ස්ථුලතාවය ගැන අලුතෙන් දැනගන්න

”මම එන්න එන්නම මහත් වෙනවා .කොච්චර ව්‍යායායාම් කලත් ,කෑම පාලනය කලත් වැඩක් නැහැ ,පොඩ්ඩක්වත් බර අඩුවෙන්නේ නැහැ ” ඔබත් මෙවැනි මැසිවිලි ඇතිතරම් අහලා තියෙනවා නේද ?සමහරවිට මේ අත් දැකීම ඔබේ ම එකක් වෙන්නත් පුළුවන්.

තරබාරුව ,එහෙම නැත්තම් ස්ථුලතාවය නිසා ලෝකයේ බොහෝ මිනිසුන් අපහසුවට පත් වී සිටිනවා .රුපලාවන්‍යයට පමණක් නොව හර්දයාබාධ ,අධි රුධිර පීඩනය ,දියවැඩියාව , ඇතුළු බෝ නොවන රෝග රැසකට තරබාරුව හේතු වෙනවා .ඉතින් අපි පසුගිය ජුනි මාසයේ ස්වීඩනයේ පැවති ස්ථුලතාව පිලිබඳ ලෝක සම්මේලනයේදී කතා බහ වුනු දේවල් ටිකක් දැන ගනිමු.

  • සමාජ සාධකත් ස්ථුලතාවයට හේතුවක්
    ස්ථුලතාවයට බලපාන්නේ ආහාර පුරුදු හෝ ව්‍යායාම මඳකම හෝ වැනි සාධක පමණක් නොවන බව මේ වන විට පෙනීගොස් තිබෙනවා .ජානමය සාධක ,සමාජ සාධක ,රසායනික සාධක වැනි තවත් සාධක හේතු වී ඇති බව අධ්‍යනය පෙන්වා දෙනවා .ඒ නිසා තව දුරටත් ආහාර පාලනය සහ ව්‍යායම් පමණක් මඟින් ස්ථුලතාව මට්ටු කිරීමට උත්සාහ කිරීම ප්‍රතිඵල දායක නොවනු ඇති . පරිසරයට මුසුවන රසායන ද්‍රව්‍ය ආහාර දාම ඔස්සේ දේහ ගතවී ,දේහයේ හෝමෝන සමතුලිතතාවය අවුල් කරනවා .සමහර රසයන් ද්‍රව්‍ය හේතුවෙන් කුස පිරුණද,කුස නොපිරි ඇති වගට මොලයට දැනුම් දෙනවා .අධික ෆ්රක්ටෝස් සාන්ද්‍රණයක් ඇති කෝන් සිරප් වර්ග මේද සයිල පරිමාව වැඩි කරනවා .
  • ස්ථුලතාවය රෝගයක්ද
    2013 වසරේදී ඇමරිකාවද ,2015 වසරේදී කැනඩාවද ,ස්ථුලතාව රෝගයක් ලෙස ප්‍රකාශයට පත් කළා . මේ ගැන නොයෙකුත් වාද විවාද පැවතුනත් ,මේ වන විට ලෝක සෞඛ්‍ය සංවිධානයද ස්ථුලතාව යනු රෝගයක් බව පිළිගන්නා තත්වයට පැමිණ සිටිනවා .පෘතුගාලයද මෙය රෝග තත්වයක් ලෙසට ප්‍රකාශ කල තවත් රටක් .
  • ස්ථුලතාවයට බෙහෙත් සහ සැත්කම්
    ආහාර ගැනීමේ රුචිය සහ කෑදර කම පාලනය කිරීම සඳහා දැන් බෙහෙත් වෙළඳ පලට පැමිණ තිබෙනවා .ආහාර ස්වල්පයක් ගත්තද තෘප්තිමත් බවක් මොළයට දැනවීම ,ආහාරයේ ඇති මේදය කොටස් අවශෝෂණය අඩු කිරීම ,ශක්තිය වැඩියෙන් දහනය කිරීම ,ආදී දෑ ඒ මඟින් සිදු කරනවා . මේ අතර ආමාශයේ පරිමාව අඩු කිරීම ,අන්ත්‍රයේ දිග අඩු කිරීම ,ආදී සැත්කම් ද සිදු වනවා .
  • මවුකිරි ලැබුණොත් ස්ථුල වෙන්නේ නැහැ
    පළමු මාස හයේ ඉතා හොඳින් මවුකිරි ලැබුන දරුවන් ස්ථුල රෝගයට ගොදුරු වීමේ අවධානම අඩු බව සොයාගෙන තිබෙනවා .ඒ වගේම කිරිපිටි කෘතීම ආහාරයක් බැවින් ඒවා අන්ත්‍ර වල ක්ෂුද්‍ර ජීවි ක්‍රියාකාරිත්වය අවුල් කර දමා ස්ථුලතාවයට මග පාදනවා .ගර්භනී සමයේදී මව බර අඩු කර ගැනීමටත් වග බලා ගත යුතුයි . ඒ වගේම ආහාර වේල් තුනකට පමණක් සිමා කිරීම ,රුපවාහිනිය නරඹමින් අවධානයකින් තොරව වැඩිපුර ආහාර ශරීර ගත කර ගැනීම ,ආදිය ගැනත් අප අවධානය යොමු කල යුතු වනවා.

චම්මි.

Related Articles

Don't Miss


Latest Articles