වද මල් වලින් සුන්දර කෙස් කළඹක්

වදමල් හෙවත් සපත්තු මල් (hibiscus)  යනු ලංකාවේ සුලබ මල් වර්ගයක්. බොහෝදෙනා නොදන්නවා වුවත් වදමල් ඖෂධීය ගණයෙන් අනූනයි. වදමල් සහ  කොළ දෙවර්ගයම ගුණයෙන් පිරිපුන්.  විෂේශයෙන්ම රුව රැකීමට යොදාගත හැකියි. වියළි, තෙල් සහිත ආදී ඒනෑම හිසකෙස් වර්ගයක් ආරක්ෂාකරගන්නටත් උපයෝගි කොටගතහැක. වදමල් සාරයෙහි ඇති විටමින් C,  riboflavin, කැල්සියම්, phosphorous කෙස් කළඹ රැක දෙයි. ක්ෂණික ප්‍රතිඵල ලබාදෙන hair masks දෙකක් වදමල් යොදාගෙන සකසාගමු.

හිස කෙස් නැවත වැවීමේ සත්කාරය

වේලා කුඩුකරගත් වදමල් පෙති තේ හැඳි 5ක් ඔලිව් තෙල් සහ ජලය ස්වල්පයක දියකර තලපයක් සාදාගන්න. හිසකෙස්වල මුල සිට අගට ආලේපකර විනාඩි 15ක් තබා ඇල් වතුර යොදා සෝදාහරින්න.

හිස කෙස් ශක්තිමත් කිරීමේ සත්කාරය

වේලා කුඩුකරගත් වදමල් පෙති අවුන්ස 3, කෝමාරිකා සාරය තේ හැඳි 6, පැණි, යෝගට් සහ පොල් තෙල් තේ හැඳි 3 බැඟින් ද ගෙන හොඳින් මිශ්‍රකරගන්න. එය හිසකෙස්වල හොඳින් ආලේපකර විනාඩි 30ක් පමණ shower cap දමා ආවරණයකර තබන්න. ඇල්වතුරින් සෝදාහරින්න. සතියට දෙවරක් භාවිතාකිරීමෙන් දීප්තිමත් කෙස්කළඹක් ඔබට ලබාගත හැකිවණු ඇත.

වැටේ නිකම් වැවෙන වදමල්වලින් නොමිලයේම රුව වඩන්න කෙතරම් ලේසියෙන් උපාරකරගත හැකිද?

 – කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles