් දරුණු පහර කෑමට ලක් වී රෝහල් ගත වන්නටත් ගංගුට සිදු වෙනවා.නමුත් ඇයට පාතාල නායකයා හමු වී ඔහුගේ සහෝදරියක මට්ටමට එන්නට හැකි වෙනවා.ඇය ඒ පාතාල නායකයා වූ කරීම්ගෙ සියලු අපරාධ වලට උදව් වෙමින් ගණිකා නිවසයක් ද ආරම්භ කරනවා.

නමුත් ඇය වෙනස්.ඇය ඈ යටතේ සේවය කරන්නියන්ගේ ආර්ථික මට්ටම සවිමත් කරනවා.ඔවුන්ගේ දරුවන්ට උගන්වනවා.කාමන්තිපුර මාෆියා රැජින ලෙස ජනප්‍රිය වූ ගංගු ජවහල්ලාල් නේරු වෙත ගොස් ලිංගික ශ්‍රමික කාන්තාවන්ගේ ප්‍රශ්න ගැන පවා කතා කරනවා.

ගංගුගේ මේ විප්ලවය තමයි ගංගුභායි සිනමා සිත්තමට පාදක වන්නේ.

ඉන්දියානු රුපියල් කෝටි හැත්තෑවකටත් වඩා වියදම් කර ඇති මේ චිත්‍රපටිය විශේෂ වෙන්න හේතු ගණනාවක්ම තියෙනවා.එක හේතුවක් වන්නේ මේ චිත්‍රපටිය තුළ ගංගුබායි ව ගණිකාවක් සහ පාතාල මාෆියා රැජිනක ලෙස හඳුන්වන බවත් එය තමන්ගෙ පවුලට අපහාසයක් සිදු කරන්නක් බවත් පවසමින් ඇගේ පුතු නඩු මඟට බැස තිබීමයි.

අනෙක් කාරණාව බන්සාලි මේ චරිතයට ප්‍රියංකා චොප්‍රා සහ දීපිකා පදුකොන් යොදා ගන්නට සිතා තිබුණත් මෙය හිමි වූයේ ආලියාට වීම.තවත් කාරණාවක් වන්නේ මෙහි චරිත තෝරා ගැනීම වැරදි බව කන්ගනා රනෞට් විසින් පැවසීමයි.එය ආලියාට සෘජුව කළ චෝදනාවක් බව ඇත්ත.නමුත් ඇය මේ චරිතය ඉතා සාර්ථකව කළ බව තමයි දැන් විචාරක මත පවසන්නේ.

ලිංගික ශ්‍රමික කාන්තාවන්ට සමාජයෙන් ලැබෙන්නේ ඉතා පහළ තැනක්.අහම්බයකින් එතැනට ඇද වැටුණ ද කාන්තාවන් වෙනුවෙන් සටනක් ගෙන ගිය ගංගුට ද ඉන්දීය කාන්තා ඉතිහාසයේ තැනක් හිමි විය යුතුමයි.තමන් සිටින තැන කොතැන වුවත් ඇය අනිකුත් කාන්තාවන් වෙනුවෙන් කළ කී දෑ බොහෝයි.

මේ කාන්තාවන් ගැන වැඩියෙන් කතාබහ වෙන මාසය.තමන් විඳින වේදනා අනිත් කාන්තාවන්ට විඳින්නට ඉඩ නොතබන ගංගු වැන්නියන් ගැන පවා මේ කාලයේවත් කතා බහ විය යුතුමයි

ඒ නිසා ගංගුබායිව නොවැරදී හමු වෙන්න!

Related Articles

Don't Miss


Latest Articles