තේවේලාවට කන්න රසම රස පැටිස් හදමු

උණුවෙන් රස කර කර පැටිස් කන්න කවුද අකමැති? හොඳ කහට තේ කෝප්පයක් එක්ක රසවිඳින්න රසම රස පැටිස් ටිකක් ඉක්මනින්ම හදල ගමුද?

අවශ්‍ය ද්‍රව්‍ය:

පැටිස් මෝලිය සදහා

  • පාන් පිටි  200g
  • මාගරින් 100g
  • අයිස් වතුර

පිරවුම  සඳහා

  • සැමන්/ මාළු 200g
  • තම්බා ගත් අල ගෙඩි 2
  • කැරට් අල 1
  • ළූණු ගෙඩි 1 ක්
  • අමු මිරිස්
  • තක්කාලි ගෙඩි 1
  • කුඩාවට කප ගන්නා ලද රම්පා /කරපිංචා
  • තුනපහ තේ හැදී 1 ක්
  • මිරිස් කුඩු තේ හැදී 2 ක්
  • ලුණු
  • ගම්මිරිස්
  • බැදීමට තෙල්

සාදන අයුරු:

පළමුව භාජනයකට පිටි, මාගරින් දමා එයට අයිස් වතුර ස්වල්පය බැඟින් එක්කරමින් හොඳින් මෝලිය අතේ නොඇලෙන පදමට අනා ගන්න. එය බෝලයක් ආකාරයෙන් සදා වෙනමම වසා තබන්න .

පෑන් එකක් මද ගින්දරේ ලිප තබා එයට තෙල් හෝ මාගරින් දමා රම්පේ සහ රපිංචා එක කර තෙම්පරාදු කරගන්න. තම්බා ගෙන පොඩි කරගන්නා ලද මලු/සැමන් එක කරන්න. ඉතා කුඩාවට කප ගන්නා ලද අල, කැරට්, තක්කාලි, අමු මිරිස් ද එක කරගෙන හොඳින් කවලම් කරමින් විනාඩි කිහිපයක් ලිපේ තබන්න. ලිප නිවා රස අනුව ලුණු ගම්මිරිස් එක් කර ගෙන නිවෙන්නට ඉඩ හරින්න .

මෝලියෙන් කුඩා කොටසක් ගෙනා මේසය මතට පාන්පිටි ස්වල්පයක් දමා රෝලින් පින් එකකින් තුනී කර කුඩා රවුම් ආකාරයට කපා ගන්න. තුනී කරගත් සද ගන්නා ලද මිශ්‍රණයෙන් ස්වල්පයක් මැදට තබා දෙකට නවා ගෙන ගෑරප්පුවකින් රවුමට එහි තුඩින් තද කරගන්න නැතිනම් කටරයකින් කපාගන්න. ඉන්පසු ගැඹුරු තෙලේ බැද ටිෂූ එකක් මත තබා තෙල් බේරා ගන්න. සෝස් සමඟ උණුවෙන්ම පිළිගන්වන්න.

පැටිස් බදින්න අකමැති නම් මාගරින් ටිකක් තවරා බේක් කරගන්න. අමුත්තෙක් ආපු වෙලාවක පිළි ගන්න වගේම උත්වයක් රසවත් කරගන්නත් මේ පැටිස් කදිමයි.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles