“එයාට ලේ මදි. හොඳට කන්න බොන්න දෙන්න කියනවා.” ඇත්තටම මොකද්ද මේ ලේ මදිකම කියන්නෙ. අපි ටිකක් ඒ ගැන දැනුවත් වෙමු. නීරක්තිය, නැත්තම් රක්තහීනතාවය (Anemia) අද දරුවන් සහ වැඩිහිටියන් දෙපාර්ශවයම අතර දක්නට පුළුවන් රෝගී තත්වයක්. මෙයට ප්‍රධාන හේතුව යකඩ ඌනතාවයි. නිරෝගී පුද්ගලයෙකුගේ රුධිරයේ හිමොග්ලොබින් මිලි ලීටර් 100 ට ග්‍රෑම් 12 ක්. මෙම ප්‍රමාණයට වඩා අඩු වීම නීරක්තිය ලෙස හඳුන්වනවා.
යකඩ ඌනතාවයට බලපාන හේතු
- එදිනෙදා ආහාර වේලේ ප්‍රමාණවත් තරම් යකඩ අඩංගු නොවීම.
- ආහාරයේ අඩංගු යකඩ ශරීරයට උරා නොගැනීම.
- රුධිර වහනය
- ගැහැණු දරුවන්ගේ මාසිකව සිදුවන රුධිර වහනය
- පර පෝෂිත ආසාදන
නීරක්තිය කොහොමද හඳුනා ගන්නේ
- සුදුමැලි බව
- අධික මහන්සිය
- හිසරදය
- හුස්ම ගැනීමේ අපහසුතාවය
- අවධානය හා මතක තබා ගැනීමේ හැකියාව අඩු වීම.
- ඉගෙනීමේ දුර්වලතා
යකඩ උරා ගැනීම අඩු වෙන්නේ ඇයි?
- ප්‍රධාන ආහාර වේල් සමග තේ, කෝපි, වැනි කැෆේන් ටැනින් අඩංගු පානයන් ගැනීම.
- නිවැරදි නොවන ආහාර පුරුදු
යකඩ උරා ගැනීමට කළ යුතු දෑ
- ආහාර පිළියෙළ කිරීමේදී සියඹලා ,තක්කාලි එකතු කිරීම
- විටමින් සී බහුල අතුරුපස ආහාරයෙන් පසුව ලබා ගැනීම
- කඩල, මුන් ඇට වැනි ධාන්‍ය පොඟවා අංකුර ඇති වූ විට ආහාරයට ගැනීම.
- මස්, මාළු, කරවල ආහාරයට එකතු කර ගැනීම.
– චම්මි –