ස්ථිර නොවුණත් කිරි දත් කියන්නේ කිරි කැටියෙකුගේ ජිවිතයේ වටිනාම අංගයක්. සාමාන්‍යයෙන් ලාංකික දරුවෙකුගේ කිරි දත් පැමිණීම ඇරඹෙන්නේ වයස මාස 6 සිට 9 දක්වා කාල සීමාවේදී යි. එහෙත් ඇතැම් දරුවන්ගේ දත් පැමිණීම ප්‍රමාද වන අවස්ථාද නැත්තේම නොවේ.
නිරෝගී දත් දෙපලක් දරුවෙකුට අවශ්‍ය ඇයි?
- ආහාර සපා කෑමට
- මුහුණේ පියකරු පෙනුමට
- සුන්දර සිනහවකට
- නිවැරදිව වචන උච්චාරණයට
- ක්‍රමානුකුලව ස්ථිර දත් පෙළ මතුකර ගැනීමට
- මානසික මෙන්ම ශාරීරික සෞඛ්‍යයට
කිරි දත් දිරා යාමට හේතු මොනවාද?
- මවු කිරි, පිටි කිරි පානයෙන් පසු දත් නොසේදීම
- ඇලෙන සුළු පැණි රස
- වැරදි ආහාර රටාව
- පිටි සහිත ආහාර, පැණි බීම
- ලොලි පොප්
කිරි දත් ආරක්ෂා කර ගැනීමට කළ යුතු දේවල් මොනවාද ?
- පළමු දත මතු වූ දිනයේ සිටම දත මැදීම ආරම්භ කිරීම.
- කුඩා දරුවන් සඳහා නිපදවූ ෆ්ලෝරයිඩ් අඩු දන්තාලේප භාවිතය
- රාත්‍රී කාලයේදී මවු කිරි දීමෙන් පසුව වතුර පෙඟවූ පුළුන් කැබැල්ලකින් දත්
පිස දැමීම. - අනවශ්‍ය පමණ පැණි බීම,පැණි රස ආහාර ලබා දීමෙන් වැළකීම.
- නිවැරදි ආහාර රටාවකට දරුවා යොමු කිරීම.
- නැවුම් පෝෂ්‍යදායි ආහාර ලබා දීම.
- දරුවාට කැල්සියම් සහිත ආහාර ලබා දීම.
– චම්මි –