ගුරුතුමිය දූෂණය කර මරා දැමූ දාහතර හැවිරිදි සිසුවා

2013 ඔක්. 22 වන දින, මැසචුසෙට්ස් හි ඩැන්වර්ස් උසස් පාසලේ නවවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන ෆිලිප් චිස්ම් සිතාගත නොහැකි දෙයක් කළා. යන්තම් වයස අවුරුදු 14 දී ඔහු තම 24 හැවිරිදි ගණිත ගුරුවරිය වන කොලීන් රිට්සර්ට කුරිරු ලෙස පහර දුන්නා.

වාර්තා වන පරිදි ප්‍රීතියෙන් සිටින ගුරුවරියක් වූ රිට්සර් තම සිසුන්ට ගණිතය සම්බන්ධයෙන් උපකාර කිරීමට පුරුදුව සිටියා. ඇය ඔක්තෝබර් මාසයේ එම දෛවෝපගත දිනයේ පාසලෙන් පසු නැවතී සිටින ලෙස චිසම්ගෙන් ඉල්ලා තිබුණා. චිස්ම් දින කිහිපයකට පෙර ක්‍රියාත්මක කළ කුමන්ත්‍රණය ඇය දැන සිටියේ නැත.

පාසල් දිනය අවසානයේදී, චිසම් රිට්සර් පසුපසින් පාසල් වැසිකිළියකට ගියා.බොක්ස් කටර් එකක් අතැතිව, චිසම් ඇයව මංකොල්ල කා දූෂණය කර මරා දමා, පසුව ඇගේ සිරුර කුණු කූඩයක පෙරළා පාසල පිටුපස වනාන්තරයට ගෙන යන්නට තරම් ම්ලේච්ඡත්වයට පත් වී තිබුණා. චිසම් පසුව නගරයට ගොස් රිට්සර්ගේ ක්‍රෙඩිට් කාඩ්පත භාවිතයෙන් චිත්‍රපට ටිකට් පතක් මිලදී ගත් බව සඳහන්.පසුදා උදෑසන පොලිසිය ඔහුව අල්ලා ගන්නා විට, චිසම් ඔහුගේ දෑත් සෝදා නොතිබුණ තර තවමත් රිට්සර්ගේ ලේ ඔහුගේ අත්වල තිබී තිබුණා.

ෆිලිප් චිස්ම් උපත ලැබුවේ 1999 ජනවාරි 21 වැනිදා. 2013 අගභාගයේදී, චිසම් ටෙනසි ​​සිට මැසචුසෙට්ස් හි ඩැන්වර්ස් වෙත පදිංචියට ගොස් ඇති අතර එහිදී ඔහු හොඳ පාපන්දු ක්‍රීඩකයෙකු වීමට අමතරව පාසලේ එතරම් ප්‍රසිද්ධ වී නෑ. එක් පාසල් වාර්තාවක් ඔහුව හැඳින්වූයේ “සමාජ විරෝධී” සහ “සැබවින්ම වෙහෙසට පත් වූ දරුවෙක්” ලෙසයි. අපරාධය සිදුවන විට ඔහුගේ මව දුෂ්කර දික්කසාදයකට මුහුණ දෙමින් සිටි බවද වාර්තා වනවා.

රිට්සර් ගුරුතුමිය ෆිලිෆ්ට නරක අයුරින් සැලකූ බව වාර්තා වන්නේ ද නෑ. පන්තිය අවසානයේදී රිට්සර් ඔහුගේ චිත්‍ර ඇඳීමේ කුසලතාව ගැන ප්‍රශංසා කරන අයුරු සිසුවෙකුට ඇසුණු අතර, පසුව ඔහුට පාසලෙන් පසු නැවතී සිටින ලෙස ඉල්ලා සිටියේ ඉදිරි පරීක්ෂණයකට සූදානම් වීමට උපකාර කළ හැකි බව පවසමින්.ගුරුතුමිය වෙනත් ප්‍රදේශයක පාසලකට මාරු වීමක් ලබා ඇති බව ඇය දරුවන්ට හෙළි කර තිබෙන්නේ ද ඒ අතර කාලයේ.

ෆිලිප් ඒ ආරංචිය ලැබීමෙන් පසු පිටතට ගොස් බෑග් කිහිපයක් රැගෙන ආ බව පාසලේ සීසීටීවි කැමරාවල සඳහන් වෙනවා.

ඉන් අනතුරුව තමයි ඉහත සඳහන් වූ අන්දමට ඝාතනය සිදු වන්නේ.

චිසම් රිට්සර්ගේ ක්‍රෙඩිට් කාඩ්, අයිෆෝන් එක සහ යට ඇඳුම් කොල්ලකෑමට පෙර, බොක්ස් කටර් යන්ත්‍රයෙන් ඇගේ ගෙලට 16 වතාවක් ඇන දූෂණය කර තිබෙනවා.

අපරාධය පුරාවට චිසම් විවිධ ඇඳුම් කිහිපයකින් පෙනී සිටි අතර පසුව පොලිසිය පැවසුවේ ඔහු මිනීමැරුම කල්තියා සැලසුම් කළ ආකාරය පෙන්නුම් කළ බවයි. ඔහු රිට්සර්ගේ සිරුර සහිත බඳුන විදුලි සෝපානයක් දෙසටත් පසුව පාසලෙන් පිටතත් ඇදගෙන ගොස් තිබෙන බවත් හෙළි වුණා.ඔහු පාසල පිටුපස වනාන්තර ප්‍රදේශයක් දක්වා සිරුර අඩංගු බඳුන ඇදගෙන ගිය අතර එහිදී ඔහු රිට්සර්ගේ අප්‍රාණික සිරුර නැවත දූෂණය කර තිබෙනවා.ඉන්පසු ඇඳුම් මාරු කරගෙන නැවත පාසලට එන අයුරු කැමරා ඇසට හසු වී තිබෙනවා.

ගුරුතුමිය සහ ගෝලයා යන දෙදෙනාම අතුරුදහන් වන්නේ ඉන්පසුව.මරණය සම්බන්ධ සාක්ෂි හමු වීමෙන් පසු චිසම් ගැන සීසීටීවි දර්ශන සොයා ගැනෙනවා.ඔහු ඩැන්වර්ස් පිටත අඳුරු මහා මාර්ගයක් දිගේ ඇවිද යමින් සිටියදී, 12:30 ට සාමාන්‍ය ආරක්ෂක ඇමතුමක් මත පොලිසිය විසින් ඔහුව නතර කරන්නට සමත් වෙනවා.

ඔහු ළඟ තිබී සාක්ෂි හමු වෙන අතර සිරුර වළ දැමූ බව ද ඔහු හැඟීම්විරහිත ප්‍රකාශ කරනවා.කොලීන් රිට්සර්ගේ ප්‍රාණය නිරුද්ධ නිරුවත් මල සිරුර පොලිසිය විසින් සොයා ගන්නවා.ඇගේ යෝනි මාර්ගයට ඇතුළු කර තිබූ ගසක අත්තක සියල්ලන්ටම වෛර කරන බව ලියා තිබුණු බව සඳහන්.

කොලීන් රිට්සර්ගේ ඝාතනය, දරුණු දූෂණය සහ මංකොල්ලකෑම සම්බන්ධයෙන් පිලිප් චිස්ම්ට චෝදනා එල්ල වනවා. ඔහු වැඩිහිටියෙකු ලෙස සලකා නඩුව විභාග වූ අතර, 2016 පෙබරවාරි 26 වන දින ඔහුට අවම වශයෙන් වසර 40 ක සිර දඬුවමක් නියම වුණා.

Related Articles

Don't Miss


Latest Articles