ලොවටම පිළිවෙල කියාදෙන ජපන් කාන්තාව මාරි කොන්ඩෝ

මාරි කොන්ඩෝ ,මේ නම දැනටමත් ඔබ දන්නවා ඇති.ඇය පිරිසිදුකම සහ පිලිවෙල පිළිබඳ විශේෂඥවරියක්.ඒ වෙනුවෙන් ලොව පුරා දේශන පවත්වන්නියක් සේම ඉහළම අලෙවියක් හිමි පොත් කිහිපයක කතුවරියක්.

ලොව පුරා ජනප්‍රිය අස්පස් කිරීමේ ක්‍රමවේදයක් වන konmari ක්‍රමයෙහි නිර්මාතෘවරිය ඇයයි.

සමහර විට ඔබ තරමක් පුදුමයට පත්වනවාත් ඇති.අප බොහෝවිට විශේෂඥ තාවයන් ආරූඪ කරන්නේ වෛද්‍ය,විද්‍යාත්මක,ඉංජිනේරු,කළමනාකරණ,ආදී සුපුරුදු වෘත්තීන් කෙරෙහි පමණයි.අස්පස් කිරීම ගැන අමුතුවෙන් දැනගත යුතු දේවල් තිබෙනවාද ? කියාත් සමහරවිට කෙනෙකුට සිතෙනු ඇති.නමුත් අද වන විට ලෝකයේ බොහෝ කාර්යාල,නිවෙස්,නගර ඇතුළු බොහොමයක ආයතන වලට ඇයගේ පිහිට ලැබී තිබෙනවා.ඒ ඔස්සේ වඩාත් සංවිධානාත්මකව ,කාර්යක්ශමව සියකටයුතු පවත්වාගෙන යාමේ හැකියාව ඔවුන් වෙත ලැබී තිබෙනවා.

1984 ඔක්තෝබර් 9 වන දින ජපානයේ ටෝකියෝ නගරයේදී මේ සුවිශේෂි කාන්තාව උපත ලබනවා.මේ වන වනවිට තිස්හත් හැවිරිදි වියේ පසුවන ඇය ලෝකය පුරා ජනප්‍රිය වී සිටින්නේ Organizing Expert කෙනෙකු ලෙසටයි.
අවුරුදු දහ නමය වනවිට දීම ඇය තමාගේම Counsulting ආයතනයක් ආරම්භ කළා.ඉන් සිදු කෙරුනේ කාර්යාල සහ නිවෙස් වඩාත් සංවිධානාත්මකව පවත්වාගෙන යාමට අවශ්‍ය උපදෙස් සැපයීමයි.ඉතාමත් ඉක්මනින් කෙටි කාලයක් තුළදී ඇයගේ මේ ක්‍රමවේදය ලෝ සුපතළ වුණා.
The Life Changing Magic of Tidying up ඇයගේ පළමු කෘතිය වූ අතර එය සමග ඇය ජපානයේ ජාතික තලයේ celebrity කෙනෙකු ලෙස සැලකීමට තරම් ප්‍රසිද්ධියක් උසුලා ගත්තා.ඉතාමත් ඉක්මනින් එම කෘතිය ඉංග්‍රීසි භාෂාව ට පරිවර්තනය වූ අතර ලොවපුරා ඇයගේ රසික ප්‍රජාව ශීඝ්‍රයෙන් ඉහළ යන්නට එයද හේතුවක් වුණා.

ඇය විශේෂඥතාව සොයා ගිය ඉසව්ව කෙතරම් මිනිසුන්ගේ සාමාන්‍ය ජීවිතයට,මිනිසුන්ගේ කාර්යාල ජීවිතයට,එහි සංවර්ධනයට දායක වූවා ද කිවහොත් ඉතාමත් කෙටි කලකින් new york time best seller ලැයිස්තුවට ඇය ගේ පොත ඇතුළත් වුණා.
එසේම ,ටයිම් සඟරාව විසින් තේරූ ලොවට වඩාත්ම බලපෑමක් කලහැකි 100 most influential people in 2015 පුද්ගලයන් සියය අතරට ඇය තේරී සිටීම විශේශත්වයක්.

හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ කියා කියමනක් ඔබ අසා ඇතිවාට සැකයක් නැහැ.

කුඩා පාසල් දැරිවියක ව සිටින සමයෙහි අනිකුත් ළමුන් පිට්ටනිය වෙත දිව යද්දී ඇයගේ අවධානය නිතැතින්ම යොමුවූයේ පන්තියේ පොත් රාක්කය සහ පංති කාමරය අස්පස් කර පිළිවෙලකට තබා ගැනීම කෙරෙහි.ජපන් සංස්කෘතියෙන් පිළිවෙල දායාදයක් ලෙස ලැබුණත් ඇය සාම්ප්‍රදායික ක්‍රමවේදයන්ගෙන් ඔබ්බට යමින් අලුත් ක්‍රමවේදයන් සොයා ගත්තා .එයට පසුබිම සැකසුනේ කුඩා වියේදීමයි.

2012 වර්ෂයේ දී විවාහ වූ ඇයගේ සැමියා මාරි කොන්ඩෝගේ KonMari Meadia LLC ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කරනවා.දියණියන් දෙදෙනෙකුට මවක් වන ඇය ජපානය සේම ඇමරිකාව යන දෙරටේම ජීවත් වෙමින් සිය දැනුම අප වෙතට, ලෝකය වෙතට ප්‍රවාහනය කරමින් සිටිනවා.අපිළිවෙල,අසංවිධානාත්මක ලෝකය වඩාත් කාර්යක්ෂම කිරීමේ ක්‍රමවේදයන් කියා දෙමින් සිටිනවා.ඉතින් ජීවිතේ පිළිවෙලක් කරගන්න.මාරි කොන්ඩෝ ව ෆලෝ කරන්න.

More Stories

Don't Miss


Latest Articles