“මට මේකලාගෙ දුවගෙ ෆෝන් නම්බර් එක දෙන්න..”
අම්මාගෙන් එහෙව් ඉල්ලීමක් එද්දී මේඝ තිගැස්සිණ.අම්මා මේ සැරසෙන්නේ ආරණ්‍යාට ගැටලුවක් ඇති කරන්නට ය.මේඝ එසේ සිතමින් කිසිවක්ම නොකියා බලා සිටියේ ය.අම්මා මේ තබන්නට සැරසෙන පියවර තරයේ ප්‍රතික්ෂේප කරන්නට ඕනෑ වුවත් ඔහුට අම්මාට එරෙහිව වචනයක්වත් කියා ගත හැකි වූයේ නැත.
“මම මේක කියන්නෙ උඹ ඇත්ත දැන ගන්න ඕන නිසා.සමහර තත්ව අපට දරා ගන්නම වෙනවා.”
මේඝගේ වෛද්‍ය මිතුරෙකු එසේ කීවේ ලක්ෂිගේ වෛද්‍ය වාර්තා පිරික්සීමෙන් අනතුරුව ය.අම්මාට ජීවත් වන්නට ඒ තරම් කාලයක් නොවේ නම් ඇය රිදවන්නට මේඝට සිත් නොදේ.ඔහු ඉවසීමෙන් අම්මා දරා සිටියේ ය.
“අපි අතර දුර ගිය සම්බන්ධයක් නෑ අම්මේ.ඒ ළමයට මොකුත් කියන්න එපා..”
මේඝ අම්මා කාමරයේ තනි කර පිටතට පැමිණියේ එහෙම කියන අතර ය.අම්මා ඇගේ පීඩනය ආරණ්‍යාගෙන් මුදා හැරීම ඉවසන්නට ද මේඝට නොහැක.ඇය අහම්බයකින් ඔවුන්ගේ ජීවිත අතරට ආ කෙනෙකි.ඈ මේවාට මැදි වී වේදනාවට පත් වීම මේඝට ඉවසන්නට අසීරු කාරණාවකි.
“කැන්සර් එකක අන්තිම ස්ටේජ් එකක ඉන්න මනුස්සයෙක් රිද්දලා ඔයාට ළං වෙන්න මේඝ අකමැති නම් ඒකට ඉඩ දෙන්න.අම්මා ඉන්නෙ තව ටික කාලයක් නම් මේඝ එයාගෙ සතුට ගැන හිතපුවාවේ.ඔයාට තාම විසි එකයි ආරණ්‍යා.මේඝට අම්මාගෙ ප්‍රශ්නෙ විසඳාගෙන ඔයා ලඟට එන්නත් ඕනනම් කල් තියනව.”
මෝක්ෂ ආරණ්‍යාට පැවසුවේ ඔහුට මේ මොහොතේ හැඟෙන කාරණාව ය.කාලය බොහෝ ප්‍රශ්න විසඳන බව ඔහු වටහාගෙන තිබුණේම ඔහුගේ ජීවිතයෙනි.
ආරණ්‍යා සිතුවිලි අතර සරන්නට වූවා ය.ඇගේ දුරකථනය නාද වූයේ ඒ මොහොතේ ය.
“ආරණ්‍යා..මම මේඝගෙ අම්මා.”
ආරණ්‍යා වචන සොයා ගන්නට නොහැකිව මොහොතක් ගෙවූවා ය.මේඝගේ අම්මා ඈ අමතන්නේ ගැටළුවකට බව ඇය දනියි.
“ආන්ටි..දැන් කොහොමද?”
ආරණ්‍යා එසේ අසද්දී ලක්ෂි නිසංසලේ හිනැහුණා ය.ඇයට අහිංසක යුවතියකගේ මුදු බැල්ම සිහිව ඒ.ඒ බැල්ම වේදනාත්මක බැල්මක් කළේ ලක්ෂි ය.අද ඇගේ දියණියම ලක්ෂිගේ සුවදුක් අසන්නී ය.
“සමහර අසනීප ඉතින් සනීපයක් වෙන ඒවා නෙවේනෙ දරුවො?”
ලක්ෂි කියන්නේ වේදනාබර හඬකිනි.අම්මාට හිස කැක්කුමක් හැදුණ ද බොහෝ බියපත්ව පවුලේ වෛද්‍යවරයාට නිරන්තරයෙන්ම ඇමතුම් ලබා දෙන දියණියක වූ ආරණ්‍යාට ලක්ෂි ගැන ශෝකයක් දැනිණ.ඇය ලක්ෂිගේ හිත හදන්නට බොහෝ දෑ පැවසුවා ය.රෝගී මනසකට හීන් හිරිපොදක් වී ඇද හැලෙන මේ දියණිය ලක්ෂිට ගෙන ආවේ දැඩි මානසික සහනයකි.
“මං දූට කතා කරේ වැදගත් දේකට..”
ලක්ෂි කියද්දී ආරණ්‍යා ඇය හමු වන්නට හැකි බව ද පැවසී ය.එහෙත් ලක්ෂි දිගින් දිගටම කතා කරන්නට වූවා ය.
“දූ..මට ඔයාගෙන් ඉල්ලන්න දෙයක් තියනව..”
ඒ ඉල්ලීම කුමක්දැයි ආරණ්‍යා දන්නී ය.ඇය එය අසන්නට දෑස් පියා ගත්තා ය.කදුළු වලට ඉස්සර වන්නට නොදී ලක්ෂිව අසා හිඳින්නට අනතුරුව හිත හදා ගත්තා ය.