ජීවිතයට වටිනාකමක් එක් කරන කතාවක්..

ජීවිතය විටින් විට විවිධ කුණාටුවලට හසු වනවා.නමුත් කුණාටු සදාකාලික වන්නේ නැහැ.අසීරු සමයක ජීවත් වීමෙන් අප ලබන පන්නරය අපගේ අනාගතය සරුසාර කරනු නියතයි.ඉතින් ජීවිතයේ ගැඹුරු ඉසව් ස්පර්ශ කරමින් බුද්ධිය අවදි කරවන මේ කතා අපට ජීවිතය පිළිබඳ නැවුම් මානයක් කියාදෙනවා.
කර්තෘ නොදන්නා මුත් අපගේ ගෞරවය ඔහු වෙත පුදමු.

විශ්වවිද්‍යාලයීය උපාධිධාරීන් පිරිසක් දිනක් තමන්ගේ පැරණි විශ්‍රාමික මහාචාර්යවරයා බැලීම සදහා පිටත් වුණා.

මොවුන් සියලුදෙනාම වෘත්තීයමය වශයෙන් ඉතා ඉහළ මට්ටම්වල රැකියාවල නිරත වූවන්.

මොවුන්ගේ පැමිණීමෙන් වයසක මහාචාර්යවරයා ඉතාමත් සතුටට පත්වුනා.

ඔවුන් ආගිය තොරතුරු කතාකලා.

ක්‍රමානුකූලව ඔවුන් කතාකල මාතෘකාව රැකියාව සහ ජීවිතය ඒ ආශ්‍රිතව ඇතිවන මානසික පීඩනය දෙසට යොමු වුණා.

රැකියාව සහ ජීවිතය පිළිබඳව ඔවුන් මුහුණ දෙන ගැටලුකාරී තත්වයන් සාකච්ඡා කළා.

මේ අවස්ථාවේදී කෝපි පානය කිරීමට සියලු දෙනාටම ආරාධනා කළ මහාචාර්යවරයා මුලුතැන්ගෙයට ගොස් විශාල කෝපි ප්ලාස්කුවක් රැගෙන ආවා.

එමෙන්ම විවිධ වර්ගවල කෝප්ප එකතුවක් සහිත ට්‍රේ එකක් ද කෝපි ප්ලාස්කුව අසලින් ගෙනැවිත් තැබුවා.

එහි පෝල්සිලේන්,ප්ලාස්ටික්,වීදුරු සහ ක්‍රිස්ටල් ආදී විවිධ වර්ගවල කෝප්ප අසුරා තිබුනා.

සමහරක් කෝප්ප ඉතාමත් මිල අධික ඒවා වූ අතර අනිත්වා බාල මට්ටමේ කෝප්ප උනා.

තම තමන් වෙනුවෙන් කෝපි පිලියෙල කරගන්නා ලෙස මහාචාර්යවරයා සියලුමදෙනාට ආරාධනා කළා.

සියලුමදෙනා තම තමන්ගේ කෝපි කෝප්ප පිලියෙල කරගැනීමෙන් අනතුරුව මහාචාර්යවරයා මෙසේ පැවසූවා.

“ඔබට නිරීක්ෂණය කරන්න පුලුවනිද මෙතන තිබුනු සියලුම මිල අධික දැකුම්කලු කෝප්ප ඔබ කෝපි පානය සදහා පාවිච්චි කරල තියෙනව කියල.
ඒ වගේම මිලෙන් අඩු බාල කෝප්ප සියල්ලම මේසය මත ඉතිරිවෙලා”

සියලුමදෙනා සිනහවකින් යුතුව එය අනුමත කළා.

මහාචාර්යවරයා තවදුරටත් කතා කළා.

“ඔබ සියලුමදෙනාටම අවශ්‍ය කරන්නෙ හොඳම දේ, ඒ වගේම මිලෙන් අධිකම දේ,
අන්න ඒ නිසයි ඔබ හොඳම කෝප්ප තෝරගත්තෙ,”

ඔහු මෙසේ ද පැවසූවා.

“අන්න ඒ නිසයි ඔබ රැකියාවේදී සහ ජීවිතයේදී බොහෝ මානසික පීඩනයන්ට ලක්වෙන්නෙ”

“හොඳින් තේරුම්ගන්න,
කෝප්පයේ මිල,හැඩය හෝ ප්‍රමාණය කවදාවත් කෝපිවල රසයට බලපෑමක් ඇතිකරන්නෙ නෑ.
ඒ වගේම කෝප්පය කොච්චර මිල අධික උනත් අපි බොන දෙය සඟවලයි තියාගන්නෙ.”

සිසුන් මහාචාර්යවරයා දෙස බලා සිටියා.

“ඇත්තටම ඔබට අවශ්‍ය වුණේ කෝපි පානය කරන්න.
ඒත් නොදැනුවත්වම ඔබ තෝරගත්තෙ මිල අධිකම කෝප්ප.”

ඔවුන් එවිට එකිනෙකාගේ කෝප්ප දෙස බලමින් සිටියා.

“දැන් සිතන්න”

මහාචාර්යවරයා සන්සුන්ව කතාකලා

“ජීවිතය කියන්නෙ කෝපි කියල,”

“ඒ වගේම රැකියාව,මුදල්,තානාන්තර සහ සමාජය කියන්නෙ කෝප්ප වලට කියල”

“මේ හැමදෙයක්ම ජීවිතය පවත්වාගෙන යන්න උපකාර වෙන ආධාරක පමණයි.

අපි අතේ තියෙන කෝප්පයේ වර්ගය කෝපි වල රසය හෝ ගුණාත්මකභාවය වෙනස්කරන්නෙ නෑ වගේමයි ඉහත මා සදහන් කළ දේවල්වලට අපේ ජීවිතය තීරණය කරන්නත් බෑ.”

“බොහෝ අවස්ථාවලදී අපි කෝප්පය පිළිබඳව අවධානය යොමුකරන්න ගිහින් කෝපි රසවිඳින්න අමතක කරනව.”

“ඒ වගේමයි ජීවිතයත්.”

“කෝපි රස විඳින්න,
කෝප්පය නෙවෙයි.”

ඒ වගේම ජීවිතයත්,
ජීවිතය රස විඳින්න,
රැකියාව ,නිලතල,මුදල් හෝ සමාජය නෙවෙයි”

Related Articles

Don't Miss


Latest Articles