නිශානි දරුවන් දෙදෙනෙක්ගේ අම්මා කෙනෙක්. ඉතින් අගේ සම්පුර්ණ දිනයම වැඩ වලින් පිරී ඉතිරිලා. දරුවන්ගේ වැඩ, නිවසේ වැඩ, ඉවුම් පිහුම් මේ සියල්ල ඇය කිසිවෙකුගේ සහායකින් තොරව තනියම කරගත යුතු වූවා. ඉතින් දවසේ කාලයෙන් වැඩි වෙලාවක් තුලදී ඇගේ දරුවන් බලා ගැනීමේ ආයම්මා කාර්යය රුපවාහිනයට පැවරීමට ඇය තීරණය කර තිබුණා, උදේ සිට රාත්‍රී නින්ද තෙක් දේශීය විදේශීය නාලිකාවන්ගේ කාටුන් චිත්‍රපට නැරඹීමට දෙදරුවන් හුරු වූ නිසා ඇය මහත් පහසුවකින් තමන්ගේ ගෙදර දොරේ වැඩ කටයුතු නිම කර ගත්තා. ඒ අතර කෙටි විවේක කාලයන්ටද ඇයට කාලය තිබුණා.
දරුවන් කෑම කෑවෙත්, සෙල්ලම් කලෙත් රූපවාහිනියට විටින් විට අවධානය යොමු කරමින්. එසේ නොවන සෑම අවස්ථාවකම මහත් ඕනා කමින් ඒ දෙස බලා සිටියා .
ගැටලුව තවමත් කිසිවෙකු ගේ අවධානයට පාත්‍ර වුවේ නැහැ. වැඩිමහල් දරුවා පෙර පාසල් යාමේ කාලය පැමිණි අතර එහිදී රූපවාහිනියෙන් තොරව කිසිදු කටයුත්තක නිරත වීම ඔහු විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවා. මවු පියන්ගේ දෑස් විවර වීමට පටන් ගත් අතර අවසානයේදී දරුවන් දෙදෙනාම මානසික ප්‍රතිකාර සඳහා රැගෙන යාමට නිශානිට සහ සැමියාට සිදු වුණා.
ඒ වනවිටත් සිදු වී ඇති හානිය විශාලයි. කතන්දර පොත් හෝ බාහිර ක්‍රියාකාරකම් වලින් අවම වූ දරුවන් ගේ පරිකල්පනය සේම අන් අය සමඟ සබඳතා ගොඩ නගා ගැනීම, ක්රියාශීලිත්වය, සංවේදී බව ආදී සියල්ල රූපවාහිනිය විසින් විනාශ කොටදමා තිබුණා.
ඉතින් තමන්ගේ දරුවන් ගෙන් මඳකට නිදහස් වීමේ අහිලාශයෙන් තම දරුවන්ව රූපවාහියට යොමු කරවන මවු වරුන් බොහෝ දෙනෙක් සිටිනවා. ඉතින් දෙවරක් නොව බොහොවාරයක් සිතීමෙන් සහ නිවැරදිව සැලසුම් කිරීමෙන් එදිනෙදා කටයුතු සඳහා දරුවන්ගේ කාලය සොරා නොගෙන විද්‍යුත් ආයම්මා කෙනෙකුට දරුවන් බාර නොදී තම වගකීම නිසි ලෙස අවබෝධයෙන් ඉටු කිරීමට ඔබ වග බලා ගන්න .