රස කර කර බොන්න ‘ෆලූඩා’ හදමු

පොඩිත්තො වගේම වැඩිහිටියොත් බඩ විතරක් නොවෙයි හිතත් පිරෙන්න බොන්න ඉතාමත්ම කැමතිම බීමක් තමයි ‘ෆලූඩා’. පාට, රසය හරි හරියට ගැලපිලා හැදෙන ‘ෆලූඩා’ ගෙදරදීම මෙන්න මෙහෙම හදා ගනිමු-

අවශ්‍ය ද්‍රව්‍ය:

  • නැවුම් කිරි ( Fresh milk) / සකසාගත් පිටිකිරි කෝප්ප 4
  • කස කසා ඇට මේස හැඳි 4
  • වැනිලා අයිස්ක්‍රීම් ස්කූප් 4
  • රතු කලරින් බිංදු 4
  • රෝස් සිරප් (Rose Syrup) මේස හැඳි 6
  • සීනි සිරප් ස්වල්පයක්
  • කුඩාවට කපාගත් ජෙලි/ මෝස් ජෙලි ස්වල්පයක්
  • කුඩාවට කපාගත් කජු ස්වල්පයක්
  • වියළි මිදි ස්වල්පයක්
  • අයිස් කැට

පිළියෙල කර ගන්නා ආකාරය:

පළමුව කසා කස ඇට විනාඩි 40ක් පමණ වතුරේ පොඟවාගෙන වතුර පෙරාගෙන පසෙකින් තබන්න. සීනි සිරප් වලට කලරින්, රෝස් එසන්ස් බින්දු කිහිපයක්, කසකසා සහ ජෙලි/ මෝස් ජෙලි ද දමා කලවම් කරගන්න. උස වීදුරුවකට සීනි සිරප් එක දමා එයට කිරි එකතුකරගන්න. එයටම අයිස් කැටද එකතුකරගන්න. අයිස්ක්‍රීම් ස්කූප් එකක් ද එක් කර ජෙලි, වියළි මිදි සහ කජු එක්කර සරසාගන්න.

රස්නෙ කාලෙට දාහය නිමන්නට පමණක් නොවෙයි උපන්දින සාදයක දී පිළිගන්වන්නත් හරිම අපූරුයි. පිරිසිදුවට රසට ගෙදරදීම අදම ඔබත් රසම රස ෆලූඩා අනිවාර්යයෙන්ම හදලා බලන්න.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles