සපත්තු වලට සම තුවාල වීම වලක්වාගමු

විවිධ ආකාරයේ විලාසිතා වල සපත්තු පළඳින ඔබට එන විශාල ම ගැටලුවක් තමයි ඔබේ දෙපා තුවාල වීම. සපත්තු වල රළු දාර වලට බොහෝ වේලාවක් ඔබේ දෙපා හසු වී තිබීම , ඉතා තද සපත්තු පැළඳීම සහ තවත් හේතු නිසා ඔබේ දෙපා තුවාල වන්නට හෝ කැපෙන්නට පුළුවන්. මේ තුවාල සහ තුවාල වල කැලැල් නිසා ඔබ තවත් පීඩාවට පත් වනවා.ඒ නිසාම සපත්තු නිසා ඔබේ දෙපා තුවාල වීම වලක්වා ගන්නට පුළුවන් උපක්‍රම කිහිපයක් ගැනයි අපි ඔබට කියන්න සුදානම් වෙන්නේ.

තෙල්

පොල්තෙල් , එඬරු තෙල් , ඔලිව් තෙල් වැනි තෙල් ස්වල්පයක් ඔබේ සපත්තු වල අභ්‍යන්තරයේ රළු දාර මත ගල්වන්න. එසේ දින කිහිපයක් කිරීමෙන් ඔබේ සම තුවාල වීම අවම කරනවා.

පෙට්‍රෝලියම් ජෙලි 

පෙට්‍රෝලියම් ජෙලි ඝන තට්ටුවක් ඔබේ සපත්තු වල ඇතුළත ඔබේ දෙපා ස්පර්ශ වන දාර මත ගල්වන්න.විශේෂයෙන්ම අලුත් සපත්තු සුමට ලෙස ලිස්සා යාමට මෙය උපකාරී වනවා. 

Adhesive pads

සමට එරෙහිව සිදුවන ඝර්ශණය අවම කිරීම සඳහා ඔබේ සපත්තු තුළ ඇලවිය හැකි ඇලවුම් පෑඩ් මේ වන විට වෙළෙඳ පොළේ තිබෙනවා. ඒවා ඔබේ සපත්තුවේ වළලුකරට ආසන්නයේ හෝ ඔබේ දෙපා කැපිය හැකි තරමේ රළු දාර සහිත ස්ථාන වලට අලවන්න.

අලුත් සපත්තු හුරු කරගන්න 

ඔබේ දෙපා කැපීමට හෝ තුවාල වීමකට ලක් විය හැක්කේ බොහෝ විට අලුත් සපත්තු මඟින්. එනිසා ඔබ අලුත් සපත්තු මිලදී ගත් විට එහෙමත් දිගු කාලයක් පැලඳ සිටීම ට පෙර නිවසේ නේ කුඩා වේලාවන් තුළ ඒවා පැළඳ සිටින්න උත්සාහ කරන්න. එවිට ඒවායේ තද ගතිය අඩුවී ඔබේ දෙපා තුවාල වීම වළක්වනවා.

මේස් පළඳින්න

සපත්තුවලට ඔබේ දෙපා තුවාල වීම වළක්වා ගන්න පුළුවන් හොදම ක්‍රමයක් තමයි මේක.ඔබ පලඳින මේස් වල ඝණකම වැඩි වන තරමට ඝර්ෂණය අඩු වනවා. ඒ නිසා ඔබේ දෙපා තුවාල වීමක් සිදු වන්නේ නැහැ. නමුත් මෙය කළ හැකි වන්නේ සපත්තු සඳහා පමණයි. විවිධ විලාසිතා වල සපත්තු සහ උත්සව අවස්ථාවලට පලඳින සපත්තු සඳහා නම් මෙය සාර්ථක ක්‍රමයක් නොවෙයි.

ප්ලාස්ටර් 

ඔබේ සපත්තු වල අභ්‍යන්තරයේ ඇති රළු දාර මත ප්ලාස්ටර් අලවන්න. මේ ක්‍රමය මගිනුත් එම දාර ඔබේ සම මත ගැටීම වළක්වා තුවාල වීම වළක්වනවා.

Baby powder 

ඔබ අලුත් සපත්තු මිළදී ගත් විට ඒ තුළට බේබි පවුඩර් ස්වල්පයක් ඉසින්න. මෙමගින් සපත්තුව අභ්‍යන්තරය සිනිඳු සහ මෘදු වන අතර ඝර්ෂණය හේතුවෙන් ඇතිවිය හැකි තුවාල සහ බිබිලි ඇතිවීම වළක්වනවා.

මෙවැනි ඉතාම සරල උපක්‍රම භාවිත කිරීම මඟින් ඔබට ඕනෑම සපත්තුවක් ඉතා පහසුවෙන් , දිගු වෙලාවක් පුරාවට පැළඳ සිටීමේ හැකියාව තියෙනවා. 

Related Articles

Don't Miss


Latest Articles