වියදමක් නැතිව මුලුතැන්ගෙය පිරිසිදුව පිළිවෙලට තියාගන්න ටිප්ස්

නිවසක මුලුතැන්ගෙය කියන්නේ අනිවාර්යෙන්ම පිරිසිදුව පිළිවෙලට තබා ගත යුතුම තැනක්. කිසිම වියදමක් නැතිව ඔබේ මුලුතැන්ගෙය පිරිසිදුව පිළිවෙලට තබා ගන්න ඔබට කළ හැකි සරල දේවල් කිහිපයක් ගැනයි මේ කියන්නේ

නිවසක මුලුතැන්ගෙය කියන්නේ ඔබ අනිවාර්යයෙන්ම හොඳින් සංවිධානය කර පිරිසිදුව තබා ගත යුතු ස්ථානයක්. ඔබේ ආදරණීයන් වෙනුවෙන් සැකසෙන හැම ආහාරවේලක ම සෞඛ්‍යාරක්ෂිත බව සහ පිරිසිදු බව තහවුරු වෙන්නේ ඔබේ මුළුතැන්ගෙයි පිරිසිදු බව මතයි.මුලුතැන්ගෙය පිරිසිදුව තියාගන්න නම් එය හොඳින් සංවිධානය කරලා තියා ගන්නත් ඕනේ.මේ ලිපියෙන් අපි බලමු ඔබේ මුලුතැන්ගෙය හොඳින් සංවිධානය කරලා තියාගන්නේ කොහොමද කියලා

Kitchen Clean

සියල්ල වර්ග කරන්න

මෙය ඔබේ කටයුතු වලට ඉතාම පහසුවක් වනවා වගේම ඔබ මුළුතැන්ගෙයි වැඩ කරන අතරතුර දී එය අපිරිසිදු වීමත් තරමක් දුරට වළක්වනවා. ඔබට නිතර අවශ්‍ය වන දේවල් වර්ග කර ඔබට පහසු ස්ථාන වල තැබීම ගැනයි මේ කියන්නේ. උදෑසන ආහාර වර්ග , ධාන්‍ය වර්ග, කුළුබඩු , baking ද්‍රව්‍ය සහ වියළි ආහාර ද්‍රව්‍ය ආදී ලෙස සෑම දෙයක්ම වර්ග කර තැබීම ඔබට ඉතා පහසුවක් වනු ඇති

ඊට අමතරව ඔබට අවශ්‍ය උපකරණද මෙසේ වර්ග කර තැබීම ඔබට කරන්න පුළුවන්.කුඩා භාජන සහ විශාල භාජන , හැදි ගෑරප්පු , baking උපකරණ , plastic බහාලූම් ආදී ලෙස වර්ග කර තැබිය හැකියි

kitchen

ඔබේ ආහාර වේල අනුව සංවිධානය කරන්න

ඔබ වැඩිපුර ආහාරයට නොගන්නා ද්‍රව්‍යයන් වැඩිපුර මිලදී ගෙන ගබඩා කර තැබීම පලක් නොවන කාර්යයක් බව ඔබ දන්නවා.එයින් සිදුවන්නේ ඔබ ආහාර ගබඩා කරන ස්ථානයේ ඇති ඉඩ නිකරුනේ නාස්ති වීම පමණයි.උදාහරණයක් ලෙස ඔබ පාන් පිටි භාවිතා කරන්නේ සතියට එක වරක් පමණයි නම් පාන් පිටි කිලෝ ගණනාවක් ඔබේ බඩු ලයිස්තුවට ඇතුළත් කර ගැනීම ඒ තරම් සුදුසු දෙයක් නෙමෙයි. ඒ නිසා ඔබ සාප්පු සවාරි යාමට පෙර ඔබට අවශ්‍ය දේවල් අවශ්‍ය ප්‍රමාණ වලින් සටහන් කරගෙන මිලදී ගන්න අමතක කරන්න එපා.

ඔබට නිතර අවශ්‍ය වන දේවල් ළඟ තබා ගන්න

ඔබ එදිනෙදා ආහාර පිසින විට ඔබට අත්‍යවශ්‍ය වන භාජන, පිහි සහ හැඳි වර්ග මුළුතැන්ගෙයි ඔබට පෙනෙන මානයේ ගබඩා කරන්න. එය ඔබේ කාලය ඉතිරි කර ගැනීමට හොඳ ක්‍රමයක්. ඒ වගේම ඔබ වැඩ කරන ස්ථානය පිරිසිදු කරගැනීමට අවශ්‍ය වන සර්වියට් , ටිශූස් , ස්පොන්ජ් ආදියත් ඔබේ සින්ක් එකට ඉහලින් හෝ කවුන්ටරයට ඉහළින් එල්ලා තබන්න

ලාච්චු සංවිධානය

ඔබ ආහාර ගැනීමට , අතුරුපස ගැනීමට, ආහාර පිළිගැන්වීමට භාවිතා කරන විවිධ හැඳි වර්ග තියෙන්නට පුළුවන්. ඒවගේම පිහි වර්ග , ගෑරප්පු වර්ගත් ඔබ සතුව තියෙන්නට පුළුවන්.මේ සියල්ලම එකම ලාච්චුවක එකට ගබඩා කර තබන විට මොන තරම් අවුල් සහගත ද කියලා ඔබට හිතේවී.එසේ නම් ඔබ කරන්නට ඕනේ ඒවා එකම ලාච්චුවක වෙන වෙනම ගබඩා කිරීම සඳහා ලාච්චු සංවිධායක භාවිතා කිරීමයි.ඔබට ඒවා මිලට ගැනීමට හෝ සොයා ගැනීමට අපහසු නම් ඔබේ ලාච්චු සඳහා කුඩා ප්ලාස්ටික් පෙට්ටි වුවත් භාවිතා කරන්නට පුළුවන්

ඔබේම ඇසුරුම් භාවිතා කරන්න

ඔබ බඩු භාණ්ඩ මිලදී ගත් පසු ඒවා එම ඇසුරුම් වල තිබෙන ආකාරයෙන්ම ගබඩා කරන්නට එපා. ඔබ විසින් ලේබල් කරන ලද plastic බහාලුම්වල නිසි පරිදි ඒවා ගබඩා කරන්න.එය ඔබේ මුළුතැන්ගෙයි ඇති ඉඩ කළමනාකරණය කර ගැනීමට උදවු වනවා වගේම එකම ආකාරයේ බහාලුම් නිසා මුළුතැන්ගෙය වෙත අලංකාරයක් ද එකතු කරනවා

අනවශ්‍ය භාණ්ඩ ඉවත් කරන්න

ඕනෑම ගෘහණියක් සාප්පු සවාරියේ යෙදෙන අවස්ථාවල දී තමන්ගේ මුළුතැන්ගෙට අවශ්‍ය උපකරණ, වැඩ පහසු කරන උපකරණ සහ පිඟන් බඩු මිලදී ගැනීම අතිශයින්ම සාමාන්‍ය දෙයක්.හැබැයි ගෘහණියක් වන ඔබ මතක තබා ගත යුතු තවත් කාරණාවක් තිබෙනවා. ඔබ ඔබේ මුලුතැන්ගෙය වෙනුවෙන් යමක් මිලදී ගන්න කොට ඒ හා සමානව දැනටමත් ඔබ සතුව ඇති භාණ්ඩ ඉවත් කිරීමයි.එහෙමත් නැත්නම් ඔබ සතිපතා හෝ මාසිකව ඔබේ මුළුතැන්ගෙය deep clean කරනවා නම් ඔබ භාවිතයට නොගන්නා භාණ්ඩ ඉවත් කළ යුතුයි.එහෙමත් නැතිනම් එම භාණ්ඩ ප්‍රයෝජනවත් වන කෙනෙකුට පරිත්‍යාග කිරීමත් ඔබට කරන්න පුළුවන්

Clear storage containers තෝරාගන්න

ඔබ විවිධ දේවල් ගබඩා කර තැබීම සඳහා බහාලුම් මිලදී ගන්නා විට clear storage containers තෝරා ගන්න අමතක කරන්න එපා.එමඟින් ඒවායේ ගබඩා කර ඇති ද්‍රව්‍ය අවසාන වීමට ආසන්න වන බව ඔබට දැනගන්නට පුළුවන්. එය ඔබ සාප්පු සවාරියේ යෙදීමට පෙර බඩු ලැයිස්තුවක් සකස් කරන විටද පහසුවක් වනවා

මේ වගේ උපක්‍රම අනුගමනය කිරීම මගින් ඔබේ මුළුතැන්ගෙය වඩාත් හොඳින් සංවිධානය කර තබාගන්නට ඔබට පුළුවන්. එය ඔබේ දෑස් වලට වගේම මනසට ද සුන්දර හැඟීමක් එකතු කරන බවට කිසිම සැකයක් නැහැ

Related Articles

Don't Miss


Latest Articles