මෙවර ලෝක රූ රැජිණ කිරුළ පෝලන්තයේ Karolina Bielawska ට

ලෝක රූ රැජින 2021 තරගාවලිය පසුගිය දා පැවැත්වුණා.70වන ලෝක රූ රැජින තරගාවලියේ Miss World ලෙස කිරුළු පැළඳුයේ පෝලන්තයේ Karolina Bielawska විසින්.ලෝකයේ ප්‍රමුඛතම පෙළේ රටවල් පරදවා කිරුළ දිනා ගන්නට Karolina Bielawskaට හැකිවීමත් අපූරුම සිදුවීමක්.2019 වසරේ Miss World කිරුළ දිනා ගත් Toni Ann Singh ඇයට කිරුළ පැළඳවූවා.

මේ තරගාවලියේ 1st Runner up වූයේ එක්සත් ජනපදයේ Shree Saini.2nd Runner Up Olivia Yace විසින් දිනා ගත්තා.කැරොලිනා ඇගේ ශාස්ත්‍රපති උපාධිය කළමනාකරණය සම්බන්ධයෙන් හදාරා ආචාර්ය උපාධියට සැරසෙනවා.නිරූපිකාවක ලෙස ද වෘත්තියෙහි නියුතු ඇය පුද්ගල අභිප්‍රේරණ කථිකයෙකු ලෙස සේවය කිරීමට ද බලාපොරොත්තු වෙනවා.

Karolina Bielawska

“ජයග්‍රාහිකාව ලෙස මගේ නම ඇසෙද්දී මම කම්පනයට පත් වුණා.මට ඇත්තෙන්ම තවමත් එය අදහා ගන්නට බෑ.මට මේ කිරුළ පැළඳීම ගෞරවයක්.මේ වෙනුවෙන් වැඩ කිරීමට මම ඉන්නේ තදබල නොඉවසිල්ලෙන්.මගේ ජීවිතයේ අපූරුතම පරිච්ඡේදයක් Puerto Rico හි සිදුවූ බව මට අමතක වෙන එකක් නෑ.”

ඇය තරගාවලියේ සංවිධායකයන්ට එසේ පවසා තිබුණා.

ඇය ස්වේච්ඡා කටයුතුවලට දැඩි උනන්දුවක් දක්වන්නියක්.Beauty with Purpose වටයේ ඇගේ ව්‍යාපෘතිය වූයේ ” Zupa Na Pietrynie” ඇගේ ව්‍යාපෘතියයි.අර්බුදයට ලක්ව සිටින නිවාස නැති පුද්ගලයන්ට උපකාර කිරීම,ඒ ගැටලුව පිළිබඳ දැනුවත් කිරීම,සමාජ අසාධාරණයන්ට එරෙහිව සටන් කිරීම ඇගේ ව්‍යාපෘතියේ අරමුණ වෙනවා.හැම ඉරිදාවකම උණුසුම් ආහාර,සැන්ඩ්විච්,ආහාර මළු,උණුසුම් බීම නිවාස නැති පුද්ගලයන්‍ට ලබා දීමටත් ඔවුන්ට වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමටත් කැරොලිනා ක්‍රියා කරනවා.නිවාස නැති අයට හැඳුනුම්පත් ද නැතිවීම නිසා කොවිඩ් මර්දන එන්නත් ලබා ගැනීමට ලියාපදිංචි වීමට නොහැකි වීමද කැරොලිනාව කම්පනයට ලක් කර තිබූ බව සඳහන්.ඇය කොවිඩ් මර්ධන එන්නත ලබා දීමේ මධ්‍යස්ථානයක් ද පවත්වාගෙන ගොස් තිබුණා.

Karolina Bielawska

මෙවර Miss World කොවිඩ් අර්බුද හේතුවෙන් කොටස් දෙකකට පැවැත්වූවා.2021 දෙසැම්බරයේ සහ 2022 මාර්තු මාසයේ එසේ තරගාවලිය පවත්වා තිබෙනවා.

මෙහි දී තවත් කිරුළු කිහිපයක් පිරිනමා තිබෙනවා.

Top Model – Olivia Yacé Côte d’Ivoire
Sports Challenge – මෙක්සිකෝවේ Karolina Vidales
Talent Competition – Burte-Ujin Anu මොංගෝලියාව
Multimedia Competition – Cote D’Ivoire හි Olivia Yacé

Beauty With A Purpose තරගාවලියේ ජය හිමි වූයේ මේ අයටයි

Manasa Varanasi – ඉන්දියාව
Shree Saini – එක්සත් ජනපදය
Rehema Muthamia – එංගලන්තය
Sharon Obara – කෙන්යාව
Tracy Perez – පිලිපීනය
Shudufhadzo Musida – දකුණු අප්‍රිකාව

කැරොලිනාගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමෙහි ඇය යුක්‍රේනයට සහය පළකරන බව සඳහන්.වයලීනය වැයීම විනෝදාංශය කරගත් ඇගේ වයලීන වාදන බොහොමයක් ද සමාජ මාධ්‍යයේ පළ වෙනවා.

Karolina Bielawska

රුව සහ නැණ සමව ඇති මේ රූ රැජින ලෝකයට තමන්ගේ දැනුම සහ උපකාර ද ලබා දෙන තුරු ලෝකයම ඇය දෙස බලා සිටින බව නොරහසක්.පැළඳ ගත් කිරුළ රැක ගැනීම සේම ලෝකයට සේවය කිරීම ද පහසු කාර්යයක් නොවේ.ඒ අපහසු කටයුතු පහසුවෙන් කිරීම බුද්ධිමත් තරුණියකට අසීරු වන එකක් නැහැ.

Karolina Bielawska ඔබ පැළඳූ කිරුළ වෙනුවෙන් SmartLady අපේ උණුසුම් සුබ පැතුම්!!

Related Articles

Don't Miss


Latest Articles