ඉවත දමන තේ බෑගයකින් රුව ලස්සන කරගන්න හැටි දන්නවාද?

තේ බෑගයකින් (Tea Bag)  තේ පානයක රස විඳිනවාට අමතරව එලෙස භාවිතා කරන ලද තේ බෑගයකින් ලබා ගත හැකි තවත් සැඟවුණු වාසි රැසක් තබෙන බව ඔබ දැනසිටියාද? ගෙදර දොරේ අවශ්‍යතා හැරුණු විට රූපලාවන්‍ය කටයුතු රැසක් සඳහා තේ බෑග් යොදා ගත හැකියි.

දවස පුරා හිරුකිරණට දිගු වෙලාවක් නිරාවරණය වන ලෙස සිටීමෙන් පිළිස්සුණු ඔබේ සම නැවතත් යථා තත්වයට පත් කර ගැනීම සඳහා තේ බෑග් උපකාර කරගත හැකියි. Tea Bag වල ඇති කළු පැහැති තේ කුඩු ආම්ලිකතාවයෙන් ඉහළ බැවින් එමඟින් සම නැවතත් සුවපත් කිරීම ආරම්භ වනවා.

දවස පුරා වෙහෙස වී සිටින විටෙක දී මඳ උණුසුම් ජලයට භාවිතා කරන ලද තේ බෑගයක් දමා එය තුළට දෙපා දමාගෙන සිටීමෙන් පාද වල ඇති දුගඳ හා චර්ම රෝග නැති වී යයි. ස්නානය සඳහාත් ජලය මෙලෙස සකසා ගැනීමට හැකිනම් එයින් ඔබගේ මුළු සිරුරේම සම චර්ම රෝග වලින් ආරක්ෂා කර නැවුම්ව තබාගන්නට හැකියි. සපත්තු තුලින් දුඟඳක් හමනවා නම් Tea Bag  දෙකක් ගෙන සපත්තු තුලට දමන්න. මෙම සරල පිළියම මගින් සපත්තුව තුල ඇති තෙතමනය සහ දුඟඳ තේ බෑගයට උරාගනු ලබයි.

තුවාල, සීරීම්, ආසාදන මෙන්ම මදුරුවන් වැනි සතුන් දෂ්ඨ කරනු ලැබූ ස්ථානයන්හි භාවිතා කරන ලද තේ බෑග් ඇතිල්ලීමෙන් පහසුවෙන් එම අපහසුතා දුරු කර ගැනීමට හැකියාව ඇත. සමේ පිළිස්සුම් තුවාලයක් ඇති වූ විට ශීතකරණයේ ගබඩා කර තබා ගත් Tea Bag  දෙකක් ගෙන එම ස්ථානයේ තබන්න. ඉක්මන් සහනයක් සැලසේවි. තේ කුඩු වල ඇති කහට මගින් සම මත ඇති පිළිස්සුම් වේදනා සමනය කරනු ලබනවා.

රෑ නිදිමරා යම් කාර්යයක වෙහෙසෙනවා නම් පසු දින ඔබේ ඇස් ඉදිමී වෙහෙසකර ස්වභාවයක් ගනු ලැබීම .   මෙවන් අවස්ථාවකට දී Tea Bag  දෙකක් පියා ගත් දෑස් මත තබන්න. ඉක්මනින්ම ඔබේ දෑස් යථා තත්ත්වයට පත්වේවි.

ළූණු පොතු ඉවත් කිරීම, මාළු පිරිසිදු කිරීම ආදියෙන්  දෑත් වලින් යම් දුඟඳක් හමනවා නම් එම ස්වභාවය දුරු කිරීම සඳහා Tea Bag  යක් ගෙන එය අත් වලින් ජලයට අල්ලා හොඳින් මිරිකන්න. මේ සඳහා මද උණු ජලය සහ Tea Bag  භාවිතා කරන්නට හැකියි.මෙමඟින් ඔබේ දෑත් වලින් හමන දුඟඳ දුරු වේවි.

භාවිතා කරන තේ බෑගය භාවිතා කිරීමෙන් පසුව ඉවත නොදමා ශීතකරණයේ ගබඩා කර තබා ගන්න අනිවාර්යයෙනම මතක තබාගන්න. සකසුරුවම්කම අගයන ඔබට මෙය රුව වැඩීමට වඩාත් අගනා ක්‍රමයක් වේවි.

– කල්හාරී –

Related Articles

Don't Miss



Latest Articles

ශරදාකාසේ -35

එවක් පටන් දෙතුන් දිනක් යන තෙක් නිශාමනී සිටියේ නිර්වින්දිත තත්වයක ය. ඇය ආයතනයේ රැකියාවට ගියා ය. යන ගමන් එසඳිව පෙර පාසලෙන් දමා...

කෑම පෙට්ටිය

“අම්මා මේ,” පාසැල් ගොස් මහන්සියෙන් මුත් සිනහසෙමින් පැමිණෙන දෝණි සුපුරුදු පරිදි කෑම පෙට්ටිය මට දිගු කරන්නේ මා ඒ ගැන...

වැඩිහිටියන්ගේ නොසැලකිලිමත්කම නිසා මිලිනව ගිය තවත් පුංචි මල් කැකුළක්.

බණ්ඩාරගම අටලුගම සිදු වූ අට හැවිරිදි පුංචි අයිෂාගේ ඝාතන අපරාධය මේ මොහොතේත් ලාංකිකයක් කම්පාවට පත් කිරීමට සමත්. මේ සටහනෙන්, ඒ සිදුවීමෙහි පසු...

හිමගිරි අරණ -20

"ඔයා කියන විදියට නම් වැඩ කරන්න බෑ රවිඳු.එහෙම ගිය මනුස්සයෙක්ට ආදරේ කරලා මොකටද?" පාරමී වහා එරෙහි වූවා ය.සහන් සමඟ...

ශරදාකාසේ -34

"විකාර නැතුව ඒ මහත්තයව බැඳපං පංචලී. මොන දේ වුණත් නීතියෙන් බැඳගන්න එකේ වාසිය ගැනයි හිතන්න ඕනෙ. මන් දන්න සෑම්පලේ ගෑනුනං හිතන්නෙ ඒ...