වාහනයක් පදවන විට මේ ගැනත් සැලකිලිමත් වන්න

ලෝකයේ සෑම රටකම වගේ රිය පැදවීමේ වේගය සම්බන්ධයෙන් යම් නීති තිබෙනවා. එවැනි සීමා දමා තිබෙන්නේ අපේම ආරක්ෂාව සඳහායි. මෙහිදී ආසනපටි (seat belt) පිළිබඳ නීතිය ඉතාමත් වැදගත්.

රියදුරන් සම්බන්ධව ආසනපටි නීතිය මෑතක සිට තදින්ම ක්‍රියාතමක කරන්න පටන් ගෙන තියනවා. රියදුරා විතරක් පමණක් නොව ඉදිරිපස අසුනේ ඉන්න අනිත් කෙනත් සීට් බෙල්ට් දාල නැතිනම් දඩ නියම කෙරෙනවා.

සීට් බෙල්ට් යොදා තිබෙන්නේ වාහනයක ගමන් කරන පුද්ගලයන් වාහනයේ සිදුවන හදිසි ඒ වගේම හානි කරන චලනයන්ගෙන් ආරක්ෂා කරන්න නිමැවුනු මෙවලමක්. සීට් බෙල්ට් එක මඟින් එවැනි හදිසි අවස්ථාවල දී ප්‍රතිවිරුද්ධ බලයක් යොදා එම පුද්ගලයා සිරකරගැනීම සිදුකරයි. බොහෝ විට රිය අනතුරකදී ගැටෙන්නේ වාහනයක ඉදිරිපසයි. මෙවිට රියදුරු අසුනේ ඉන්නා කෙනා මෙන්ම ඉදිරිපස අසුනේ ඉන්න අනිත් කෙනත්  නිසි පරිදි ආසනපටි පැලදුවෙ නැතිනම් ඔහුව ඉදිරියට විසිව ගොස් ඉදිරියෙන් වූ රිය කොටස් වල ගැටීම නිසා අනතුරු සිදුවිය හැක.

රිය අනතුරකදී ළමුන්ට අනතුරු වීමේ හැකියාව වැඩියි. ඩුබායි,  ඕස්ට්‍රේලියා ආදී රටවල නම් නීතියට අනුව වයස අවුරුදු 7ට අඩු සියලු ළමුන් මගී ප්‍රවාහනය සඳහා ගැනෙන සියලු මෝටර් රථවල  දරුවන්ට වෙන්වූ ආසනයක් ද ආසන පටියක්ද තිබිය යුතුයි. ලංකාවේ මේ සම්බන්ධයෙන් වැඩි කතා බහක් නැති නමුත් අවධානය යොමු කල යුතු දෙයක්.

ආසන පටි පැළඳ සිටියේ නැත්නම් හදිසි අනතුරකදී ඉන් බලාපොරොත්තු වන තරම් ආරක්ෂාවක් ලැබෙන්නේ නැහැ. මේ නිසා රිය පැදවීමේදී ආසන පටි පැළඳීමට නම් අමතක කරන්න එපා.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles