මේ බොහොම අසීරු කාල පරිච්ඡේදයක්.ගෘහණියන් හැටියට අපිට කිසිවක්ම අපතේ යවන්නට මේ කාලයේ බැහැ.එළවළු පිරිමසාගෙන ඉවුම් පිහුම් කරන්න අපි හුරු වෙන්න ඕනෑ.ඒ නිසාම අද අපි ඒ වගේ රෙසිපි කිහිපයක් ඔබට ගෙන එන්න හිතුවා.
මේ ලිපියෙන් වැටකොළු පොතු ඉවත නොදා සාදා ගන්න ආහාර කිහිපයක් ගැන කතා කරමු.
වැටකොළු පොතු මැල්ලුම
අවශ්‍ය ද්‍රව්‍ය
- වැටකොළු පොතු
- රස අනුව ලුණු
- කහ කුඩු
- ගා ගත් පොල්
- අමු මිරිස්
- ළූණු
- සුදු ළූණු
- කරපිංචා
සාදා ගන්නා ආකාරය
- වැටකොළු පොතු සිහින්ව ලියාගන්න
- ලුණු මිශ්‍ර වතුරේ මද වේලාවක් තබන්න
- ඉන්පසු නැවත සෝදාගෙන ලුණු සහ කහ මිශ්‍ර වතුරේ තම්බා ගන්න
- සිහින්ව ලියාගත් අමූමිරිස්,ළූණු සහ සුදු ළූණු, කරපිංචා සහ අවශ්‍ය නම් අබ සමඟ පොල් අඹරා ගන්න.
- වැටකොළු තැම්බුණු පසු මිශ්‍රණය එකතු කර මලවා ගන්න.
වැටකොළු පොතු කැඳ
අවශ්‍ය ද්‍රව්‍ය
- වැටකොළු පොතු
- සුදු හාල් මිටක්
- සුදු ළූණු
- පොල්
සාදා ගන්නා ආකාරය
- සුදු කැකුළු හාල් මිටක් ලිපතබා එයට සුදු ළූණු එකතුකර බෙරි වෙන සේ උයාගන්න.
- පොල් ටිකකට කුඩාවට කැබලි කපාගත් වැටකොළු පොතු සහ වතුර එකතු කර බ්ලෙන්ඩ් කරගන්න.
- පෙරාගත් ඒ මිශ්‍රණයට බෙරි කරගත් බත් දමා නැවත බ්ලෙන්ඩ් කර ගන්න.
- විනාඩි කිහිපයක් ලිපේ තබා හැඳි ගාමින් පිසගන්න
- රස අනුව ලුණු එකතු කරන්න.
වැටකොළු පොතු තෙම්පරාදුව
අවශ්‍ය ද්‍රව්‍ය
- වැටකොළු පොතු
- කහ කුඩු
- තෙල් ස්වල්පයක්
- බී ලූණු
- රම්පේ
- කරපිංචා
- අමු මිරිස්
- කෑලි මිරිස්
- ලුණු
සාදා ගන්නා ආකාරය
- වැටකොලු පොතු සිහින්ව කපා කහ සමග මිශ්‍රකර තම්බා ගන්න.
- වෙනත් බඳුනකට තෙල් එකතු කර එයට අනෙක් අමුද්‍රව්‍ය දමා රන්වන් පැහැ වනතුරු බැදගන්න.
- කෑලි මිරිස් සහ ලුණු කුඩු සමඟ තම්බාගත් වැටකොළු පොතු එයට එකතු කරන්න
- අවශ්‍ය නම් හාල් මැස්සන් හෝ කරවල හෝ කූනිස්සන් ස්වල්පයක්ද එකතු කළ හැකියි.