සිරුරේ බර අඩු කර ගන්න කැමති ඔබට හයි ප්‍රෝටීන් ඩයට්

හයි ප්‍රෝටීන් ඩයට් පිළිබඳව ස්මාට්ලේඩි අපේ ලිපි මාලාවක් තිබෙනවා. අපි ඔබට අද ගෙන එන්නේ පහසුවෙන් සකසා ගත හැකි, අපේ රසට ගැළපෙන හයි ප්‍රෝටීන් ඩයට් රෙසිපි කිහිපයකුයි.

Spicy Scrambled Egg – Protein 16g

අවශ්‍ය ද්‍රව්‍ය

  • බිත්තර හතරක්
  • කුඩාවට කැපූ රතුලූණු ගෙඩියක්
  • කුඩාවට කැපූ කරපිංචා ටිකක්
  • කැපූ අමුමිරිස් ටිකක්
  • කෑලිමිරිස් කුඩු
  • කුඩාවට කැපූ තක්කාලි ටිකක්
  • ලුණු කුඩු 

හදන්නේ මෙහෙමයි

තාච්චියකට තෙල් දමා බිත්තර හැර ඉතිරි සියල්ල යන්තමින් තෙල් දමා ගන්න. එයට බිත්තර එකතු කර හොඳින් කලවම් කරමින් පිසගන්න.දැන් පාන් පෙත්තක් සමග ආහාරයට ගන්න. 

Steamed spicy dhal pieces – Protein 20g

අවශ්‍ය ද්‍රව්‍ය 

  • පරිප්පු කෝප්ප බාගයක්
  • රතුලූණු ගෙඩියක්
  • අමු මිරිස් හෝ කොච්චි කරලක්
  • කහ ටිකක්
  • ලුණු ටිකක්
  • මිරිස් කුඩු ටිකක්

හදන්නේ මෙහෙමයි

පරිප්පු පෙඟෙන්නට දමා ගන්න. හොඳින් පෙඟුණු පසු සියල්ල එකට දමා වතුර නොදා බ්ලෙන්ඩර් කර ගන්න. දැන් කුඩා පැතලි භාජනයක දමා ස්ටීම් කරන්න. හොඳින් ස්ටීම් වූ පසු කැබලි කපාගෙන කරියක් ලෙස හෝ තෙම්පරාදු කර ආහාරයට ගන්න.

Spicy Vege meatballs – Protein 20g

අවශ්‍ය ද්‍රව්‍ය

  • කඩල පිටි කෝප්පයක්
  • බිම්මල් ටිකක්
  • කැපූ බීලූණු ගෙඩියක්
  • කරපිංචා ටිකක්
  • තැලූ සුදුලූණු බික් දෙකක්
  • තුනපහ
  • මිරිස් කුඩු 
  • ලුණු කුඩු

හදන්නේ මෙහෙමයි

කඩල පිටි හැර ඉතිරි සියල්ල කුඩාවට කපා තෙම්පරාදු කරන්න. ඉන්පසු එයට කඩල පිටි එක් කරමින් බෝල සකසා ගත හැකි පදමට එන තුරු මිශ්‍ර කරන්න. පදම ආ පසු, බෝල සකසා ස්ටීම් කරන්න. තෙල් දමා හෝ කරියක් ලෙස සකසා ආහාරයට ගන්න.

Related Articles

Don't Miss


Latest Articles