16/8 ඩයට් ප්ලෑන් එක කරලා ඉක්මනින් කෙට්ටු වෙන්න කැමති ඔබට සුදුසු ආහාර වර්ග.

Intermittent Fasting කියන්නේ සෑම දිනයක ම යම්කිසි කාල සීමාවක් ආහාර ගැනීමෙන් තොර ව සිටීමයි. ඔබට පහසුවක් වන්නට අපි අද Intermittent Fasting meal plan කිහිපයක් ගෙන එනවා. මතක තබා ගත යුතු කරුණක් තිබෙනවා. මේ සැලසුම ගොඩ නැගී ඇත්තේ ඔබ ආහාර ගන්නේ කොයි වෙලාවට ද යන කරුණ මතයි. ඔබ ආහාර ගන්නේ මොනවාද යන්නත් ඒ වගේ ම වැදගත් වනවා. ඔබ ආහාර ලබා ගන්නා කාල සීමාවේ දී ඔබට හිතකර මේද, ශුද්ධ ප්‍රෝටීන් සහ කාබෝහයිඩ්‍රේට් ගැන උනන්දු විය යුතුමයි.

ආරම්භක අවධියේ සිටින්නන් සඳහා Intermittent Fasting මූලික meal plan එක

ඔබ මුලින් ම, උදේ අටේ සිට හවස හය දක්වා කාලය තුළ ආහාර ගැනීම සුදුසුයි. මෙහිදී ඔබ පැය 14 ක් නිරාහාර ව සිටිනවා.

උදෑසන ආහාරය – උදේ අටට ස්මූති එකක්

අවශ්‍ය ද්‍රව්‍ය

අලිගැටපේර ගෙඩියක්

පොල්කිරි කෝප්පයක්

නිවිති කොළ කෝප්පයක්

මිදි ගෙඩි කිහිපයක්

චියා ඇට මේස හැන්දක්

සියල්ල බ්ලෙන්ඩර් එකකට දමා අඹරා පානය කරන්න.

දිවා ආහාරය – දවල් දොළහට කුකුල් මස් පැටී එකක්

අවශ්‍ය ද්‍රව්‍ය

අඹරා ගත් චිකන් ග්‍රෑම් දෙසීයක්

අඹරා ගත් සුදුලූණු දෙකක්

කුඩාවට කැපූ කරපිංචා ටිකක්

ලුණු සහ ගම්මිරිස්

තෙල් ස්වල්පයක්

තෙල් හැර සියල්ල එකට දමා අනාගෙන, රොටියක් සේ වඩාගන්න. පෑන් එකකට තෙල් ස්වල්පයක් දමා දෙපැත්ත හොඳින් ඉදෙන සේ බැදගන්න.

සවස අමතර ආහාරය – සවස දෙක හමාරට Cinnamon Fat Bombs

අවශ්‍ය ද්‍රව්‍ය

පොල්ක්‍රීම් කෝප්ප බාගයක්

කුරුඳු කුඩු තේ හැන්දක්

පොල්තෙල් මේස හැන්දක්

ආමන්ඩ් බටර් මේස හැඳි දෙකක්

පොල් ක්‍රීම් සමග කුරුඳු තේ හැඳි බාගයක් හොඳින් මිශ්‍ර කර ගන්න. එය බඳුනක තුනී කරගන්න. කුරුඳු තේ හැඳි බාගයක් සමග ආමන්ඩ් බටර් සහ පොල්තෙල් ස්වල්පය කලවම් කර පොල්ක්‍රීම් මිශ්‍රණය මත තවරන්න. විනාඩි 10ක් ශීතකරණයේ තබා කෑලි කපා ආහාරයට ගන්න.

රාත්‍රී ආහාරය – සවස පහයි තිහට මාලු සහ එළවලු සලාදය

අවශ්‍ය ද්‍රව්‍ය

තැම්බූ මාලු ග්‍රෑම් දෙසීයක් පමණ

කුඩාවට කැපූ එළවලු කෝප්ප බාගයක්

ඔලිව් ඔයිල් මේස හැන්දක්

දෙහි යුෂ ස්වල්පයක්

ලුණු සහ ගම්මිරිස්

ඉහත සියල්ල හොඳින් කලවම් කර ආහාරයට ගන්න.

මධ්‍යම අවධියේ සිටින්නන් සඳහා Intermittent Fasting meal plan එක

මෙම සැලසුමේ දී ඔබ දවල් දොළහේ සිට හවස හය දක්වා ආහාර ගන්නා අතර, පැය 18ක් ආහාර ගැනීමෙන් වැළකී සිටීම කළ යුතුයි. හැකිතාක් ජලය පානය කළ යුතුයි.

ඔබට ජලය වෙනුවට හර්බල් ටී එකක් ගන්නටත් පුලුවන්.

ඔබ වැඩි වෙලාවක් නිරාහාරව සිටිනා නිසා හිතකර මේද ගැන ලොකු අවධානයක් ලබා දෙන්නට ඕනේ. ඒ අනුව දිවා ආහාරයට කුකුල්මස් පැටී එකක් සමග අලිගැටපේර ගෙඩියක් ද ආහාරයට ගන්නට ඔබට හැකියාව තිබෙනවා.

සවස අමතර ආහාරය ලෙස රටකජු ස්වල්පයක් ගන්නට පුලුවන්.

රාත්‍රී ආහාරය ලෙස මාලු සහ එළවලු සලාදයක් ලබාගත හැකියි.

5-2 Intermittent fasting meal plan

මෙහිදී ඔබ දවස් පහක් ආහාර ලබා ගන්නා අතර දවස් දෙකක් නිරාහාරව සිටීම සිදු කරනවා. එම දින කවදාද යන්න ඔබට තීරණය කරන්නට පුලුවන්.

මතක තබා ගත යුතු කරුණ වන්නේ මෙය මූලික අදියරේ සිටින්නන් කිසිසේත් නොකළ යුතු එකක් බවයි.

මෙහිදී ඔබට හිතකර මේද, ශුද්ධ මාංශ ආහාර, එළවලු සහ පලතුරු සමග ඔබේ ආහාර පාලනය සිදු කළ හැකියි.

අනිවාර්යයෙන් ප්‍රමාණවත් තරම් ජලය පානය කළ යුතුමයි.

පහත දැක්වෙන්නේ ඔබට දළ අදහසක් ගත හැකි සැලසුමක්

  • සඳුදා – නිරාහාර දවස
  • අඟහරුවාදා – හිතකර මේද, ශුද්ධ මාංශ ආහාර, එළවලු සහ පලතුරු සපිරි ආහාර වේලක්
  • බදාදා – හිතකර මේද, ශුද්ධ මාංශ ආහාර, එළවලු සහ පලතුරු සපිරි ආහාර වේලක්
  • බ්‍රහස්පතින්දා – නිරාහාර දවස
  • සිකුරාදා – හිතකර මේද, ශුද්ධ මාංශ ආහාර, එළවලු සහ පලතුරු සපිරි ආහාර වේලක්
  • සෙනසුරාදා – හිතකර මේද, ශුද්ධ මාංශ ආහාර, එළවලු සහ පලතුරු සපිරි ආහාර වේලක්
  • ඉරිදා – හිතකර මේද, ශුද්ධ මාංශ ආහාර, එළවලු සහ පලතුරු සපිරි ආහාර වේලක්
  • සංකීර්ණ Intermittent Fasting meal Plan (දිනක් හැර දිනක්)

මෙම තොරතුරුවලින් ඔබට Intermittent fasting කිරීමේදී ආහාර සැලසුම් කරන්නේ කෙසේද යන වග පිළිබඳ මනා අවබෝධයක් ලැබෙන්නට ඇති බව අප විශ්වාස කරනවා. මූලික අදියරෙන් පටන් ගෙන ක්‍රමයෙන් සංකීර්ණ අදියර දක්වා යෑමෙන් ඔබට විශාල ප්‍රතිඵලයක් අත්කර ගත හැකියි. 

මෙය නීතියක් නොවෙයි. සමහර අවස්ථාවලදී නිරාහාර ව නොසිටින ලෙස ඔබේ සිරුර ඔබෙන් ඉල්ලා සිටිනවා. එවන් අවස්ථාවලදී ඔබ සියල්ලට පෙර සිරුරට ඇහුම්කන් දිය යුතුයි.

Related Articles

Don't Miss


Latest Articles