මේ ටික දැනගෙනම හඬන්න

කඳුළු ගැන නොදන්නා කෙනෙක් නැහැ .හැඟීම් බර මොහොතකදී නොදැනීම අප කාගේත් නෙත් අගට එකතුවෙන කඳුල ගැන ලියවුන කවි සින්දු නම් බොහොමයි. ඒත්  අප ඒ ගැන කතා කරන්නට නෙවෙයි මේ සැරසෙන්නේ … කඳුල ගැන පොඩි විද්‍යාත්මක දැනීමක් ලබා ගන්නට පමණයි.

දුක, සතුට, වගේ හැඟීම් සමඟ පමණක් නෙවෙයි අධික දුම, ආලෝකය, විවිධ සැර ළුණු වැනි ද්‍රව්‍යන්ගෙන් පිටවන රසායන  මේ සියල්ලම නිසා කඳුල උපදිනවා.

කඳුළු දෙන්න මට හඬන්න

  • කඳුළු පිටවීම මඟින් චිත්ත වේගයන් සමනය වනවා.
  • අපහසුතාවයන් මෙන්ම සතුට සන්නිවේදනය වනවා.
  • මානසික ආතතිය හා බැඳී රසායනික වර්ග සිරුරෙන් පිට කිරීමට උපකාර වනවා.

කඳුළු උනන අවස්ථාව අනුව වර්ග 3 

  • චිත්තවේගී කඳුළු – කිසියම් හැඟීමක් නිසා ඇසට උනන කඳුළු තමා චිත්තවේග කඳුළු කියන්නේ
  • ප්‍රතීක කඳුළු – ඇසට ඔරොත්තු නොදෙන සැර දෙයක් නිසා හට ගන්නා කඳුළු ප්‍රතීක කඳුළු 
  • පාදස්ථ කඳුළු  –   ඇස වියලී යාම වළක්වාලන ප්‍රෝටීන් වලින් යුතු බැක්ටීරියා කාරක දියරයකි. ඇස් වලට පෝෂණයත් ආරක්ෂාවත් ලබා දෙමින්  අක්ෂි ගෝලය තෙතමනයෙන් යුතුව තබයි.

    – චම්මි –

Related Articles

Don't Miss


Latest Articles