අප ප්‍රශ්නයක් සම්බන්ධයෙන් කතා නොකරන තරමට එයට විසඳුමක් ලැබෙන්නේ නැහැ.බොහෝ අවස්ථාවන්හිදී ප්‍රශ්න ඔඩු දුවන්නේ ඒ නිසා බව මා මගේ ජීවිත අත්දැකීම් ඔස්සේ හොඳින් දැන සිටියා.වචන පිට කරද්දි සාන්තුවරයන් ලෙස හැසිරෙන ක්‍රියාවෙන් යක්ෂයන් ලෙස හැසිරෙන මගේ ඥාතීන් සමග කිරීමේ කිසිම කිසි තේරුමක් නැති බව මා හොඳින්ම වටහා ගත්තා.නමුත් සුධාරකගේ රැකියා ප්‍රධානියා කියන්නේ රටේ ඉහළ පෙළේ නිලධාරියෙක්.යුක්තිය සහ අයුක්තිය සම්බන්ධයෙන් හොඳ දැනුමක් ඇති ඒ සම්බන්ධයෙන් තීරණ ගැනීමේ බලතල ඇති ඔහු සමග මේ ප්‍රශ්නය මුල සිට පැහැදිලිව කතා කරන්නට මම තීරණය කළේ ඉන් අනතුරුව.
“මට නීත්‍යානුකූල කිසිම අයිතියක් නැති නිසා වාහන සම්බන්ධයෙන් ඔබතුමා එක්ක කතා නොකළ යුතු බව මම හිතල තිබුණේ.”
වාහන සම්බන්ධ ගැටලුව ගැන ඔහු මම එසේ පවසද්දී ඔහු මා පවසන දෙය අනුමත කළා.හදවතේ බැඳීම් සහ නීත්‍යානුකූල බැඳීම් ඇත්තේ අන්ත දෙකකයි.හදවත් බැඳීමකින් බැඳී සිටි මට සුදාරිගෙ සතු නීත්‍යානුකූල දේවල් අයත් කරගන්නට නොහැකි බව මං හොඳින්ම දන්නවා.ඒවා සම්බන්ධයෙන් බලපෑම් කරන්නටත් මට උවමනා වූයේ නැහැ.මා මෙන්ම හදවතින් බැඳුණු ගැහැනු ළං කරගත් තවත් ඕනෑතරම් නිලධාරීන් ඔහුගේ රැකියාව තුළ හිඳින්නට ඇති.මට සාධාරණයක් ඉෂ්ඨ කිරීම යනු ඔවුන් සියල්ලන්ටම සාධාරණයක් ඉෂ්ට කරන්නට සිදු වීම බව මම දැන සිටියා.සාධාරණ හේතු මත වගේම ඉතා අසාධාරණ හේතු මත ද එවැනි හදවත් බැඳීම් සාදාගත් ගැහැනුන් හිඳින්නට පුළුවන්.ඒ නිසා නීතිය නීත්‍යානුකූල බැඳීම් මත පමණක් පදනම් වූ වුවාට කම් නැති බව මම ද පිළිගන්නා සත්‍යයක්.
ඒ නිසාම මම කිසිම නීත්‍යානුකූල බැඳීමක් නොමැති ව සුධාරකගේ අසලින් රැඳීම ගැන ප්‍රධානියාගෙන් සමාව ඉල්ලා සිටින්නට ද සිතුවා.හිතක් පපුවක් නොමැතිව තීරණ ගන්නා මිනිසුන් කොට්ඨාසයක් බවට ඔවුන් සම්බන්ධයෙන් මත පළ වුණත් ඔහු සැබෑවටම මානුෂීය ගුණය පිරි මිනිසෙක්.දෙදෙනකු අතර ඇතිවන ප්‍රේමය සම්බන්ධයෙන් විනිශ්චය කරන්නට ඔහුට වුවමනා නොවූ අතර පෞද්ගලික කාරණා ඔහුට කිසිම ගැටලුවක් නොවන බවද ඔහු මට පවසා සිටියේ ඉතාම සුහදව.
ඒ නිසා වාහන නැවත පවරා ගැනීම සම්බන්ධයෙන් කිසිම එරෙහි වීමක් සිදු නො කරන්නට මම තීරණය කළා.මා මේ මොහොතේ තනි කර යන්නට නොහැකි බව කියමින් කනිෂ්ට නිලධාරීන් ඉතා සංවේගයට පත් වූ අවස්ථාව මා මේ මොහොතේ දී සිහි කරන්නේ ඉතාමත් ආදරයෙන්.මවක සහ වැඩිමහල් සහෝදරියක තරමට ඔවුන් මට ආදරය කළ බව මා හොඳින්ම වටහා ගත් අවස්ථා වන්නේ ඒ අවස්ථා.නමුත් නීතිය අනුව ඔවුන්ට මා අතැර යන්නට සිදු වුණා.
ඒ එක්තරා රාත්‍රියක්.මම සිටියේ රුවන්වැලි සෑයේ රාත්‍රී පූජාවකට සහභාගි වෙමින්.අපේ නිවසේ ආරක්ෂාවට රඳවා සිටි නිලධාරියාගෙන් මට ඇමතුමක් ලැබුණේ අන්න ඒ මොහොතේදී.
“මැඩම්,ඔෆිස් එකට ගෙදර යතුරු භාර දෙන්න කියලා නියෝගයක් ආවා”
ඔහු මට එවැනි කතාවක් පැවසූවා.මට එය මහත් පුදුමය එළවනතුරු කතාවක් වුණා.ඒ අපේ පෞද්ගලික නිවස මිස නිල නිවාසයක් නොවේ. රාජකාරිය සහ පෞද්ගලික නිවස කිසිසේත්ම පටළා ගත යුතු වන්නේ නැහැ.
“මැඩම්,මගෙන් නම ගම අහන්න එපා.ඒ වුණාට ඉහළ නිලධාරියෙක් ගෙන් තමයි මැඩම් ඒ අණ අපට ලැබුණේ.දැන් කොයි වෙලාවේ හරි සර් නැති වෙනවා.එතකොට හැම දෙයක්ම අයිති වෙන්නේ සර්ගෙ අම්මට.ගෙදර පාලනයත් අම්මට භාර දිය යුතු නිසා ඔෆිස් එකට හැම යතුරක්ම බාර දෙන්න කියලා ඒ සර් තමයි මට කිව්වේ.”
මේ අපේ පෞද්ගලික නිවස බවත් පෞද්ගලික දේපලක් රාජකාරිය සමග පටලවා ගත යුතු නැති බවත් මම ඒ කනිෂ්ට නිලධාරියාට ද පැහැදිලි කරන්නට වුණා.ඔහු සිටින්නේ ඉතාමත් කම්පනයෙන්. ඔහුට දොස් කියන්නට හෝ ඔහුව කලබලයට පත් කරන්න මට ඇත්තටම අවශ්‍ය වූයේද නැහැ.මා සමග හිතවත් කිහිප දෙනෙකුත් රැඳී සිටි අතර අප සියල්ලන්ම ඉතා කම්පනයට පත් කරන්නට ඒ ආරංචියට හැකි වූවා.නමුත් දැන් ඒ දෙය සිදු වී අවසන්.එහෙත් මම එක දෙයක් දැන සිටියා.නිවසේ ප්‍රධාන යතුරු කැරල්ල තිබෙන්නේ මා ළඟ.කණිෂ්ඨ නිලධාරියා ළඟ තිබුණේ ඩුප්ලිකේට් යතුරු කැරැල්ලක්.යතුරු කැරැල්ලේ බොහෝ යතුරු තිබුණේ ද නැහැ.ඔහු එය බාරදීම ගැන මට විශාල වේදනාවක් නොදැනෙන්නට හේතුවක් වුණා.
මම නැවත නවාතැනට ගියේ ඒ සම්බන්ධයෙන් ඇති වූ දැඩි සිත් වේදනාවකින්.ඉන්පසු මම ඒ සම්බන්ධයෙන් සුදාරකගේ නෑදෑයින්ට හෙළි කළේ ඉතා කේන්තියකින්.
“මේ අපි ඒ කිසිම දෙයක් දන්නෙ නෑ.”
ඔවුන් පවසන්නේ කාර්යාලයෙන් යතුරු ඉල්ලා ගන්නට ඇති බවයි.නමුත් එවැන්නක් සිදු වී නැති බවත් සුදාරකගේ අම්මා යතුරු ඉල්ලා ඇති බවත් මා හෙළි කළේ ඉතාම කෝපයකින්.තමන්ගේ පුතු අසනීප වී සිටියදී තණ්හාවෙන් දඟලන ඇය මවක් දැයි මම ඇසුවේ මගේ ඉවසීමේ සීමා සියල්ලම බිඳී ගොස් තිබීම නිසා.මේ සියල්ල සිදුවන්නේ සැලසුම් සහගත බව වටහා නොගෙන ඉන්නට තරම් මා අනුවණ වූයේත් නැහැ.අම්මා ළඟ දුරකථනයකුත් නැතිව ඇය විසින් එවැනි ඉල්ලීමක් කරන්නට කිසි සේත් ම ඉඩ නැතැයි ඔවුන් මට දිගින් දිගටම කියා සිටින්නට වුණා.
එවැනි කතන්දර ඇසෙද්දී එතනින් එහාට කරන්නේ කුමක්දැයි යන කෝපය මිස අන් කිසිවක් මට සිතා ගන්නට හැකිවූයේ නෑ.පඬිපුර ගිනි තබන්නට කන්නගීට ඇති වූ කෝපය ගැහැනියකට සිතාගත හැකි වන්නේ ඒ ආසන්න අත්දැකීමක් ලැබීමෙන් පසුවයි.සැබෑවටම මා සිටියේ ද එවැනි මානසිකත්වයක.තමන් අතිශය අසරණ වී ඇති බවත් ලෝකයම එක් වී තමන් රවටන බවත් ඔබට කිසිම දවසක දැනී තිබෙනවාද? ගැහැනියක ලෙස ඒ අත්දැකීම ඔබ විඳදරා ගත්තේ කෙසේදැයි ඔබේ මතකයේ තිබෙනවාද?
ඒ මොහොතේ මා නම් පසු කරමින් සිටියේ එවැනි මානසිකත්වයක්.