AC එකේ ඉද්දි වේලෙන ඇස් දෙක පරිස්සම් කරගන්නේ කොහොමද?

“මේ ඒසී එකේ ඉඳල මගෙ ඇස් දෙක වේලිලා ගිහින් අප්පා, අරින්න වහන්නත් අමාරුයි”

ඒසී කරපු ඔෆිස් එකක වැඩ කරන මම දවසට කී වතාවක් නම් මෙහෙම හිතනවද කියල මේ ආටිකල් එක ලියද්දි මටත් හිතුනා.

මේ දවස්වල තියෙන සීතල කාලගුනේට ඒසී එක්කහු වුනාම ඉතින් සම වියලෙන එක වළක්වාගන්න නටන්න වෙන බව ඉතින් අමුතුවෙන් කියන්න ඕන නෑනෙ.

හැබැයි ඉතින් එහෙමයි කියලා දාහක් වැඩ අස්සෙ ඔෆිස් එකේදි ඇස් දෙකට සාත්තු කර කර ඉන්නත් බෑ.

මම වගේම ඔයත් මේ ප්‍රශ්නෙන් පීඩා විඳිනවනම් එකට දුක්විඳිමි කියනවට වඩා, හැමෝම එකතුවෙලා මෙහෙම කරල බලපු කියන මගේ උතුම් සිතුවිල්ල තමයි මේ ලිපිය ලියන්න මට පාර හැදුවෙ.

ඉතින් අපි බලමු මේ ඒසී නිසා ඇස් වේලෙන ප්‍රශ්නෙට අපි විසඳුමක් අරගෙන එන්නෙ කොහොමද කියලා.

“වායුසමනය කළ කාමරයක, විශේෂයෙන්ම ඉතා අඩු උෂ්ණත්වවලදී, ආර්ද්‍රතාවය අඩු වේ.

වාතය අතිශයින් වියලි බවට පත්වන අතර එමඟින් කඳුළු පටලයේ ජල ස්ථරයෙන් වාෂ්ප වී වාෂ්පීකරණ වියළි ඇස් ඇති කරයි.

එවැනි AC වලට දිගු කාලීනව නිරාවරණය වීමෙන් ඇහිබැමිවල ඇති ග්‍රන්ථි වලින් ලිපිඩ නිෂ්පාදනය වෙනස් කළ හැකි අතර එමඟින් කඳුළු පටලවල ගුණාත්මකභාවය සහ ප්‍රමාණය යන දෙකම වෙනස් වන අතර එම නිසා ඇස් වියළී යයි.

 ලිහිසි කිරීමකින් තොරව, ඇස් දැවිල්ලට හා ආසාදනවලට ගොදුරු වීමේ වැඩි අවදානමක් ඇති අතර එය වඩාත් නරක තත්ත්වයන්ට මග පාදයි.”

මෙහෙම කියන්නේ නම් මම නෙවෙයි. චෙන්නායි අගර්වාල් අක්ෂි රෝහලේ වෛද්‍ය ශ්‍රී නිවාසන් ජී රාඕ මහත්තයා.

අපිට මේක නිකන්ම ඇස් වියලීමක් වගේ පෙනුනට මෙතන දිලීර, බැක්ටීරියා නිසා ඇතිවෙන්න පුලුවන් ආසාදන තත්ත්වයක් තියන බවත් ඒ මහත්මයාගේ කතාවෙන් අපිට හොඳටම තේරුම් යනවනේ.

ඉතින් එළියෙන් ඇස් වේලෙනව වගේ දැනුනට මේක අපි නොහිතන විදියෙ ලොකු ප්‍රශ්නයක්, එහෙම නේද?

රෝග ලක්ෂණ මොනවද?

මේ අධිකව ඇස් වියලීම නිසා ඇස්වල කැසීමක් ඇතිවෙන්න පුලුවන් බව එතුමා කියනවා. ඉතින් කොහෙ හරි කසන්න ගත්තම අපිත් නෑ ආය පණ දාන කසන නිසා ඇස් දෙක රතු වෙලා ඉඳිමවගෙන, දැවිල්ලෙන් ඉන්නවා.

ඒකට වඩා වේදනයි නේ කවුරුහරි රතු වෙච්ච ඇස් දැකල “අනේ ඇයි ඔයා ඇඬුවෙ කියලා” අහද්දි.

“ඇඬුවෙ ඒසී එක නිසා” කියල කියන්න පුලුවන් උනාට මොකෝ ඒකෙන් ප්‍රශ්නෙට විසඳුමක් ලැබෙන්නෙ නෑ.

ඒ නිසා මොනතරම් අමාරු වුනත් ඒ වගේ කසන වෙලාවක ඇහැ කසන්න නම් යන්න එපා.

ලෙඩ වැඩිකරගන්න තමයි වෙන්නෙ ඔය ඇස් කැසිල්ලෙන්.

ඊට අමතරව ඔය බොඳ වෙල පේන ඒක, ඇස් බරයි වගේ දැනෙන එක, කියවීමේ වේගය අඩු වීම වගේ දේවල් වුණත් මේ ඇස් වියලීම නිසා ඇතිවෙන්න පුලුවන් ගැටලු වලින් කීපයක්.

කොහොමද මේවට විසඳුම් දෙන්නේ?

වායුසමීකරණය කරන ලද කාමර භාවිතා කරන පැය ගණන අවම කිරීමට සහ අඩු කිරීමට උත්සාහ කරන්න, 23 C ට වඩා වැඩි AC උෂ්ණත්වයක් සැකසීම නිර්දේශ කෙරේ. – මෙහෙම කියල ඉතින් ඔෆිස් එකේ ඒසී ඕෆ් කරන්න ගිහිල්ලා අන්තිමේ කට්ටියගෙන් බැණුම් අහන්න නම් එපා. කොච්චර සීතල කරපු ඔෆිස් එකක වුණත් ඉන්නවනෙ ඉතින් තමන් වැඩකරන්නෙ අනුරාධපුරේ කියල හිතන් වැඩ කරන අය.

ඔෆිස් එකේ ඒසී අඩුවෙන් වැදෙන තැනක වාඩිවෙන්න පුලුවන් ඒ ඔප්ෂන් එකට යන්න. ඊට අමතරව ගෙදර ආවහමත් ඒසී දාන් ඉන්න හිතන්නෙ නැතුව පොඩ්ඩක් ඔය හුළඟක් හෙම වැදෙන්න එලියට පහලියට යන්න.

ඔබේ මුහුණ වායුසමීකරණ යන්ත්‍රවලට මුහුණ ලා වාඩි වීමෙන් වළකින්න, එමඟින් වායුසමීකරණ යන්ත්‍රවලින් ඇස් සෘජුවම වාතයට නිරාවරණය වීම වළක්වයි. – ඔයාට වාඩිවෙන්න ලැබෙන්නෙම ඒසී එක දිහා බලාගෙන නම් පොඩ්ඩක් ඒ සීටින් සෙටින්ග් එක වෙනස් කරගන්න පුලුවන්ද කියල බලන්න? ඇස්, කන් කට නාසය ගල් කරගෙන කොහොමත් වැඩ කරන්න අපහසු බව පොඩ්ඩක් කිව්වනම් ඔෆිස් එකේ බොස් උනත් ඕක තේරුම් නොගෙන ඉන්න එකක් නෑ.

කාමරයේ වාතයේ ආර්ද්රතාවය පවත්වා ගැනීම සඳහා වායුසමීකරණ යන්ත්රය සමඟ ඔබ වාඩි වී සිටින කාමරයේ කෙළවරේ කුඩා විවෘත මිරිදිය බඳුනක් තබන්න, එමගින් සම සහ  ඇස් වියළීම වළක්වා ගන්න. – මේකත් කරන්න පුලුවන් නම් ඔන්න හොඳ වාසි ගේන දෙයක්. ඔෆිස් එකේදි විතරක් නෙවෙයි ගෙදරදි උනත් ඔයා ඉන්නෙ ඒසී කරපු තැනක නම් වතුර පුරවපු බඳුනක් කාමරේ තබා ගැනීමෙන් සම සහ ඇස් වියලීම සෑහෙන දුරට අඩු කරගන්න පුලුවන්.

මේ හැමදේම අතරෙම දවසකට මනුස්සයෙක් බොන්න ඕන තරම් ප්‍රමාණෙට වතුර බොන්න අමතක කරන්න එපා. විශේෂයෙන්ම මේ සීතල කාලවලට ඔයාගෙ සම වියලෙන එක වැඩි හන්දා වතුර වැඩිපුර බොන්න ඕන.

ඒවගේම ඔය හැම තිස්සෙම ඇරගෙන ෆේස්බුක් එකට ඔබ්බගෙන ඉන්න ඇස් දෙකටත් පොඩි ඉන්ටර්වල් එකක් දෙන්න ඕන බව අමතක කරන්න එපා. ඒ නිසා අනිවාර්‍යෙන්ම පැය 7 -8 ක හොඳ නින්දක් අරගන්න.

ඒ විදියට ඔය ඒසී නිසා වියලෙන ඇස් වලට විසඳුමක් අරගෙන එන්න ඔයාට පුලුවන් කම ලැබෙනවා.

ඉතින් හැමදේම දකින, විඳින, මම ලියන ඒව කියවන ඔයාගෙ ලස්සන ඇස් දෙක පරිස්සම් කරගන්න, අද ඉඳලම හොඳට මතක තියාගන්න.

Related Articles

Don't Miss


Latest Articles