පරිප්පු වලින් සොසේජස් හදමුද?

සොසේජස් කන්න හැමෝම ආස වුණත්, එහි සෞඛ්‍යාරක්ෂිත බව ගැන ගැටලුවක් තිබෙනවා. කුඩා දරුවන් කොච්චර ආසා වුණත් අම්මලා සොසේජස් දෙන්න දෙවරක් හිතන්නේ ඒ නිසයි. ඉතින් අපි අද ඔබට සෞඛ්‍යාරක්ෂිතව රස ම රසට ගෙදරදී ම සොසේජස් හදන හැටි කියා දෙනවා.

පරිප්පු සොසේජස්

  • පරිප්පු කෝප්පයක්
  • ලූණු
  • සුදුළූණු
  • ඉඟුරු
  • කරපිංචා
  • ලුණු
  • මිරිස්කුඩු
  • කහ කුඩු
  • තෙල්

හදන්නේ මෙහෙමයි
පරිප්පු ටික හොඳින් සෝදා පැයක් පමණ පොඟවා ගන්න. ඉන්පසු වතුර හොඳින් තෙත මාත්තු කරගන්න. ඉන්පසු තෙල් ටිකක් ලිප තබා ලූණු, සුදුළූණු, ඉඟුරු, කැපූ කරපිංචා යන්තමින් තෙම්පරාදු කරන්න. ඉන්පසු එයට මිරිස්කුඩු තේ හැන්දක්, කෑලි මිරිස් කුඩු තේ හැන්දක්, කහ තේ හැඳි කාලක්, ලුණු එකතු කරගන්න. ඉන්පසු පරිප්පු එකතු කර විනාඩි තුනක් තෙම්පරාදු කරගන්න.
එය හොඳින් නිවා ක්‍රීම් වන තුරු බ්ලෙන්ඩ් කරගන්න. වතුර එකතු කරගන්න එපා. මේ මිශ්‍රණය සොසේජස් හැඩයට ෆොයිල් කොළ වල ඔතා ගන්න. ස්ටීමර් එකේ විනාඩි විස්සක් පමණ ස්ටීම් කරන්න.

බිම්මල් සොසේජස්

අවශ්‍ය ද්‍රව්‍ය

  • බිම්මල් පැකට් එකක්
  • ලූණු
  • සුදුළූණු
  • ඉඟුරු
  • කරපිංචා
  • ලුණු
  • මිරිස්කුඩු
  • කහ කුඩු
  • තුනපහ කුඩු
  • සහල් පිටි 60g

හදන්නේ මෙහෙමයි

බිම්මල් පිරිසුදු කර, කුඩා තීරු වලට ඉරා විනාඩි දහයක් ස්ටීම් කරගන්න. ඉන්පසු ඉතුරු ද්‍රව්‍ය සියල්ල සමග මිශ්‍ර කර බ්ලෙන්ඩ් කරගන්න. මෙය පරිප්පු මිශ්‍රණය සේ ඝන එකක් නොවෙයි. ඒ නිසා සහල් පිටි ටික ටිකෙන් ටික එක් කර අවශ්‍ය පදමට සකසා ගන්න.  මේ මිශ්‍රණය සොසේජස් හැඩයට ෆොයිල් කොළ වල ඔතා ගන්න. ස්ටීමර් එකේ විනාඩි විස්සක් පමණ ස්ටීම් කරන්න.

පොලොස් සොසේජස්

අවශ්‍ය ද්‍රව්‍ය

  • තම්බා ගත් පොළොස් 400g
  • ලූණු
  • සුදුළූණු
  • ඉඟුරු
  • කරපිංචා
  • ලුණු
  • මිරිස්කුඩු
  • කහ කුඩු
  • තුනපහ කුඩු
  • කඩල පිටි 60g
  • තෙල්

හදන්නේ මෙහෙමයි

පොලොස්ටික හොඳින් පොඩි කරගන්න. ඉන්පසු කඩල පිටි හැර ඉතිරි සියල්ල තෙලට දමා තෙම්පරාදු කරගන්න. ඉන්පසු මේ මිශ්‍රණය නිවුණු පසු බ්ලෙන්ඩ් කරගන්න. කඩල පිටි එක්කර අවශ්‍ය පදම සකසා ගන්න. මේ මිශ්‍රණය සොසේජස් හැඩයට ෆොයිල් කොළ වල ඔතා ගන්න. ස්ටීමර් එකේ විනාඩි විස්සක් පමණ ස්ටීම් කරන්න.

දැන් ඔබට ඉතා පහසු,ලාබදායී සහ සෞඛ්‍යාරක්ශිත සොසේජස් රෙසිපි තුනක් තිබෙනවා. තෙල් දමා හෝ තෙලේ බැද ආහාරයට ගෙන රස බලන්න!

Related Articles

Don't Miss


Latest Articles